528. ආදරය, විවාහය, දරුවන් හා නිවන්-මඟ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "බැදීම් වැඩ් වෙනවා - දරුවන් හැදූ ව්ට - ඒ වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වේ - ගමන් ගන්නා දහම් මාර්ගය අඩාල වෙනවා. දරුවන් වෙනුවෙන්, ජීව්ත කාලයම කැප කිරීමට සිදු වේ -  එබැවින් දරුවන් නොහදා අප දෙදෙනා මාර්ගය වඩමී. උතුම් දර්මාවබෝදය ලගා කර ගැනීම උදෙසායී" - ලෙස යම් කෙනෙක් පැවසුව හොත්, මෙය දර්මානුකූලව ව්ග්‍රහ කරන්නේ කෙසේ ද?

A / R.  {… “පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක ලෝභය
පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක රාගය” …}

[තරුණ තරුණියන්ගේ හෝ විවාහකයන්ගේ හෝ අවිවාහකයන්ගේ හෝ නොයෙක් ආකාරයේ නොමනා හැසිරීම් ද, නොමනා සබඳතා ද, නොමනා සිතුම්-පැතුම්, කියුම්-කෙරුම් ද, නොයෙක් සංකෘතිවල දක්නට ලැබෙන නොමනා ලක්ෂණ ද, මේ ගණයට ම ඇතුළත් වේ.]

"පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.
නුදුටු ප්‍රදේශ දැකීම පිළිබඳ වූ ද, නුදුටු වස්තූන් දැකීම පිළිබඳ වූ ද, උත්සව දැකීම පිළිබඳ වූ ද, බොහෝ ස්ත්‍රී පුරුෂයන් දැකීම පිළිබඳ වූ ද, අලඬ්කාර සැරසිලි දැකීම පිළිබඳ වූ ද ආශාව පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. එයට රැවටුණ තැනැත්තේ සමීප විහාරයට, ගමේ විහාරයට අවුරුදු ගණනකට වරක් වත් වන්දනාවට නො යතත් දුර පළාත්වල දුර රටවල වන්දනාවට බොහෝ වියදම් දරා ගෙන යන්නේය. එයින් වනුයේ ඔහුගේ දර්ශන ලෝභය නිවී යෑම ය. දර්ශන පිපාසාව සන්සිඳීම ය. ඒ සන්සිඳීම ගැන හේ “මහා පිනක් කර ගතිමි” යි ප්‍රීති වෙයි.

තව ද, ඒ පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණෙන සැප විඳීමේ ලෝභයට රැවටුණ තැනැත්තේ “පින්කම් යමි” යි පිරිත් කියවීමේ උත්සව බණ කියවීමේ උත්සව දක්නට ද යන්නේ ය. සමහර විට බණ කියවීමේ පිරිත් කියවීමේ උත්සව ද කරවයි. මෙකල වන්දනාවේ යන බොහෝ දෙනකුගේ ම පුණ්‍යකාමතාව කුශලච්ඡන්දය නොව ලෝභය ම බව කිව යුතු ය. බණ පින්කම් පිරිත් පින්කම්වලට යන බොහෝ ස්ත්‍රී පුරුෂයන් ගේ පුණ්‍යකාමතාවත් දර්ශන ලෝභය ම ය."

"පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක රාගය.
පුණ්‍යකාමතා යනු පින් කරනු කැමති බවය. ශ්‍ර‍ද්ධා රූපයෙන් උපන් රාගය ම පසුව පුණ්‍යකාමතා රූපය ගන්නේ ය. එයින් මෙහෙයනු ලැබූ ස්ත්‍රීහු “පින් කරමි” යි තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්ෂූන්ට දන් දෙති. භික්ෂූන් වෙසෙන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින් වේ ද නො වේ ද යන බව නිශ්චය කිරීම ඉතා දුෂ්කර ය. දර්ශන රාගය ද පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යයි පිරිත් පින්කම් බණ පින්කම් යන්නේත් වන්දනා ගමන් යන්නේත් පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණි රාගයා ගේ මෙහෙයීමෙනි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll