297. "බණ" හරි ද? වැරදි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. උතුම් වු ශ්‍රී සද්ධර්මය ගැන යම් ප්‍රශ්නයක් මතු වුව හොත් එය නිවැරදිව විසදා ගන්නේ කෙසේද?

A. [‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)” - http://pitaka.lk/55133/18/cs]

චතුමහාපදෙසකථා.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම අසනලදී. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම පිළිගන්නාලදී. මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි’ කියායි. මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට පළමුවෙන්ම (එක්වරටම) සතුටු නොවිය යුත්තේය. (ආක්‍රොශ වශයෙන්) අහක නොදැමිය යුත්තේය. සතුටුද නොවී, ප්‍රතික්ෂෙපද නොකොට ඒ පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනයකොට (එක්කර) බැලිය යුතුය. ඉඳින් ඒ ධර්මයෝ සූත්‍ර ධර්මය හා සම නොවන්නාහු නම්, විනය ධර්මය හා සංසන්දනය (එක්වීම) නොවන්නාහු නම්, ඒකාන්තයෙන් මේ වචනය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් (ධර්මයක්) නොවේ. මේ වචනය මේ භික්ෂූව විසින්ම වරදවා ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මෙසේ මේ වචනය දුරුකට යුත්තේය.

“සූත්‍ර ධර්මය හා සමකර බලන්නේ, විනය ධර්මය හා සංසන්දනයකර බලන්නේ, සූත්‍ර ධර්මය හා සම වෙද්ද, විනය ධර්ම හා සංසන්දනය වෙද්ද, මේ වචනය ඒකන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයක්මයයිද, මේ භික්ෂූව විසින්ද ඒ වචනය මනාකොට ගන්නා ලද්දේයයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ පළමුවැනි මහාපදෙශ ධර්මයයයි සිත්හි දරා ගනිත්වා.

මහණෙනි, මේ ශාසනයෙහි යම් භික්ෂුවක්, ‘අසවල් ආවාසයෙහි ප්‍රධානවූ ස්ථවිරයන් සහිත භික්ෂු සංඝයා වාසය කරයි මේ ධර්මයයිද, මේ විනයයයිද, මේ ශාස්තෲන්වහන්සේගේ අනුශාසනාවයයිද, ඒ සංඝයාගේ ඉදිරිපිටදීම අසන ලද්දේය ඒ සංඝයා ඉදිරියේදීම පිළිගන්නා ලද්දේයයි’ මෙසේ කියන්නේ වේද, මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට එක්වරම සතුටුනොවිය යුතුයි අත්හැර දැම්මද නොකළ යුතුය. සතුටුත් නොවී, අත්හැර දැම්මත් නොකොට ඒ ව්‍යංජන සහිත පදයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහාලිය යුත්තේය, විනය නීතිය හා සංසන්දනය කළ යුතුය. ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සම නොවන්නේද, විනය නීතිය හා එක් නොවන්නේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේය. ඒ සංඝයාද මේ වචනය වරදවාගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මෙසේ මෙය දුරුකට යුත්තේය ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන්නේ, විනය නීතිය හා සංසන්දනය කරන්නේ, සූත්‍ර ධර්මය හා සමවේද විනය නීතිය හා සංසන්දනය වේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේම වචනයක්යයි කියාද, ඒ සංඝයාද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයටපැමිණිය යුත්තේය. මහණෙනි මේ දෙවැනි මහපදෙශ ධර්මයයි සිත්හි දරාගනිව්. ... >>> http://pitaka.lk/161222/188/cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll