603. ඕනෑම කෙනෙක්ට පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සතර සතිපට්ටානය තුලම වාසය කිරීමමෙන් උපරිම අවුරුදු 7කින් නිවන් සාක්ෂාත් වනබවට බුදුරජාණන්වහන්සේ ඇප වී ඇති බව අසා ඇත. සසර පාරමිතා සම්පුර්ණ නැති කෙනෙකුට වුවද එය වලංගු ද?

උදා: මම අද සිට සතර සතිපට්ටානයම වඩමින් වාසය කරම් නම්, පෙර පිං නොමැති වුවද උපරිම අවුරුදු 7න් නිවන් සාක්ෂාත් කළ හැකිද?

A. සතර සතිපට්ඨානය තබා එක් සති පට්ඨානයක් හෝ එක් විනාඩියක් “වැඩීම” පවා පහසු දෙයක් නොවේ; මන්ද පාරමිතා පසෙක තබා ගත් කල වුවද, මේ භවයේ දී ද පළමුව මනා දහම් පසුබිමක් ඇතිකර ගත යුතු බැවිනි.

[සූත්‍රයක් අනුගමනය කළ පමණින් ම භාවනාව නො වැඩේ.]

මෙකල, පාරමිතා / පෙර පිං ඇති - නැති බව දත හැක්කේ, පළමුව මනා දහම් පසුබිමක් ඇතිකර ගෙන, සතර සතිපට්ඨානය ම හෝ ඉන් එක් සති පට්ඨානයක් හෝ වැඩීම (ප්‍රයෝගික වීම) තුළින් ම පමණි.

“මහණෙනි, මම නුඹලාට සතිපට්ඨානයද සතිපට්ඨාන භාවනාද, සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාවද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතිපට්ඨානය නම් කවරේද? ...”
“මහණෙනි, සතිපට්ඨාන භාවනාව නම් කවරේද? ...”
මහණෙනි, සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? ...”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll