Q. සියලු දෙනාගෙන් අවසරයි; බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාල ධර්මයෙහි සදහන් වෙනවා නාම රූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රූපං කියලා.
එතකොට විඤ්ඤාණය ක්ෂණයක් පාසා මැරෙන්නෙ නාම රූප මැරෙන නිසා ද..නාම රූප මැරෙන්නෙ සලායතන මැරෙන නිසා ද..සලායතන මැරෙන්නෙ ඵස්ස මැරෙන නිසා ද..ඇත්තටම මට ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ ප්‍රශ්නයක් විඤ්ඤාණය ක්ෂණයක් පාසා මැරෙන්නෙ ඇයි කියන එක...ඇස මැරිල කන උපදිනවා..කන මැරිල මන උපදිනවා කියනවා.මේකට හේතුව දැන ගන්න කැමතියි.එක දිගට ඇසින් රූප විතරක් දැක්කත් විඤ්ඤාණය මැරෙන්නෙ ඇයි. අභිධර්මය නම් මම දන්නෑ හැබැයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියලා දෙන්න.
A. “නිවන” හැර අනිත් හැම දේ ම හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙනවා, ඒ කියන්නේ ඉපදෙනවා - වෙනස් වෙවී පවතිනවා - මැරෙනවා - ඉපදෙනවා ... (අපි හිතන තරං වේගයෙන් නොවේ - අපිට හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ම වේගයෙන් මෙහෙම දිගින් දිගට ම සිද්ධ වෙනවා).
මෙහෙම ඉතා වේගයෙන් වෙන්න හේතුව තමා ඒවා හේතුවලින් එහෙමත් නැතිනම් ශක්තිවලින් (බලවේගවලින්) හැදිලා තියෙන එක.
[ඒ ගැන හරියට ම හිතා ගන්න / තේරුම් ගන්න නම්;
1. (එක්කෝ) අභිධර්මය දැන ගන්න ම වෙනවා.
2. (නැතිනම්) “ශක්තීන්ගේ” / “ශක්තියක” (බලවේගවල / බලවේගයක) ස්වභාවය තේරුම් ගන්න ම වෙනවා.
3. (එහෙමත් නැතිනම්) “ක්‍රියාවන්ගේ” / “ක්‍රියාවක” ස්වභාවය තේරුම් ගන්න ම වෙනවා.]