Q. නිවන් දැකීමට කැමති කෙනෙක් එදිනෙදා කටයුතු කරන විට මෙනෙහි කල යුතු මනසිකාර මොනවාද?
A. 1. >අනිත්‍යයි< - ඉතා වේගයෙන් වෙනස් වන - “සංඛත” ධර්ම නොදැකීමෙන් “නිත්‍ය” යැයි පෙනෙන.
2. >දුකයි< - නිතර ම උදය-ව්‍යයෙන් පීඩා විඳින - “කෙලෙසුන්ට හිත” ස්පර්ශ නිසා “සැප” යැයි පෙනෙන.
3. >අනාත්මයි< - අනිත්‍ය වීම හෝ දුක් වීම හෝ (තමාට) පාලනය කළ නොහැක - “ධර්ම” නිසා (තමාට) පාලනය කළ හැක (“ආත්ම”) යැයි පෙනෙන.
4. >අශුභයි< - “පැහැ-සටහන” තදින් ගැනීම නිසා “ශුභයි” යැයි පෙනෙන.
5. >මගේ නොවේ< - “තණ්හාව” නිසා “මාගේ” යැයි සිතෙන.
6. >මම නොවෙයි< - “මානය” නිසා “මම” යැයි සිතෙන.
7. >මගේ ආත්මය නොවෙයි< - “දිට්ඨිය” නිසා “මගේ ආත්මය” යැයි දකින.
8. >සත්ත්වයෙක් නොවෙයි< - “දිට්ඨිය” නිසා “සත්ත්වයෙක්” යැයි දකින.
9. >පුද්ගලයෙක් නොවේ< - “දිට්ඨිය” නිසා “පුද්ගලයෙක්” යැයි දකින.
10. >මම නොවේ< - “දිට්ඨිය” නිසා “මම” යැයි දකින.
>මෙනෙහි කළ යුතු කොටස<
A. 1. >අනිත්‍යයි< - ඉතා වේගයෙන් වෙනස් වන - “සංඛත” ධර්ම නොදැකීමෙන් “නිත්‍ය” යැයි පෙනෙන.
2. >දුකයි< - නිතර ම උදය-ව්‍යයෙන් පීඩා විඳින - “කෙලෙසුන්ට හිත” ස්පර්ශ නිසා “සැප” යැයි පෙනෙන.
3. >අනාත්මයි< - අනිත්‍ය වීම හෝ දුක් වීම හෝ (තමාට) පාලනය කළ නොහැක - “ධර්ම” නිසා (තමාට) පාලනය කළ හැක (“ආත්ම”) යැයි පෙනෙන.
4. >අශුභයි< - “පැහැ-සටහන” තදින් ගැනීම නිසා “ශුභයි” යැයි පෙනෙන.
5. >මගේ නොවේ< - “තණ්හාව” නිසා “මාගේ” යැයි සිතෙන.
6. >මම නොවෙයි< - “මානය” නිසා “මම” යැයි සිතෙන.
7. >මගේ ආත්මය නොවෙයි< - “දිට්ඨිය” නිසා “මගේ ආත්මය” යැයි දකින.
8. >සත්ත්වයෙක් නොවෙයි< - “දිට්ඨිය” නිසා “සත්ත්වයෙක්” යැයි දකින.
9. >පුද්ගලයෙක් නොවේ< - “දිට්ඨිය” නිසා “පුද්ගලයෙක්” යැයි දකින.
10. >මම නොවේ< - “දිට්ඨිය” නිසා “මම” යැයි දකින.
>මෙනෙහි කළ යුතු කොටස<
- එක් අර්ථයක් හා/හෝ සත්‍ය නොදැකීමට හේතුව කුඩා පැහැදිලි කිරීමක්.
“දිට්ඨිය” = මිත්‍යා දෘෂ්ටිය = සක්කාය දෘෂ්ටිය.
[සැ: යු: ඉහත සියලු ම ලක්ෂණ (ගති ස්වභාව) “පංචස්කන්ධය” සම්බන්ධයෙන් ය - උදා: 1. අනිත්‍යයි = අනිත්‍ය වෙන්නේ පංචස්කන්ධය යි .... 10. මම නොවේ = මම නොවන්නේ පංචස්කන්ධය යි, ලෙසිනි.
වචන භාවිතා කිරීමේ දී / මෙනෙහි කිරීමේ දී ඒවායේ අර්ථය සමඟ භාවිතා කිරීම අත්‍යවශ්‍ය බැවින්, ඒ ඒ වචනයට එක් අර්ථයක් හා/හෝ සත්‍ය නොදැකීමට හේතුව කුඩා පැහැදිලි කිරීමක් බැගින් හෝ ලබා දී ඇති අතර,
වචනයකට අර්ථ කිහිපයක් ම දැක්විය හැක. උදා: 2. දුකයි = සියලුම දුක් ඇතිවන තැන; පරිහරණයේ දුක්; ආරක්ෂා කිරීමට වන දුක් ආදිය 3. අනාත්මයි = කරන්නෙක් නොවේ; විඳින්නෙක් නොවේ; ස්ථිර බලයක්/බලවේගයක් නොවේ; කෙනෙක් නොවේ ආදිය.
වචනයක සම්පූර්ණ අර්ථය සිතට හසු වීමට “සිතේ ප්‍රභාශ්වර භාවය”, “දහම් දැනුමේ” ප්‍රමාණය, “චරිත ස්වභාවය” ආදිය බලපායි.]
{"මම" යැයි සිතෙන්නට “මානය” හෝ “දිට්ඨිය” (6. හෝ 10.) යෙදිය යුතු බව පැහැදිලි විය යුතු ය.}
{3. සඳහා ද 7. 8. 9. 10. සඳහා දී ඇති අරුත් භාවිතා කළ හැක.}
{“දිට්ඨිය” = මිත්‍යා දෘෂ්ටිය = සක්කාය දෘෂ්ටිය, ඉහත බොහෝ මනසිකාරයන් තුළිං පහව යන බව ද පැහැදිලි විය යුතු ය.}
A. “මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.
“කවර පසක්ද යත්, අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය යන පසයි.
“මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.”
https://pitaka.lk/main?n=30161
https://pitaka.lk/main?n=30162
“මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
“ඒ සත කවරේද? අශුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි පිළිකුල් සංඥාව, සියලු ලෝකයෙහි නොඇළුන සංඥාව. අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක් සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති. මෙසේ යමක් වදාරණ ලද්දේද, එය කුමක් සඳහා වදාරණ ලද්දේද යත්?
“මහණෙනි, අශුභ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ මෛථුන ධර්‍මයට එක්විම කෙරෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට අශූභ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, මෛථුන ධර්‍මයට එක් වීම කෙරෙහි සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් අශුභ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, මෛථුන ධර්ම සමාපත්තියෙහි සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, අශුභ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, මරණ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ ජීවිතය පිළිබඳ බලවත් ආශාවෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට මරණ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ජීවිතය පිළිබඳ බලවත් ආශාවෙන් කෙරෙහි සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් මරණ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් මරණ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, ජීවිතය පිලිබඳ බලවත් ආශාවෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් මරණ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මරණ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ රස තෘෂ්ණාවෙහි සිත හඟවයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි. මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, රස තෘෂ්ණාවෙහි සිත හඟවයි. සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, රස තෘෂ්ණාවෙහි සිත හඟවයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කරණ ලද්දේ)ඩස’ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ ලෝකය පිළිබඳ සිත්හි සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි. මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ලෝකය පිළිබඳ සිත්හි සිත සැඟවෙයි. පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, ලෝකය පිළිබඳ සිත්හි සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දේ, බහුල වශයෙන් වඩන ලද්දේ, මහත් ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද යත්? මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දාවූ, බහුල වශයෙන් වඩන ලද්දාවූ භික්‍ෂුවගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ භය සංඥාව එළඹ සිටියේ වෙයි. ඔසවන ලද කඩුව ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරමින්, සිතින් බහුලකොට පුරුදු කරන්නහුගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ භය සංඥාවෙහි එළඹ නොසිටියේ වෙයි. ඔසවන ලද කඩුවක් ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා වෙනසක් නැත. මාගේ භාවනා ඵලය නොපැමිණෙන ලදි.’ මෙසේ එහි මනා සිත් ඇත්තේ වෙයි.
“මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දාවූ, බහුල වශයෙන් වඩන ලද්දාවූ භික්‍ෂුවගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ බිය සංඥාව එළඹ සිටියේ වෙයි. ඔසවන ලද කඩුව ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලදී. පෙරට වඩා අනිකුදු විශේෂයක් මාගේ ඇත. මාගේ භාවනා ඵලයට පැමිණෙන ලදි.’ මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දේ, බහුල වශයෙන් වඩන ලද්දේ, මහත් ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද යත්?
“මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වඩන ලද්දේ, බහුල වශයෙන් වඩන ලද්දේ, මහත්ඵල වූයේ, මහානිශංසවූයේ, නිර්‍වාණයට බැසගත්තේ, නිර්‍වාණය කෙළවරකොට ඇත්තේ වෙයි. මෙසේ යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, දුක්ඛයෙහි අනත්ත සංඥාව භාවිතා කරණ ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, කුමක් සඳහා එය වදාරණ ලද්දේද යත්? දුක්ඛයෙහි අනත්ත සංඥාව පුරුදු කරණ ලද සිතින් බහුලකොට ගෙන වසන්නාවූ භික්‍ෂුවට මේ විඤ්ඤාණය (-සිත) සහිත කයෙහිද, පිටත සියලු නිමිතිවලද, මානය ඉක්මවූ ශාන්තවූ, මනාකොට මුදන ලද අහංකාරය මමය යන මාන්නය යන මෙයින් වෙන්වූ සිත ඇත්තේ වෙයි. ඉදින් මහණෙනි, දුකෙහි අනත්ත සංඥාව පුරුදු කරණ ලද්දාවූ සිතින් බහුල වශයෙන් ගෙන වසන්නාවු භික්‍ෂුවට මේ සවිඤ්ඤානක ශරීරයෙහිද, පිටත සියලු නිමිතිවලද, මානය ඉක්මවූ, ශාන්තවූ, මනාකොට ක්ලේශයන්ගෙන් මුදනලද අහංකාරය මමය යන මාන්නය යන මෙයින් වෙන්වූ සිත ඇත්තේ නොවෙයි.
“මහණෙනි, භික්‍ෂුව විසින් මේ කාරණය දැනගත යුතුය. ‘මා විසින් දුක්ඛයෙහි අනත්ත සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක්ද නැත. මා විසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.’ ඉදින් වනාහි මහණෙනි, දුකෙහි අනත්ත සංඥාව මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරමින්, සිතින් බහුලකොට පුරුදු කරන්නහුගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ භය සංඥාවෙහි එළඹ නොසිටියේ වෙයි. ඔසවන ලද කඩුවක් ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මා විසින් දුක්ඛයෙහි අනත්ත සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක්ද ඇත. මා විසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුවෙනි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. “මහණෙනි, දුක්ඛයෙහි අනත්ත සංඥාව භාවිතා කරණ ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, එය මේ සඳහා වදාරණ ලදී.
“මහණෙනි, මේ සප්ත සංඥාවෝ වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිර්‍වාණයට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි.”
https://pitaka.lk/main?n=32146
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
“ඒ නවය කවරහුද යත්? අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුක්ඛයෙහි අනාත්ම සංඥාවය, පහාණ සංඥාවය, විරාග සංඥාවය යනුයි.
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.”
https://pitaka.lk/main?n=34116
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අශුභ හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක් යන සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව, ප්‍රහාන සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.”
https://pitaka.lk/main?n=35156
“මහණ, මේ ලෝකයෙහි ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙම රූපය තමායයි හෝ දකියි. තමා රූපය
ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපයෙහි තමා
ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමායයි කියා හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා
හෝ දකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි
කියා හෝ දකියි. සංඥාව තමායයි කියා හෝ තමා සංඥාව ඇත්තෙක කියා හෝ තමා කෙරෙහි සංඥාව
ඇත්තේය කියා හෝ සංඥාව කෙරෙහි තමා ඇත්තේය කියා හෝ දකියි. සංස්කාරය තමායයි කියා හෝ
දකියි. තමා සංස්කාර ඇත්තෙක කියා හෝ සංස්කාර කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි
සංස්කාර ඇත්තේය කියා හෝ දකියි. විඤ්ඤාණය තමා කියා හෝ දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙක
කියා හෝ විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේය කියා හෝ
දකියි. මහණ, මෙසේ වනාහි සත්කායදෘෂ්ටිය වේයයි”
වදාළේය.
“ස්වාමීනි, කෙසේ නම් සත්කායදෘෂ්ටිය නොවේද?”
“මහණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුනාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙම
රූපය තමායයි නොදකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය
ඇත්තේයයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව තමායයි
නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි හෝ
නොදකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව තමායයි නොදකියි. තමා සංඥාව
ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව කෙරෙහි තමා
ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් තමායයි නොදකියි. තමා සංස්කාරයන් ඇත්තෙකැයි හෝ
නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් කෙරෙහි තමා
ඇත්තේයයි හෝ නොදකියි. විඥානය තමායයි නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි.
තමා කෙරෙහි විඥානය ඇත්තේයයි හෝ නොදකියි. විඥානය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි.
මහණ, මෙසේ වනාහි සත්කායදෘෂ්ටිය නොවේයයි”
වදාළේය. ...}
චත්තාරෝ විපරියේසා - https://tipitaka.app/?a=jp1-1951-si"
“6–17. එහි අනිත්‍යසංඥා කවර යත් : "සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ'යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්ද යි.
එහි දුඃඛසංඥා කවර යත් : "සියලු සංස්කාරයෝ දුක් වූහ'යි යම් සංඥාවක් දන්නා අයුරක් නිශ්චය කිරීමෙන් දැඩිව ගැනීමෙක් වේ ද, මේ දුඃඛසංඥා'යි. එහි නිෂ්‍යන්ද කවරැ : දුඃඛසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අලසබැව්හි ප්‍රමාදයෙහි විස්මයෙහි ද සිත නො පිහිටයි, නො සිටී නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ දුඃඛසංඥාවගේ නිෂ්‍යන්ද යි.
එහි අනාත්මසංඥා කවරැ : 'සියලු ධර්මයෝ අනාත්මයෝ යයි යම් සංඥාවක් සඤ්ජනනා කාරයක් නිශ්චය කිරීමෙක් උද්ග්‍රාහකයෙක් වේ ද, මේ අනාත්මසංඥා යැ එහි නිෂ්‍යන්ද කවරෙ යැ: අනාත්මසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අහඞ්කාරය (මම යැ යන දෘෂ්ටිය) සිත අනුසන්ධාන නො කෙරෙයි. මාගේ යැ යන තෘෂ්ණාව නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ පිහිටයි. මේ ඒ අනාත්ම සංඥාවගේ නිෂ්‍යන්ද යි. ...
එහි නිත්‍යසංඥායෙහි අධිමුක්ති ඇති ඔබිනොබ සිත මෙහෙයවන සිහි නො එළවන්නහුට අනිත්‍යසංඥාව නො වටහයි, පස්කම්ගුණයෙහි සුඛාස්වාදයෙහි ඇලුණු පැවැතුම් ඇති (ලොභාදි) අගතිය නො සිතන්නහුට දුඃඛසංඥා නො වටහයි. ස්කන්ධ ධාතු ආයතනයන්හි ආත්ම යයි අධිමුක්ති ඇති නානාධාතු අනෙකධාතුවිනිර්භොගය නො සිතන්නහුට අනාත්මසංඥාව නො වටහයි. පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි.”
"6–24. එහි අනිත්‍යාර්ථ කවරෙ යත්: පීඩනස්වභාවය අනිත්‍යාර්ථ යැ, ප්‍රහඬ්ගාර්ථය සම්ප්‍රාපනාර්ථය විවෙකාර්ථය අනිත්‍යාර්ථ යැ. මේ අනිත්‍යාර්ථ යි.
එහි දුඃඛාර්ථ කවරෙ යත් : පීඩනාර්ථය දුඃඛාර්ථ යැ සම්පීඩනාර්ථය සංවෙගාර්ථය ව්‍යාබාධනාර්ථය දුඃඛාර්ථ යි. මේ දුඃඛාර්ථ යි.
එහි ශුන්‍යතාර්ථ කවරෙ යත් : අනුපලිප්තාර්ථය ශුන්‍යතාර්ථ යැ අසම්භජනාර්ථය විගතාර්ථය විවර්තාර්ථය ශුන්‍යතාර්ථ යැ, මේ ශුන්‍යතාර්ථ යි.
එහි අනාත්මාර්ථ කවරෙ යත් : ඓශ්චර්‍ය්‍ය රහිතාර්ථය අනාත්මාර්ථ යැ වශයෙහි නො පවත්නා ස්වභාව, කැමැතිසේ නො කළහැකි බව, (පරිවිදාර්ථය?) අනාත්මාර්ථ යැ. මේ අනාත්මාර්ථ වේ යයි."
"6–13 ... නිත්‍යසංඥාව සංඛතධර්මයන්ගේ අවිනාශග්‍රහණය ලක්ෂණ යැ, ඊට සියලු සංස්කාරයෝ පදට්ඨාන යි. සුඛසංඥාව සාස්‍රව ස්පර්ශයන් දැඩිව ගැනීම ලක්ෂණය යැ, ඊට මමංකාරය පදට්ඨාන යි. ආත්මසංඥාව ධර්ම විෂයෙහි දැඩිව ගැනීම ලක්ෂණ යැ, ඊට අහංකාරය පදට්ඨාන යි. ශුභසංඥාව පැහැසටහන මොනවට ගැනීම ලක්ෂණ යැ, ඊට ඉන්ද්‍රියාසංවරය පදට්ඨාන යි.”
https://www.thripitakaya.org/sutta/index/23648
https://tipitaka.app/?a=es5-31-si
“... නිත්‍ය සංඥාව (උත්පාදාදි) සඞ්ඛත ලක්ෂණ ඇති ධර්මයන් නුවණින් නොදැකීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඊට විඥානය පදට්ඨාන යැ. ආත්මසංඥාව අනිත්‍ය දුඃඛසංඥාවන් නොදැකීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඒ ආත්මසංඥාවට නාමකය පදට්ඨාන යි.”
http://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24038
https://tipitaka.app/?a=eq4-169-si
"මමඞ්කාරො පදට්ඨානං. ධම්මෙසු උපගමනලක්ඛණා අත්තසඤ්ඤා ¶, තස්සා අහඞ්කාරො"
“එසොහමස්මී”තිආදිනා අහංකරණං අහඞ්කාරො. “එතං මමා”ති මමංකරණං මමඞ්කාරො. තෙනාහ “අහඞ්කාරදිට්ඨිතො”තිආදි.
https://tipitaka.app/?a=ng4-32-si
"අහඞ්කාරමමඞ්කාරමානානුසයාති එත්ථ අහඞ්කාරො මානො, මමඞ්කාරො තණ්හා, ස්වෙව මානානුසයො."
https://pitaka.lk/main?n=20112&p=102
https://tipitaka.app/?a=gc1-33-si
අහඞ්කාරොති “සෙය්‍යොහමස්මී”තිආදිනා (ධ• ස• 1121, 1239; විභ• 832, 866; සං• නි• 4.108; මහානි• 21, 178) අහංකරණං. යෙන හි මමං කරොති, එතං මමඞ්කාරො. ස්වෙවාති “අහඞ්කාරො”ති වුත්තමානො.
https://tipitaka.app/?a=lc1-45-si
Searched = මමං
"PSමමgen. dat. of pers. pron. ahaṁ (q. v.) used quasi independently (as substitute for our "self -- ") in phrase mama -- y -- idaṁ Sn 806 thought of "this is mine," cp S i.14, i. e. egoism, belief in a real personal entity expld at Nd1 124 by maññanā conceit, illusion. Also in var. phrases with kṛ; in form mamaṁ˚;, viz. mamankāra etc. -- As adj. "self -- like, selfish" only neg amama unselfish Sn 220 (=mamatta -- virahita SnA 276); Pv iv.134 (=mamankāra -- virahita PvA 230) J iv.372; vi.259. See also amama, cp. māmaka."
"විශේෂ:- කුමක් මෙනෙහි නො කිරීමෙන් කුමකින් වැසුණු හෙයින් ලක්‍ෂණ නො වැටහේ ද යත්:- අනිත්‍ය ලක්‍ෂණය උදය-ව්‍යය මෙනෙහි නො කිරීමෙන්, සන්තතියෙන් වැසුණු හෙයින් නො වැටහේ. දුඃඛ ලක්‍ෂණය සංස්කාරයන් නිතර පීඩා කරන බව මෙනෙහි නො කිරීමෙන් සතර ඉරියව්වෙන් වැසුණු හෙයින් නොවැටහේ. අනාත්ම ලක්‍ෂණය නා නා ධාතූන් වෙන්කොට මෙනෙහි නො කිරීමෙන් ඝනයෙන් වැසුණු හෙයින් නො වැටහේ.
උදය-ව්‍යය මෙනෙහි කොට සන්තතිය ඉගිලවීමෙන් අනිත්‍ය ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහේ. සංස්කාරයන් නිතර නිතර පෙළෙන බව මෙනෙහි කොට ඉරියව්වෙන් වැසුණු බව ඉගිළ වූ කළ දුඃඛ ලක්‍ෂණය යථාස්වභාවයෙන් වැටහේ. පෘථිව්‍යාදි නා නා ධාතූන් විනිර්භෝග කොට ඝනය බිඳීම කළ කල්හි අනාත්ම ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහේ.
විස්තර:- අන්‍යොන්‍ය සම්බන්‍ධ රූප-අරූප ධර්‍මයන් එකක් වශයෙන් ගැනීම වූ සමූහ ඝනය ද, ඒ ඒ ධර්‍මයනට ප්‍රතිනියත කෘත්‍ය භේදයෙන් ඒකත්‍වයෙන් ගැනීම වූ කෘත්‍ය ඝනය ද, ඒ ආලම්බන සහිත ධර්‍මයන් ආලම්බන භේදයෙන් ඒකත්‍වයෙන් ගැනීම වූ ආලම්බන ඝනයදැ යි ඝනය ත්‍රිවිධ වේ. ‘මොහු හැම දෙන ම වෙන් වෙන්වැ ධාතු ආදී වශයෙන් වැටහෙන කල්හි අතින් පිරිමදින ලද පෙන පිඩක් සේ විනාශයට යෙති’යි ද ‘ප්‍රත්‍යය ලාභයෙන් පවත්නා ශූන්‍ය ධර්‍මමාත්‍රයැ’යි තතු සේ අනාත්ම ලක්‍ෂණය අතිශයින් ප්‍රකටවැ වැටහේ.
නැවත මෙහි අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, දුඃඛය, දුඃඛලක්‍ෂණය, අනාත්මය, අනාත්ම ලක්‍ෂණය යි මේ විභාගය දතයුතු. ඔවුනතුරින් අනිත්‍යය නම් ස්කන්‍ධ පඤ්චකය යි. කුමක් හෙයින් ද යත්:- විනාශය, අන්‍යථත්‍වය යන ස්වභාවය ඇති හෙයිනි. ඇතිවැ නැති වන හෙයින් හෝයි (මෙහි පූර්‍ව නයින් ජාති - ජරා - මරණ ස්වභාවයෙන් ද දෙවන නයින් මිහිකිරීම් - ව්‍යයවීම් ස්වභාවයෙන් ද අනිත්‍යය දැක්වූහ.)
උත්පාද-ව්‍යය අන්‍යථාත්‍වය (ජාති-ජරා-මරණ) යන මේ අනිත්‍ය ලක්‍ෂණය යි. ඉපිද නැතිවීමය යි කියන ලද ආකාර විකාරය හෝ අනිත්‍ය ලක්‍ෂණය යි.
“යදනිච්චං තං දුක්ඛඃ”[1] යමක් අනිත්‍ය නම් ඒ දුකැ යි’ වදාළ හෙයින් එම ස්කන්‍ධ පඤ්චකය ම නිරන්තරයෙන් පෙළන හෙයින් දුක් නම් වේ. ඒ නිතර පෙළෙන ආකාරය දුඃඛ ලක්‍ෂණය යැ.
“යසං දුක්ඛං තදනත්තා”1 යමක් දුක් නම් ඒ අනාත්මය යි වදාළ හෙයින් ඒ ස්කන්‍ධ පඤ්චකයම වශයෙනි නො පවත්නා හෙයින් අනාත්ම ලක්‍ෂණය යි."
https://pitaka.lk/books/vishuddhi-margaya/23-1.html