343. "රාජා භවතු ධම්මිකෝ"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රටක ස්වභාවික විපත් ඇතිවීම සම්බන්ධව සඳහන් සූත්‍ර දේශණා මොනවාද?

A / R. හැමෝම පාහේ දන්නා හා කතා කරනා සුප්‍රසිද්ධ ම සූත්‍රය නම් - අධම්මික සූත්‍රය යි (අධම්මිකරාජ සූත්‍රය) https://pitaka.lk/?node=291610&coll=cs,aps

"මහණෙනි, යම් කාලයෙක්හි රජවරු අධාර්මික වෙත්ද, ඒ කාලයෙහි රාජකාර්‍ය්‍යයෙහි නියුක්ත පුරුෂයෝද අධාර්මික වෙත්. මහණෙනි, ඒ රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත පුරුෂයන් අධාර්මිකවූ කල්හි, බමුණු ගැහැවියෝද අධාර්මික වෙත්. බමුණු ගැහැවියන් අධාර්මිකවූ කල්හි, නියම්ගම් දනව් වාසීහුද, අධාර්මික වෙත්. නියම්ගම් දනව් වැසියන්, අධාර්මික වූ කල්හි චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ විෂමව ගමන් කරත්. චන්‍ද්‍ර සූර්‍ය්‍යයන් විෂමව ගමන් කරන කල්හි නැකැත් හා තරු විෂමව යත්. නැකැත් හා තරු විෂමව යන කල්හි රෑ දාවල් විෂම වෙත්. රෑ දාවල් විෂම වන කල්හි, මාස අර්‍ධ මාසයෝ විෂම වෙත්. මාස අර්‍ධ මාස විෂමවූ කල්හි, ඎතු සංවත්සර විෂම වෙත්. ඎතු සංවත්සර විෂම වූ කල්හි වාතයෝ විෂමව හමත්. මාර්ගයේ නොහමත්. විෂම මාර්ගයන්හි, විෂම වාතයන් හමන කල්හි දෙවියෝ කිපෙත්. දෙවියන් කුපිතවූ කල්හි වළාකුළු මනාව ධාරා නොහෙළත්. වළාකුළු මනාව ධාරා නොහෙළන කළ විෂමව පැසෙන ශස්‍යයෝ වෙත්. මහණෙනි, විෂමව පැසෙන ශස්‍ය අනුභව කරණ මනුෂ්‍යයෝ අලුපායුෂ්ක වූවාහු, දුවර්‍ණ වූවාහු, දුර්‍වල වූවාහු, බොහෝ ලෙඩ ඇත්තාහු වෙත්." ...

ස්වභාවික සංසිද්ධිත් සිදු වේ - https://pitaka.lk/?node=161216&para=171&coll=cs,aps

“ආනන්දය, මහත්වූ පෘථිවි කම්පාහුගේ පහළවීම පිණිස මේ හේතු අටක් වෙත්. ප්‍රත්‍යය අටක් වෙත් ඒ අට කවරේදයත්? ආනන්දය, මේ මහාපොළොව ජලයෙහි පිහිටියේය. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශයෙහි පිහිටියේ වෙයි. ආනන්දය, යම් කලෙක්හි මහා සුළං හමයිද, ඒ මහා හුළං හමන්නාහු ජලය කම්පා කෙරෙත් ජලය කම්පා කරන කල්හි පෘථිවිය කම්පාවෙයි. මහත් භූමිචලනයක් ඇතිවීමට මේ පළමුවෙනි හේතුවයි, ප්‍රත්‍යයයි." ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll