420. සතර පෙරනිමිති දැක්ක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qවයස 29ක් යනකම් සිදුහත් කුමරු මහල්ලෙක් සහ මල් කදක් (ආදිය) නොදුටුවේ කොහොමද?

A. “පෙනීම / දැකීම” හා “පෙරනිමිති දැකීම” අතර ගැඹුරු වෙනසක් ඇතිබව සිතේ.
අපට ද කොතෙකුත් ප්‍රඥාව අවධි කළ හැකි දර්ශන දැක්ක ද / පෙනුණ ද, අප ඒ දෙස ප්‍රඥාව අවධි වන අයුරින් බලනුයේ කොතරම් කලාතුරකින් ද?

එසේ ප්‍රඥාව අවධි වන අයුරින් බලන කල්හි ද, සිත ඒ තුළින් බැහැරට ගෙන යන බාහිර / අභ්‍යන්තර බාධක කොතරම් මතුවන්නේ ද?

බෝධිසත්ත්වයන්වහන්සේගේ ප්‍රඥාව / සමාධිය හෝ අන් කිසිවක් කිසිවෙකුට සමකළ නොහැකි බව නම් සත්‍යකි; බෝධිසත්ත්වයන්වහන්සේට පැමිණි බාධක ද අන් කිසිවෙකුට සමකළ නොහැකි ය.

(“ගිහි සැප” ද බාධකය කි). බෝධිසත්ත්වයන්වහන්සේගේ / බුදුන්වහන්සේගේ දිවිය පුරා ම පාහේ “මාරයා” ද පිටු පසින් (සෙවණැල්ලක් සේ ම) සිටි බව ද පෙනේ.

(“ලලිත විස්තරය” ආදිය නොසලකාහැර ම වුව) සතරපෙරනිමිති පෙන්වීම දෙවියන්ගේ කාර්යයක් බව ද සිතීම සාධාරණය.

මහබිනික්මනට (මහා අභිනිෂ්ක්‍රමණයට) සුදුසු කල පැමිණි කල පෙරනිමිති දැක්වීම / දැකීම දේවින්ගේ කාර්යයක් / ධර්මතාවයක් ම විය නොහැකි ද?
(වෙන කිසිදු දිනකට වඩා ගැඹුරු ප්‍රඥාවකින් / දර්ශනයකින් ඒවා ගැන එවිට නුවණ මෙහෙය වෙනවා ද විය නො හැකි ද?)

මහබිනික්මනට (මහා අභිනිෂ්ක්‍රමණයට) පෙර, සතරපෙරනිමිති දැකීම සියලු බෝධිසත්ත්වයන්වහන්සේගේ / බුදුන්වහන්සේගේ ධර්මතාවයක් බව ද පෙනේ.

{සතර පෙරනිමිති ගැන ගැටලු:

1) වයස 29ක් යනකම් සිදුහත් කුමරු මහල්ලෙක් සහ මල් කදක් නොදුටුවේ කොහොමද?

2) සුද්ධෝදන රජතුමාට හෝ ගෝතමී දේවියට මවක් හෝ පියෙක් ජීවතුන් අතර සිටියේ නැද්ද? සිදුහත් කුමරු සිය සීයා හෝ ආච්චි වසර 29ක් තෙක් නොදුටුවාද?

3) අටුවාවට අනුව සිදුහත් කුමරු උපදින විට මයා දේවිය වසර 45ත් 55ත් අතර මැදියම් වියේ සිටියේ. එසේනම් සුද්ධෝදන රජතුමා ඊට වයස්ගත විනා බාල විය නොහැක. ගෝතමී දේවිය ද සිය සොහොයුරියට වඩා වැඩිම වුණොත් අවුරුදු 10ක් ලාබාල විය හැක. So add 29 years to this (assuming average age of 45 for any of these royal family members at the time of birth of Prince Siddhartha) (29+45=74)

4) එතකොට සිදුහත් කුමරු උපදින විට සුද්ධෝදන රජතුමාට වයස 45ක් නම් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යන විට පියාට වයස අවම 74යි. If the king was 55 when the prince was born (which is more likely the case then he would have been 84)

එතකොට අවුරුදු 74ත් 84ත් වයස ඇති පියා තුලින් මහල්ලෙක් නොදුටූවේ කෙසේ ද?

එකල දීර්ඝ ආයුෂ තිබුණද, officially මහලු වයස ලෙස සැලකුවේ වයස 80න් එපිට අය පමණ අය වුවද, බුද්ධ වචනයට අනුව බුදු හාමුදුරුවෝ ම වයස 79 දි කියනවා දැන් මාගේ ශරීරය දිරාගිය කරත්තයක් වැනිය කියා.

එතකොට අවම වශයෙන් සුද්ධෝදන රජතුමා තුලින් සිදුහත් කුමරු මහල්ලෙක් නොදුටුවේ කෙසේ ද?}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll