Q. නිවන් දැකීම නිසා කවදා හෝ ලෝකය සත්ත්වයන්ගෙන් හිස් වෙනවා ද?
A / R. දැනට ඉන්නා සත්ත්වයන් නිවන් දැකීමෙන් ලෝකය හිස් වන කාලයක් වන්නේ ද?
"මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විසින් විසඳා නැත. ලෝකයෙහි සත්ත්වයෝ අනන්තයහ. ලෝකයෙහි බුදුවරුන් පහළ වන්නේ ද කලාතුරකිනි. එක් බුදු කෙනකුන් විසින් සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් නිවන් දක්වන බව කියා තිබේ. සූවිසි අසංඛ්‍යය ඉතා මහත් ගණනක් වුව ද ලොව ඉන්නා සත්ත්ව සංඛ්‍යාවේ හැටියට එය ඉතා සුළු ගණනකි. එක් බුදු කෙනකුන් ගේ සස්නක නිවන් දක්නා සත්ත්ව සමූහය උපමාවකින් කියත හොත් මහාසාගරයට කෙස් ගසක් දමා එසවූවා ම එහි අගට එන දිය බින්දුව පමණ ය යි කිය යුතු ය. නිවන් නො දැක ලොව ඉතිරි වන සත්ත්ව සමූහය සාගරයේ ඉතිරිවන ජලස්කන්ධය සේ මසහත් බව කිය යුතු ය. නිවනට ගිය සත්ත්වයන් ගේ නැවත කවදාවත් මේ ලෝකයට ආපසු පැමිණීමක් සිදු නො වන බැවින් නිවන් දැකීමෙන් ලොව සත්ත්වයන් අඩු වන බව සත්‍යයෙකි. බින්දු ගණනක් ගැනීමෙන් සාගර ජලයෙහි අඩුවක් නො පෙනෙන්නාක් මෙන් නිවන් දැකීමෙන් ලෝකයෙහි සත්ත්වයන් ගේ අඩුවක් නො පෙනෙන්නේ ය. ලොව ඇත්තේ සත්ත්වයන් වැඩිකමේ කරදරය ය. නිවන් දක්නා සත්ත්වයන් ඇතුවාක් මෙන් කිසිකලෙක නිවනට නො යන සත්ත්ව සමූහයකුත් ඇති බව කිය යුතු ය. ඒ නිසා නිවන් දැකීමෙන් යම්කිසි කලෙක ලොව සත්ත්වයන්ගෙන් සිස්වෙතැ යි නො සිතිය හැකි ය. සකල සත්ත්වයන් ම නිවන් දුට හොත් ලෝකය සම්පූර්ණයෙන් සිස්වන බව නම් සත්‍යයෙකි. එසේ වුවහොත් ඉතා හොඳ ය. එය ගැන බිය වීමට කරුණක් නැත. බියවිය යුත්තේ නිවන් නො දැක සිටින්නට වීම ගැන ය. නිවනට නොපැමිණ සසර සැරි සරන සත්ත්වයාට නැවත නැවත ඉපදීමේ දුක ද, ශරීරය දිරා යාමේ දුක ද, නොයෙක් රෝ දුක් ද, මරණ දුක ද, අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මුණ ගැසීමේ දුක ද, ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන් නැති වීමේ දුක ද, උවමනා දෑ නො ලැබිය හැකිවීමේ දුක ද, ශෝක වන්නට හඬන්නට සිදුවීමේ දුක ද, තවත් නොයෙක් කායික මානසික දුක් ද අපායට යන්නට වීමේ දුක ද පැමිණෙන්නේ ය. එබැවින් සසර සත්ත්වයකු වශයෙන් සිටීම ද මහා නපුර බව කිය යුතු ය."
R. නිර්වාණ විනිශ්චය හා පුනුරුප්පත්ති ක්‍රමය - පිටු - 125 සිට 140 දක්වා කියවන්න.

Q. අවසරයි සැමගෙන්, සසරට අලුතින්ම එකතු වෙන සත්වයොත් ඉන්න පුළුවන් ද?
A. අපි “සත්ත්වයා” කියන්නේ “ශක්තිය”කට (ශක්තීන් ගොඩකට / ශක්තීන් සමූහයකට). “ශක්තිය” ඇතිකරන්න (ඇතිවෙන්න) හෝ විනාශ කරන්න (විනාශ වෙන්න) විදිහක් නෑ, වෙනත් තත්ත්වයකට වෙනස් වෙනවා මිසක්.
“සත්ත්වයා” කියන “ශක්තිය”ත් එක්කෝ වෙනත් “සත්ත්වයෙක්” බවට හෝ “නිවන” (කියන “ශක්තිය”) බවට හෝ පරිවර්තනය වෙනවා මිසක්, කවදාවත් අලුතෙන් හැදෙන්නේ වත් විනාශ වෙන්නේ වත් නෑ.
[අතිපූජ්‍ය රේරුකානේ මහා නාහිමියන්ගේ (අභිධර්ම) පොත්පත් හා “The First Law of Thermodynamics, also known as Law of Conservation of Energy, states that energy can neither be created nor destroyed; energy can only be transferred or changed from one form to another.” ද ඇසුරෙනි.]
Q. මා සිතන්නෙ ශක්ති සංස්ථිතිය බිද දැමීමයි නිවන.
භාග්‍යවතුන් වහන්සේ සොයා ගත්තේ ඒ පිළිවෙත බව මගේ හැගීමයි...
නිවන තවත් ශක්ති ප්‍රබේදයක් නම් එයද තව එකකට පරිවර්තනය කල හැකි විය යුතුයි නේද?
A. 1. හොඳ ප්‍රශ්නයක් - ඔබට එකඟ විය හැකියි. මන්ද, (ස්කන්ධ පරිනිර්වාණයෙන්) නිවන් දකින විට චිත්ත-චෛතසික-රූප යන ශක්ති සංස්ථිති (පරමාර්ථයන් ”පහන් දැල්ලක් නිවුණා සේ” සදහට ම) බිඳ වැටෙන (අතුරුදහන් වන) නිසාවෙනි.
2. මෙසේ ද විය හැකියි - එතන දී, හේතූන්ගෙන් හටගත් ශක්තීන් (“සංඛත ශක්තීන්”) විතරක් “වෙනත් ශක්ති බවට වෙනස් වෙනවා, පරිවර්තනය වෙනවා” ලෙසින් හා හේතූන්ගෙන් හට නොගත් ශක්තිය (“අසංඛත ශක්තිය” / “නිවන”) “කවදාවත් අලුතෙන් හැදෙන්නේ වත් / විනාශ වෙන්නේ වත් නෑ” ලෙසින් ගත්තම ධර්මානුකූලයි; (විද්‍යාවට අහු නොවුණත් විද්‍යානුකූලයි).
[කාරණයට අදාළව ධර්මානුකූලව ගළපලා ගන්න හෝ ධර්මානුකූල නොවෙනවා නං බැහැර කරන්නත් අපි දක්ෂ වෙන්න ඕනී, කවුරු කොහොම කිව්වත් (දේශනා කරත්); ඒකයි ධර්මඥානයේ (දහම් දැනුමේ) ඇති වැදගත්කම / වටිනාකම.]