893. අට සිල් තියනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අට සිල් සඳහන් තැන කොතනද?

A. “පිටකත්‍රයේ කොතැනකවත් සඳහන් නො වන, අටුවා ටීකාවල සඳහන් නොවන පැරණි සිංහල බණ පොත්වල සඳහන් නොවන මේ ආජීවාෂ්ටමක ශීලයේ සිකපද අට කවර කලෙක කවුරු විසින් පිළියෙල කරන ලද දැයි එහි ඉතිහාසය නො දනිමු. සිකපද පිළියෙල කළ තැනැත්තාට එක් අවුලක් වී ඇති බව නම් පැහැදිලිය. දැනට භාවිත කරන ආජීවාෂ්ටමක ශීලයේ සිකපද යොදා ඇති පිළිවෙළ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයට නොගැලපේ. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයේ ශීලය දක්වා ඇත්තේ සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවෝ යි වාග්දුශ්චරිතයෙන් වැළකීම මුල්කොට ය. කායදුශ්චරිතයෙන් වැළකීම දෙවැනි තැනට ය. ඒ නිසා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනාව අනුව ආජීවාෂ්ටමක ශීලයේ සිකපද පිළියෙළ කරනවා නම්-

මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී, පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමෙසු මිච්ඡාචාරා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී යන පිළිවෙළට ය. පාණාතිපාතා වේරමණී යන්න මුලට ගෙන තිබෙන්නේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අනුව නොව පඤ්ච ශීලය අනුව යාමෙනි.

ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවීම, සමාදන් වීම අපේ පොත්වලට ද ඇතුළත් වී ඇත. එසේ වී තිබෙන්නේ බාල කාලයේ අප ඇසුරු කළ තෙරුන් වහන්සේලාගේ ඉගැන්වීම අපත් අවිචාරයෙන් පිළිගෙන සිටි බැවිනි. අපේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ දී ඒ ශීලය ඒවායින් ඉවත්කිරීමට උපදෙස් දී ඇත.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll