542. ශ්‍රාවක සන්නිපාත?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ශ්‍රාවක සන්නිපාතය යනු කුමක්‍ද?

A / R. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. සැට අටලක්ෂයක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. භික්ෂූන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. අසූ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ ශ්‍රාවක රැස්වීම් තුණ වූහ. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. අර්හත් භික්ෂුන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. අර්හත් භික්ෂුන් අසූදහසක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. තිස්හත් දහසක් අර්හත් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ භික්ෂූන්ගේ මේ රැස්වීම් තුණ වූහ.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. අසූ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. සැත්තෑ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. සැටදහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ ශ්‍රාවක රැස්වීම් තුණ වූහ.

“මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සතළිස් දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට තිස්දහසක් භික්ෂුන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. මහණෙනි, කොණාගමන භාග්‍යවතුන්වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම රැස්වීම වීය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට විසිදාහක් ශ්‍රාවකයන් ඇති එක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය. මහණෙනි, දැන් මට එක් දහස් දෙසිය පණසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වූයේය. මහණෙනි, මට සියල්ලන්ම රහත්වූ මේ එකම රැස්වීම වූයේය.”

(ශ්‍රාවක රැස්වීම් පරිච්ඡෙද කථායි.)”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll