153. මහ බඹාත් දමනය කළා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මේ බ්‍රහ්මත්වය නිත්‍යයි සදාකාලිකයි කියල බ්‍රහ්මයකුට අදහක් ඇති වූ වෙලාවේ බුදුපියාණන්වහන්සේ ශ්‍රාවකයන් කිහිපදෙනෙකු සමග ගොස් නොයෙකුත් ඉද්ධි පා ඒ බ්‍රාහ්මයා දමනය කරනව, ඒ සූත්‍රය මොකක් ද?

A / R. "එකල වනාහි බකබ්‍රහ්මයාට ’මේ බ්‍රහ්මාත්මභාවය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය වනාහි නොහටගනී, නොදිරයි, නොමියෙයි, චුත නොවෙයි, (මින් ) චුතව අන් තැනෙක නොඋපදියි, මෙයින් මත්තෙහි සසරින් ගැලවී යායුතු අන් තැනෙක් නැතැ’’ යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපදින්නේ වෙයි.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ බකබ්‍රහ්මයාගේ අදහස තම සිතින් දැන, ශක්තිමත් පුරුෂයෙක් නැවූ අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් නවන්නේ හෝ යම්සේද, එසේම ( විගසින් ) ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවූසේක."

A / R. "එකල වනාහි එක්තරා බ්‍රහ්මයෙකුට 'මේ බඹලොවට ආ හැකි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැ’ යි මෙසේවූ ලාමක දෘෂ්ටියෙක් පහළ වූයේ වේ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ඒ බඹහුගේ සිතෙහිවූ කල්පනාව දැන, ශක්තිමත් පුරුෂයෙකු නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්‍ෂණයෙන් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූසේක."

A / R. “මහණෙනි, මම එක කාලයක උක්කට්ඨා නම් නුවර සුභග නම් වනයෙහිවූ විශාල සල්ගස මුල වාසය කෙළෙමි. මහණෙනි, ඒ කාලයෙහිදී බකබ්‍රහ්මයාට මෙබඳුවූ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය. (කෙසේදයත්) ‘මේ බ්‍රහ්මාත්ම භාවය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය සියල්ල සම්පූර්ණය, මෙය නැති නොවන ස්වභාව ඇත්තක්ය. මෙහි උපන්නෙක් වනාහි නැවත නූපදියි, නොදිරයි, නොමැරෙයි, චුත නොවෙයි, නූපදියි, මෙයින් අන්‍යවූ මත්තෙහි නිර්වාණයක් නැතැ’යි කියායි. මහණෙනි, ඉක්බිතිව මම මාගේ සිතින් බක බ්‍රහ්මයාගේ සිතෙහි අදහස දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අතක් දිගු කරන්නේද දිගුකළ අතක් හකුලන්නේද, එපරිද්දෙන්ම උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සල්ගස මුලදී අතුරුදහන්ව බ්‍රහ්ම ලෝකයෙහි පහළවීමි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll