699. බලවත් ම / දුබල ම අකුසල මූලය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රාග, ද්වේශ, මෝහ යන අකුසල් මුල් අතරින් ප්‍රබලතම/දුර්වලම අකුසල් මූලය කුමක්ද?

T. පහත පිළිතුරු කිසිවක් මෙම ප්‍රශ්නයට ඍජු පිළිතුරු නොවන අතර ම අටුවාවේ ඇතැයි කියනු ලබන විග්‍රහය ද සොයා ගත නොහැක.

A. "අටුවාවේ ලෝභය, ද්වේශය, මෝහය යන අකුසල් මූල තුනෙන් බරපතළකම අඩුම ලෝභය බව සඳහන්වේ. එහෙත් එය ද්වේශයට හා මෝහයට සාපේක්‌ෂව මිසක්‌ බරපතළකමින් අඩුවක්‌ නොවන බව සිත තබා ගතයුතුය. සිතින් ඉවත් කරගැනීමට අපහසුම අකුසල මූලය ලොභයයි. ලෝභය දුකෙහි උල්පත ලෙස බුදුරජාණන් වහන්සේ දක්‌වා ඇත."
https://www.divaina.com/images/budapril21/bud15.html

A. "අඤ්‌ඤතිත්‌ථිය සූත්‍රය*
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (7) 2. මහා වර්ගය
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මොහ යි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ ධර්‍මයන් තුන් දෙනාගේ විශේෂය කවරේ යැ, අධිප්‍රාය කවරේ යැ, නනස කවරේ යැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරව: ඇවැත්නි, රාගය අල්පසාවාද්‍ය ය, ලැසිව පහවන සුලු ය. ද්වේෂය මහාසාවාද්‍ය ය, වහා පහවන සුලු ය. මෝහය මහාසාවාද්‍ය ය, ලැසිව පහවන සුලුය යි."
https://www.thripitakaya.org/sutta/index/22266

“මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්. කෙසේද? ‘ඇවැත්නි, රාගය වනාහි ස්වල්ප වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය. ද්වේෂය මහත් වරද ඇත්තේය. වහා දුරු වන්නේය. මෝහය මහත් වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය."
https://pitaka.lk/main?n=28168&p=69

‘‘සචෙ , භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘තයොමෙ, ආවුසො, ධම්මා. කතමෙ තයො? රාගො, දොසො, මොහො - ඉමෙ ඛො, ආවුසො, තයො ධම්මා; ඉමෙසං, ආවුසො, තිණ්ණං ධම්මානං කො විසෙසො කො අධිප්පයාසො කිං නානාකරණ’න්ති? එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ - ‘රාගො ඛො, ආවුසො, අප්පසාවජ්ජො දන්ධවිරාගී, දොසො මහාසාවජ්ජො ඛිප්පවිරාගී, මොහො මහාසාවජ්ජො දන්ධවිරාගී’’’ ති.

"රාගො ¶ ඛොති රජ්ජනවසෙන පවත්තරාගො. අප්පසාවජ්ජොති ලොකවජ්ජවසෙනපි විපාකවජ්ජවසෙනපීති ද්වීහිපි වජ්ජෙහි අප්පසාවජ්ජො, අප්පදොසොති අත්ථො. කථං? මාතාපිතරො හි භාතිභගිනිආදයො ච පුත්තභාතිකානං ආවාහවිවාහමඞ්ගලං නාම කාරෙන්ති. එවං තාවෙසො ලොකවජ්ජවසෙන අප්පසාවජ්ජො. සදාරසන්තොසමූලිකා පන අපායෙ පටිසන්ධි නාම න හොතීති එවං විපාකවජ්ජවසෙන අප්පසාවජ්ජො. දන්ධවිරාගීති විරජ්ජමානො පනෙස සණිකං විරජ්ජති, න සීඝං මුච්චති. තෙලමසිරාගො විය චිරං අනුබන්ධති, ද්වෙ තීණි භවන්තරානි ගන්ත්වාපි නාපගච්ඡතීති දන්ධවිරාගී. ...

මහාසාවජ්ජොති ¶ ලොකවජ්ජවසෙනපි විපාකවජ්ජවසෙනපීති ද්වීහිපි කාරණෙහි මහාසාවජ්ජො. කථං? දොසෙන හි දුට්ඨො හුත්වා මාතරිපි අපරජ්ඣති, පිතරිපි භාතිභගිනිආදීසුපි ¶ පබ්බජිතෙසුපි. සො ගතගතට්ඨානෙසු “අයං පුග්ගලො මාතාපිතූසුපි අපරජ්ඣති, භාතිභගිනිආදීසුපි, පබ්බජිතෙසුපී”ති මහතිං ගරහං ලභති. එවං තාව ලොකවජ්ජවසෙන මහාසාවජ්ජො. දොසවසෙන පන කතෙන ආනන්තරියකම්මෙන කප්පං නිරයෙ පච්චති. එවං විපාකවජ්ජවසෙන මහාසාවජ්ජො. ඛිප්පවිරාගීති ඛිප්පං විරජ්ජති. දොසෙන හි දුට්ඨො මාතාපිතූසුපි චෙතියෙපි බොධිම්හිපි පබ්බජිතෙසුපි අපරජ්ඣිත්වා “මය්හං ඛමථා”ති. අච්චයං දෙසෙති. තස්ස සහ ඛමාපනෙන තං කම්මං පාකතිකමෙව හොති.

මොහොපි ද්වීහෙව කාරණෙහි මහාසාවජ්ජො. මොහෙන හි මූළ්හො හුත්වා මාතාපිතූසුපි චෙතියෙපි බොධිම්හිපි පබ්බජිතෙසුපි අපරජ්ඣිත්වා ගතගතට්ඨානෙ ගරහං ලභති. එවං තාව ලොකවජ්ජවසෙන මහාසාවජ්ජො. මොහවසෙන පන කතෙන ආනන්තරියකම්මෙන කප්පං නිරයෙ පච්චති. එවං විපාකවජ්ජවසෙනපි මහාසාවජ්ජො. දන්ධවිරාගීති සණිකං විරජ්ජති. මොහෙන මූළ්හෙන හි කතකම්මං සණිකං මුච්චති. යථා හි අච්ඡචම්මං සතක්ඛත්තුම්පි ධොවියමානං න පණ්ඩරං හොති, එවමෙව මොහෙන මූළ්හෙන කතකම්මං සීඝං න මුච්චති, සණිකමෙව මුච්චතීති. සෙසමෙත්ථ උත්තානමෙවාති."

https://tipitaka.app/?a=ic6-103-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll