276. මහවිහාර - අභයගිරි පාර්ශව මතභේදය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. මහවිහාර - අභය පාර්ශව මතභේදය යනු කුමක්ද?
2. එම මතභේදය හේතුවෙන් නිර්මල ත්‍රිපිටකයට යම් බලපෑමක් වීද?

A. 2. නැත.
1. එය දිගු කතාවකි.
R. "පැරණි ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

ලංකාවේ අධ්‍යාපනයෙහි ස්‌වර්ණමය යුගය ලෙස දැක්‌වෙන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයෙහි පැවති උසස්‌ අධ්‍යාපනය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පොළොන්නරු යුගය දක්‌වා පැවති උසස්‌ අධ්‍යාපනය තුළ ශාස්‌ත්‍රීය හා වෘත්තීය (ශිල්පීය) වශයෙන් විෂයමාලා පැවතුණි. ඊට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව විශේෂඥ මට්‌ටමේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු උසස්‌ අධ්‍යාපනය අවසන් වේ (රුබේරු, 1968ත ජයසූරිය, 1962, ආනන්ද ජයවර්ධන, 2012)

ලංකාවේ අනුරපුර යුගයේ පැවති අභයගිරිය, මහාවිහාරය, ඡේතවනය යන විශ්වවිද්‍යාල උසස්‌ අධ්‍යාපනය ලබා දුන් ආයතන වේ. පොළොන්නරුවේ පැවති ආළහන පිරිවෙන 12 වන සියවසේ පැවති ඉතාම සාර්ථකව පැවති විශ්වවිද්‍යාලයකි. ඔක්‌ස්‌µර්ඩ්, කේම්බ්‍රිඡ් හා ඉතාලියේ පාදුවා, ප්‍රංශයේ අඡේ යනාදී විශ්වවිද්‍යාලවල ආරම්භය සිදුවෙන අවස්‌ථාව වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතාම දියුණු අයුරින් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. මහාවිහාරය ද ඉතා දියුණු අධ්‍යාපනයක්‌ ලබා දුන් විශ්වවිද්‍යාලයකි. බුද්ධඝෝෂ හිමියන් ලියූ විසුද්ධිමග්ගය ද මහාවිහාර විශ්වවිද්‍යාලයට ලබා දුන් නිබන්ධයක්‌ බව රෝලන්ඩ් සිල්වා (2000) පවසයි.

ලංකාවේ අනුරාධපුර යුගයේ පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රධාන කාණ්‌ඩ දෙකක්‌ යටතේ ක්‍රියාත්මක විය.

1. ථේරවාදය මුල් කර ගත් මහා විහාරය විසින් ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්තිය වූයේ තුන්තරා බෝධියෙන් නිර්වාණය ලබා ගනු පිණිස එයට උපකාරී වන පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන අංගලක්‌ෂණවලින් සමන්විත වූ අධ්‍යාපනයක්‌ ලබා දීමයි.

2. මහායානය මුල් කර ගත් අභයගිරියෙහි හා ඡේතවනයෙහි අධ්‍යාපන ප්‍රතිපත්තිය වූයේ එහි විෂයමාලාව හා සම්බන්ධ වූ භාෂාව, බෝධිසත්ව සංකල්පය, ශාස්‌ත්‍රීය හා වෛද්‍ය වෘත්තීය වැනි අංගලක්‌ෂණවලින් සමන්විත අධ්‍යාපනයක්‌ ලබා දීමයි.

මහාවිහාරික විෂයමාලාව දේශීය අවශ්‍යතා හා අනන්‍යතාවලට ප්‍රධාන ස්‌ථානය දෙමින් සකස්‌ වූ බව පෙනේ. ෆාහියන් හිමියන්ගේ වාර්තාවල මහාවිහාරයෙහි භික්‌ෂුන් 5000 ක්‌ පමණ ද අභයගිරියෙහි භික්‌ෂුන් 3000 ක්‌ පමණ ද වාසය කළ බව දැක්‌වේ. මහාවිහාරයෙහි ගිහි හා පැවිදි අය අධ්‍යාපනය ලබා තිබේ. සංඝතිස්‌ස, සංඝබෝධි, ගෝඨාභය, ධාතුසේන ආදී රජවරුන් මහාවිහාරයෙන් අධ්‍යාපනය ලබා ඇත. මහාවිහාර විෂයමාලාවට ථේරවාදී බුදු දහම ඇතුළත් වූ අතර පාලි ත්‍රිපිටකය, භාෂාවන්, සූත්‍ර, විනය, අභිධර්ම, සිංහල, පාලි, සංස්‌කෘත, අපබ්‍රංශ, පෛෂාවි, ගෞරසේනි, දෙමළ, වේද, වේදාංග, වෛද්‍ය විද්‍යාව, නක්‌ෂත්‍රය, භූතවිද්‍යාව, ඡන්දස්‌, අලංකාර, කාව්‍ය, නාටක, භාෂා සාහිත්‍ය, ඉතිහාසය, පුරාවිද්‍යාව, අර්ථ ශාස්‌ත්‍රය, චිත්‍රකර්මය, ලලිත කලා, යුද්ධ ශිල්පය, ධනු ශිල්පය, කඩු ශිල්පය ආදිය විෂයමාලාවට අයත් විය (යසස්‌සි හිමි, 2014).

සාරානන්ද හිමි (2006) දක්‌වන්නේ මහාවිහාරික විශ්වවිද්‍යාලයීය විෂය මාලාව පහත සඳහන් අයුරිනි.

1. ආගමික (බෝධිසත්ව සංකල්පය, විනය ඉක්‌මවා ධර්මයට මූලිකත්වය, පිරිත්, අභිධර්මය). 2. සාමාජික 3. භාෂාව (සිංහල, පාලි, සංස්‌කෘත, දෙමළ, චීන) 4. ඉතිහාසය 5. සෞන්දර්යය (ඡන්දස්‌, අලංකාර, චිත්‍ර, මූර්ති, කැටයම්) 6.ගණිතය 7. නීතිය 8. වෛද්‍ය ශාස්‌ත්‍රය 9. තර්කය යන විෂයයන් මහාවිහාර විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වූ බවයි.

මහාවිහාර විශ්වවිද්‍යාලය දේශීය මෙන්ම විදේශීය සිසුන් ද අධ්‍යාපනය ලැබූ ජනප්‍රිය විශ්වවිද්‍යාලයක්‌ විය. මහාවිහාරයට ථේරවාදය ඉගෙනීම සඳහා පැමිණි විදේශීය සිසුන් රැසක්‌ ගැන වාර්තා වේ.

1. බුද්ධඝෝෂ හිමි 4. ධම්මපාල හිමි

2. විශාඛ 5. ජප්පට හිමි

3. පීතිමල්ල 6. බුද්ධදත්ත හිමි

මහාවිහාර භික්‌ෂූන් මහායාන අදහස්‌ ථේරවාදී බුදු සමයට එකතු නොකිරීමට වගබලා ගත් බව පෙනේ. මහාවිහාරයට අධ්‍යාපනය ලැබීමට පැමිණෙන සෑම අයෙකුම ද්වාර පණ්‌ඩිත හිමියන් පවත්වනු ලබන පූර්ව පරීක්‌ෂණයකට පෙනී සිටිය යුතු විය. බුද්ධදත්ත හිමියෝ දකුණු ඉන්දියාවේ චෝල දේශයෙන් පැමිණි අතර මහාවිහාරයේ පූර්ව පරීක්‌ෂණයෙන් අසමත් වීම නිසා හෙළඅටුවා ඉගෙනගෙන නැවත දකුණු ඉන්දියාවට ගියහ.

ලංකාවේ පාලි අට්‌ඨකථා ලිවීම මහානාම රජු කල පැමිණි බුද්ධඝෝෂ හිමියන් සිදු කළ බව පිළිගැනේ. බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණ හෙළ අටුවා පාලියට පරිවර්තනය කළ අතර මේ සඳහා මහාවිහාරයේ අනුමැතිය ලබා ගන්නා ලදී. මහාවිහාරික භික්‌ෂුන්වහන්සේලා විසින් කටපාඩමෙන් රැගෙන ආ ත්‍රිපිටකයට අටුවා සිංහල භාෂාවෙන් රචනා කර ඇති බවත්, එසේ රචිත සිංහල අටුවා කථා කෘති හතක්‌ ක්‍රි.ව. 5 වන සියවස වන විට මහාවිහාරයේ පැවති බවත් (යසස්‌සී හිමි, 2014) දක්‌වයි. ඒවා නම්,

1. මහාට්‌ඨ කථාව

2. මහා පච්චරියට්‌ඨ කථාව

3. කුරුන්ද්‍රි අට්‌ඨකථාව

4. අන්ධට්‌ඨ කථාව

5. සංකෙපට්‌ඨ කථාව

6. පොරාණට්‌ඨ කථාව

7. පුර්බට්‌ඨ කථාව

ථේරවාදී මහා විහාර විශ්වවිද්‍යාල (තෘතීය අධ්‍යාපන උසස්‌ අධ්‍යාපන)

සම්ප්‍රදාය හා ලක්‌ෂණ

මිහිඳු හිමියෝ වඩාත් යෝග්‍ය ස්‌ථානය ලෙස මහාමේඝවනය තෝරා ගත්හ. මහාවිහාරය එහි ප්‍රථමයෙන්ම ඇරඹුණ අධ්‍යාපන මධ්‍යස්‌ථානය / පිරිවන වන අතර එය ක්‍රමයෙන් උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ දක්‌වා වර්ධනය වූ බවත් ඔවුන්ට සම්බන්ධ අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව පුරා පැතිර තිබුණු බවත් පෙනේ. කෙසේ වෙතත් මුල සිටම මහා විහාරය තම අධ්‍යාපන ක්‍රියාවලිය ථේරවාදය මුල් කරගෙන පවත්වාගෙන ගිය බවත්, ඔවුන් එය ඉක්‌මවා යාමට කිසි විටෙකත් උත්සාහ නොකළ බවත් පෙනේ. මහා විහාරය සියවස්‌ දොළහකට අධික කාලයක්‌ ලංකාවේ අධ්‍යාපනය ලබා දුන් කීර්තිමත් ආයතනයකි. මහාවිහාර අධ්‍යාපන රටාව තුළ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන අංශයන්ට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන ලදී. ඒ අනුව මහා විහාරය ථේරවාදය අනුව යමින් තුන්තරා බෝධියෙන් නිර්වාණය ලබා ගැනීම සඳහා උක්‌ත අංශ තුනට අනුව ක්‍රියා කළ බව සාරානන්ද හිමි, (2006.) දක්‌වයි. එමෙන්ම මෙම මහා විහාරික අධ්‍යයන රටාව දේශීය අනන්‍යතාවලට ගරු කරන ලදී.

සිංහල බෝධිවංශයට අනුව මහා විහාර විශ්වවිද්‍යාල ආයතනයට ප්‍රධාන ගොඩනැගිලි හතක්‌ තිබුණු බව පැවසේ.

1. භික්‌ෂූන්ගේ විනය කර්ම සඳහා විචුල මාලකය

2. ජන්තාඝරය හෙවත් ගිනිහල්ගෙය

3. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවීම හා ආශ්‍රිත ගොඩනැගිලි

4. ලෝවාමහාපාය නම් ස්‌ථානයෙහි උපෝසතාගාරය

5. භික්‌ෂු පිරිකර බෙදන පැනමළුව

6. භික්‌ෂු දන් ශාලාව

7. මහා ස්‌තූපය පිහිටුවීම ආශ්‍රිත ගොඩනැගිලි

සිංහයකුගේ හැඩරුව එන පරිදි මහා විහාරයෙහි සියලු අංග භූමි ස්‌ථාපනය කර ඇති බව බෝධිවංශය දක්‌වයි. මේ අනුව මහා විහාරය විශාල ප්‍රදේශයක පැතිරී තිබුණි.

මහා විහාර විශ්වවිද්‍යාලයෙහි ප්‍රධාන ඉගැන්වීම් කටයුතු කරන ලද්දේ ලෝවාමහා ප්‍රාසාදයෙහිය. මෙහි පැවති පංති හඳුන්වන ලද්දේ මණ්‌ඩල නමිනි. පඤ්චනිකාය මණ්‌ඩල, චතුනිකාය මණ්‌ඩල ආදිය නිදසුන් වේ. පංචනිකාය මණ්‌ඩලයෙහි පස්‌මහ ස`ගියත්, චතු නිකාය මණ්‌ඩලයෙහි සිව්මහා ස`ගියත් උගන්වන ලදී. මෙම පංති සමත් වූවන්ට එම නම්වලින් සහතික ප්‍රදානය කළ බවත් පෙනේ. නැතහොත් එම නාම පිරිනමා ඇත (විමලකිත්ති හිමි, 1960).

මහා විහාරය නිර්මල බුදු දහම හෙවත් ථේරවාදයෙහි මධ්‍යස්‌ථානය බව විදේශයන්හි පවා ප්‍රසිද්ධ වී තිබුණි. එබැවින් බුද්ධඝෝෂ හිමි, විසාඛ, පීතිමල්ල, ධම්මපාල, ජප්ප හිමි වැනි වියතුන් මහා විහාරය විශ්වවිද්‍යාල ආයතනය වෙත පැමිණ අධ්‍යාපනය ලබා ඇත. ෆාහියන් හිමි ත්‍රිපිටක පොත් සොයාගෙන ලංකාවට පැමිණියේ මහා විහාරය එකල ථේරවාදයට ප්‍රසිද්ධ වූ නිසාය. මහා විහාරය විශ්වවිද්‍යාලයක්‌ව පැවති බව තහවුරු වන්නේ බුද්ධඝෝෂ හිමි වැනි ප්‍රසිද්ධ වූ වියතුන් තව දුරටත් ඉගෙනීමට මහා විහාරයට පැමිණීම නිසාය. මහා විහාරයෙහි වැඩහුන් ආචාර්යවරුන් පිළිබඳව නිකාය සංග්‍රහය දක්‌වයි. ''මහින්ද, ඉට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දපාල, අරිට්‌ඨ, තිස්‌ස දත්ත, කායසුමන, දීඝසුමන, මහානාග, බුද්ධ රක්‌ත, තිස්‌සදේව සුමන, චූලනාග, ධම්ම පාලිත, ෙ€මය, උපතිස්‌ස, ඵුස්‌සදේව, සුමන, මහාසිව, උපාලි, පුප්පනාම, මහානාග, අභය තිස්‌ස, ඵුස්‌සනාම, චූලාභය, තිස්‌ස, චූලදේව, සිව ස්‌ථවිර'' යන ආචාර්යවරුන් නිකාය සංග්‍රහය දක්‌වන ආචාර්යවරුන් වේ.

ධර්මකීර්ති හිමි, (1991.) උක්‌ත මහා විහාරික ආචාර්යවරුන්ට අමතරව ත්‍රිපිටක චුල්ල සුධම්ම හිමි, ත්‍රිපිටක ධම්ම රක්‌ත හිමි, මහා සුධම්ම හිමි, ත්‍රිපිටක චුල්ලසුමන හිමි, චූළසමුද්ද හිමි, චතු නිකායක පණ්‌ඩිත තිස්‌ස හිමි, ත්‍රිපිටකධර වත්තබ්බත හිමි, නිග්‍රෝධ හිමි, මහාසෝර හිමි, ජාතිකභානක මහා පදුම හිමි, ආභිධම්මික ගෝදත්ත හිමි, ධම්මික ගෝධ හිමි ආදීන් ද ආචාර්යවරුන් ලෙස මහා විහාරයෙහි සේවය කළ බව සඳහන් කරයි.

නිකාය සංග්‍රහයෙහි, (1934.) තව ප`ඩිවරුන් රැසක්‌ ගැන දක්‌වයි. ''සක්‌දාමලය, අසක්‌දාමලය, දැමිය, බැමිරිය, දළබිසෝය, අනුරුත් කුමරුය, දළසල කුමරුය, කිත්සිරි කුමරුය, පුරවඩු කුමරුය, සූරියබාහුය, කසුප්තොට ඈපාය'' යන අය දොළොස්‌මහා කවීන් ලෙස දැක්‌වේ.

මහා විහාර විශ්වවිද්‍යාලයීය ආයතනය මෙන්ම මේ ආයතනයට අයත් වූ පුස්‌තකාලය ද ඉතා වැදගත් වෙයි. එකල පැමිණි විද්වතුන් මෙම පුස්‌තකාලය ඇසුරින් අධ්‍යාපනය ලැබීමට දැඩි උනන්දුවක්‌ දැක්‌වූ බව පැහැදිලි වේ. ථේරවාදී සම්ප්‍රදායට අයත් සියලු කෘතීන් මෙන්ම වෙනත් දර්ශනවාදවලට අයත් කෘති ද තිබූ බව පෙනේ. ධර්මකීර්ති හිමි, (1991.) බුද්ධඝෝෂ හිමියන්ට ආචරියවාද, කේවිවාද, විතණ්‌ඩවාද ආදී ථේරවාදයට ඇතුළත් නොවූ පොතපත මහා විහාර පුස්‌තකාලයෙන් ලැබුණු බව දක්‌වයි. ධම්මකීර්ති හිමි (1991) දක්‌වන්නේ ගිහි උගතුන් ගැන සඳහන් නොවෙතත් නිකාය සංග්‍රහයෙහි දැක්‌වෙන ''සක්‌දාමලය, අසක්‌දාමලය, දැමිය, බැමිරිය, දළබිසෝය, අනුරුත් කුමරුය, දළහොත් කුමරුය, දළසල කුමරුය, කිතිපිරි කුමරුය, පුරවඩු කුමරුය, සුරියබාහුය, කසුප්තොට ඈපාය'' යන දොලොස්‌ මහා කවීන් මහා විහාර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් අය බවයි. මහා විහාර විශ්වවිද්‍යාල ආයතනයෙහි ද ලෞකික විෂයයන් ඉගැන්වූ බවට විවිධ ඉ`ගි ලැබේ. ලෝවාමහාපායෙහි සැලසුම භික්‌ෂූන් ඇඳ දුන් බව දැක්‌වීමෙන් ද රුවන්මැලිසෑයේ කර්මාන්ත භාරව මහාවිහාරික භික්‌ෂූන් කටයුතු කළ බව දැක්‌වීමෙන් ද මේ බව තහවුරු වේ යෑයි ධර්මකීර්ති හිමි (1991) දක්‌වයි. මුළුමනින්ම ලෞකික විෂයයන් මහා විහාර විශ්වවිද්‍යාලයෙන් බැහැර කළ බව මේ අනුව සිතීම අපහසුය. මොවුන් සියලූම විෂයයන් පොදු ජනතාවගෙන් දුරස්‌ථ කරන ලද්දේ නම් මහා විහාරය වසර දහසකට අධිකව පැවතිය නොහැකි වන අතර එය ඉක්‌මනින් පරිහානියට පත්වීමට ඉඩ තිබුණි. අභයගිරි විශ්වවිද්‍යාලය තරම් දැඩි ලෙස ලෞකික අංශයට මහාවිහාර විශ්වවිද්‍යාලය අවධානය යොමු නොකළ බව පෙනේ.

බෝධිසත්වයකු වී බුද්ධත්වයට පත්වී සෑම අයෙකුම නිර්වාණය කරා යාම එකම ක්‍රමය ලෙස දැක්‌වීම නිසා සෑම පුද්ගලයෙකුම බෝධිසත්වයකු ලෙස හැඩගැසීමත්, බුද්ධත්වය ලැබීමට අපේක්‌ෂණ ඇති කිරීමත්, බුද්ධත්වය වැනි ශ්‍රේෂ්ඨ තත්ත්වයකට පත්වීමට මානසිකත්වය සංවර්ධනය කිරීමත්, මහායාන දර්ශනයෙන් සාමාන්‍ය ජන සමාජය වෙත ලබා දී තිබුණි. එබැවින් සැම අයෙකුම බුද්ධත්වය ලැබීමට ලෞකික කරුණු හෙවත් ප්‍රජාවට සේවය කිරීමටත්, ඒ සඳහා දැනුමින් සන්නද්ධ වීමටත්, සිදුවීම මහා විහාරයෙන් සිදු වූයේ නැත. ඔවුහු සාමාන්‍ය ඉගැන්වීම ලෙස බොහෝ අඩු ප්‍රමාණයක්‌ ලෞකික විෂයයන් තම විශ්වවිද්‍යාල විෂයමාලාවට එක්‌ කළ බව පෙනේ. එබැවින් ලෞකික විෂයයන්ට අඩු අවධානයක්‌ යොමු වී තිබුණි.

මහා විහාර අධ්‍යාපන භාවිතය අනුව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ප්‍රධාන පියවර පහක්‌ අනුව සංවිධානය කර ගත් බව පෙනේ.

1. සුත - ශ්‍රවණය

2. ධත - ධාරණය කර ගැනීම

3. වාච්‍ය පාරමිතා - භාවිතයට පත් කර ගැනීම

4. වාසානුපෙක්‌ඛනා - ප්‍රත්‍යවේක්‌ෂණය කිරීම

5. දිට්‌ඨායාසුප්පටිවිද්‍යා - අවබෝධය ලැබීම

මෙය මහා විහාරකයින් අනුගමනය කළ බව පෙනේ.

බුදුන්වහන්සේගේ දර්ශනය අනුව බුදු දහම ඉගැන්වීමේ දී ශ්‍රාවකයින්ගේ භාෂාව (අධ්‍යාපන) මූලධර්මයක්‌ ලෙස භාවිත කළ යුතු බව දක්‌වා තිබේ (පොල්වත්තේ බුද්ධදත්ත හිමි, 1959).

කතුරු මහත්දමන ටැම්ලිපිය අනුව ආරෝග්‍ය ශාලාවක භික්‌ෂුණීන් සාත්තු සේවිකාවන් ලෙස කටයුතු කළ බව සඳහන් වේ. ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයින් පංසල්වලට ලැබෙන ආදායමෙන් වැටුප් ලැබූ බව (Archaeological Survey of Ceylon, 1954) දැක්‌වේ.

රුවන්වැලිසෑයේ සැලසුම් භික්‌ෂූන් සකස්‌ කළ බව මහාවංශයේ සඳහන් වීමෙන් භික්‌ෂූන්ගේ වාස්‌තුවිද්‍යා දැනුම පැහැදිලි වේ. නන්ද නම් භික්‌ෂුව චීනයට ගොස්‌ ප්‍රතිමා ශිල්පය පිළිබඳ දැනුම ලබා දුන් බව ලංකා විශ්වවිද්‍යාලයීය ඉතිහාසය (1962) දක්‌වයි. ථූපවංශය (1969) අනුව රුවන්වැලිසෑ ධාතු ගර්භයේ චිත්‍ර භික්‌ෂූන්වහන්සේ විසින් අඳින ලද බව සඳහන් වේ. මහාවංශයට (2002) අනුව ආභිධම්මික ගෝධත්ත තෙරුන්වහන්සේ ඉතා දක්‌ෂ ලෙස නඩු විසඳා ඇති නිසාත්, අග විනිසුරු ලෙස පත් කරගෙන ඇති නිසාත්, භික්‌ෂූන් වහන්සේ ද නීතිය ගැඹුරින් හදාරා ඇති බව පෙනේ. මේ අනුව මහා විහාරික භික්‌ෂුන් ද අභයගිරිකයින් මෙන් තරමක ලෞකික විෂයයන් හදාළ බවත්, ඒවා භාවිතයට ගත් බවත්, පෙනේ. එසේ වුව ද අභයගිරිකයින් තරම් දැඩි අවධානයක්‌ ඔවුන් මේ සඳහා යොමු නොකළ බවත් හෙළිවෙයි.

භාණකවරුන් පත් කිරීම ද මහා විහාරික විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි විශේෂ අවස්‌ථාවකි. බුද්ධ දර්ශනයට අයත් සියලූ කොටස්‌ කටපාඩමින් පවත්වාගෙන යාම භාණක ක්‍රමය වේ. එක්‌ එක්‌ භික්‌ෂු ගුරු කුල මගින් භාණක ක්‍රමය පවත්වාගෙන ගියත් එහි වගකීම දරන ලද්දේ මහා විහාර විශ්වවිද්‍යාලය මගිනි. අංගුත්තර භාණක, අරියවංශ භාණක, උභතෝ විභංග භාණක, ජාතක භාණක, දීඝ භාණක, ධම්මපද භාණක, සංයුත්ත භාණක, මඡ්Cධිම භාණක, මහා වත්තාරියක භාණක, විභංග භාණක ආදී වශයෙන් මෙම භාණකවරුන් පත් කර ගන්නා ලද අතර ඔවුන් කටපාඩමින් එම කොටස්‌ පවත්වා ගන්නා ලදී.

මහා විහාර විශ්වවිද්‍යාලයෙහි පැවති විභාග ක්‍රමය හෙවත් ඇගයීම් ක්‍රමය ද ඉතා වැදගත් වේ. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පවතින ඇගයීම් ක්‍රමය තුළ වලංගුභාවය හා විශ්වශ්‍යතාව ඉතා වැදගත් අංගයකි. මේවා ආරක්‌ෂා වන පරිදි මහා විහාර විශ්වවිද්‍යාල ඇගයීම් භාවිත කළ බව පෙනේ. මහාවංශය අනුව භාණක තනතුරු මහා විහාරය මගින් ප්‍රදානය කර ඇත්තේ මහා විහාරික ඇගයීම් මණ්‌ඩලයක්‌ මගිනි. එම විශේෂඥ මහා විහාරික ඇගයීම් මණ්‌ඩලය ඉදිරියෙහි භාණක තෙරුන් විසින් කටපාඩමෙන් කියූ පසු එම තනතුරු ප්‍රදානය කර ඇත.

එක්‌ අයෙකුගේ ඇගයීමකින් භාණක තනතුර ප්‍රදානය කළේ නම් එහි විශ්වශ්‍යතාව හා වලංගුතාව නැතිවනු ඇත. එය පක්‌ෂග්‍රාහී එකක්‌ ලෙස සැලකිය හැකිය. මහා විහාරික ඇගයීම් මණ්‌ඩල ක්‍රම ඇගයීමේ දී ඉතාම උසස්‌ ලෙස භාවිත වූයේ එබැවිනි.

බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද විසුද්ධිමග්ගය මහා විහාරයෙහි ද්වාර පණ්‌ඩිතට ලබා දුන් බව සඳහන් වේ. ද්වාර පණ්‌ඩිත යනු විභාග පරිපාලකවරයා හෙවත් විභාග ලේඛකාධිකාරීවරයාය. එසේ නම් ඉහළ තත්ත්වයෙහි විභාග අංශයක්‌ මහා විහාර ආශ්‍රිතව තිබූ බව භානකවරුන් සඳහා පැවති ඇගයීම් මණ්‌ඩලයෙන් හා විභාග ලේඛකාධිකාරීවරයෙක්‌ පවත්වාගෙන යාමෙන් පෙනේ. මෙය නාලන්දා ආදි ඉන්දියානු විශ්වවිද්‍යාල සම්ප්‍රදායේ ද පැවති ඇගයීම් ක්‍රමයකි.

මහා විහාර විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ පර්යේෂණ කටයුතු කිරීමට බුද්ධඝෝෂ හිමිට එක්‌ වරම අවස්‌ථාව ලබා දුන්නේ නැත. එතුමාට සුළු පර්යේෂණ නිබන්ධයක්‌ කර සුදුසුකම් පරීක්‌ෂා කරන ලදී. එහි සමත්වීම සලකා බෞද්ධ පර්යේෂණ කිරීමට මහා විහාර විශ්වවිද්‍යාලය අවස්‌ථාව ලබා දී ඇති බව පෙනේ. මෙම ක්‍රමය ද මහාවිහාර විශ්වවිද්‍යාල සම්ප්‍රදාය මගින් ක්‍රියාත්මක කළ ඇගයීම් ක්‍රමයකි."

R. "ගෝලීය උරුමය අභයගිරිය

අනුරාධපුර, අටමස්‌ථානයට අයත් "අභයගිරි විහාරය" "වට්‌ටගාමිණී අභය" හෙවත් "වළගම්බා රජතුමා" (ක්‍රි. පූ. 103-102/89-77) සිය දෙවැනි රාජ්‍ය කාලයේ දී ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ. අභයගිරියේ උපත පිළිබඳ පුරාවෘත්තය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා ෙ€දනීය අවධියක්‌ සටහන් කරන්නකි.

වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් වී මාස පහක්‌ ගතවෙත්ම, රුහුණේ 'නකුල නගර' නම් ප්‍රදේශයක විසූ 'තිස්‌ස්‌ නම් බමුණෙකු රජකුමාට විරුද්ධව කැරලි ගැසුවේය. ඒ අවධියේම දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන් සත් දෙනෙකු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය. ඒ අතුරෙන් වදාමහ නම් වූ ආක්‍රමණිකයා රජතුමාගේ ප්‍රාණ සම බිසව වූ සෝමා දේවිය ද තවකෙකු පාත්‍රා ධාතුව ද රැගෙන යළි ඉන්දියාවට ගියේය. රජතුමා දිවි බේරාගෙන මලය රටට පලා ගොස්‌ සැඟවී ඇති දුෂ්කර ජීවිතයක්‌ ගත කරමින් සේනා සංවිධානය කළේය. මේ කාලයේ දීම 'බැමිණිටියා' සාය නමින් බියකරු නියඟයකට රට ගොදුරු විය. බඩගින්නෙන් වියරු වැටුණු මිනිසුන් මෙකල මිනීමස්‌ පවා අනුභව කළ බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. මේ සියලු ව්‍යසන මැද, එකිනෙකා ඝාතනය කරමින් තුදුස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට පාලනය කළ පුලහත්ථි, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතරින් අවසානයට සිටි දාඨිය විනාශ කර වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් විය.

වළගම්බා රජතුමා සතුරන්ගෙන් බේරී පලා යන මොහොතේ එක්‌ අසපුවක සිටි 'ගිරි' නම් නිගණ්‌ඨයකු 'මහ කලු සිංහලයා පලා යයි' යනුවෙන් හඬ නගා පැවසීය. ඔහු එසේ කළේ සතුරන්ට රජු ගැන ඔත්තුවක්‌ ලබා දීම පිණිසය. මේ බස මතක තබාගත්a වළගම්බා රජතුමා, තමා රාජ්‍යත්වයට පත් වූ පසු එම ගිරි නිගණ්‌ඨයාගේ අසපුව විනාශ කර එම ස්‌ථානයේ මහා දාගැබක්‌ ඉදිකළේය. තමාගේ නමින් 'අභය' කොටසත් නිගණ්‌ඨයාගේ නමින් 'ගිරි' කොටසත් එකතු කර 'අභයගිරි' නමින් එම දාගැබ නම් කළ බව මහාවංශයේ සඳහන් වේ. එසේ වූ වෙස්‌සගිරි, මේඝගිරි මෙන්ම ෙච්තියගිරි ආදී නම්වලින් හැඳින්වෙන්නේ පර්වත ආශ්‍රයෙන් ඉදිකළ විහාර වේ. ඒ අනුව, දීගපාෂාණය නමින් ප්‍රකට විශාල පරිවත භූමිය ආශ්‍රිතව ගොඩනැඟූ විහාරය, "අභයගිරි" විය හැකි බව මහාචාර්ය කුලතුංග මහතා පෙන්වා දී තිබේ.

අභයගිරි විහාරය පිහිටා ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට උතුරෙනි. එබැවින් අභයගිරි විහාරය 'උත්තුර විහාරය, උතුපොළ විහාර' ආදී නම්වලින් ද හඳුන්වා තිබේ. එමෙන්ම වංසත්ථප්පකාසිනියෙහි සඳහන් වන්නේ, වළගම්බා රජතුමාගේ සොහොයුරා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර අවසානයේ දිවිනසා ගත්, අභය සහ උත්තර යන කුමාරුවරුන් දෙදනා සිහිවීම පිණිස ඔවුන්ගේ ඥතීන් විසින් මෙම ස්‌ථානයේ 'අග්ගිප්පවෙසික' නමින් දාගැබක්‌ සෑදූ බවයි. ගජබාහු රජතුමා මේ දාගැබ විශාල කර 'අභ්‍යත්තර' නාමය තබා තිබේ.

ශ්‍රී ලංකාවේ වෙනත් දාගැබ්වල මෙන්, අභයගිරි දාගැබේ නිදන් කළ ධාතු පිළිබඳ පැහැදිලි තොරතුරක්‌ හමු නොවේ. එහෙත් පස්‌ වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික µdහියන් භික්‍ෂුව, සිය දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ලකුණ මත අභයගිරි දාගැබ ඉදිකර තිබෙන බවය. පාලි මහා බෝධිවංශයේ සඳහන් වී ඇත්තේ, සිව් බුදුවරයන් වහන්සේලා, ශ්‍රී ලංකාද්වීපයට වැඩමකර, යළි දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගුණු ස්‌ථානවල පාදලාංඡන ස්‌තූප ඉදිකර තිබෙන බවය. ඒ අතරින් ගෞතම බුදුරජාණන් වහන්සේ, සිය තෙවැනි ලංකාගමනයේදී දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගී ඇත්තේ මතු ඇතිවන ශිලා ෙච්තිය නම් ස්‌ථානයෙන් බව, බෝධිවංශ ග්‍රන්ථපද විවරණයේ සඳහන් වේ. මේ ශිලා, ෙච්තිය කුමක්‌ද යන්න, දීපවංශ පාඨය ඇසුරෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දෙන්නේ 'අභයගිරි විහාරය සහ එම චෛත්‍ය අභ්‍යන්තරයෙහි පිහිටි සිලාථූපය හෙතෙම කරවීය' යනුවෙනි. මෙම විශ්වාසය තහවුරු කරන, ඉතා දුර්ලභ සිරිපතුල් ලාංඡනයක්‌, අභයගිරි දාගැබ් මළුවේ තිබී හමුවී ඇති බව මහාචාර්ය කුලතුංග පවසයි. එකී සිරිපතුල් ලාංඡනය නෙළා ඇත්තේ, සාමාන්‍යයෙන් අප නිතරම දකින, ගලෙන් ඉහළට මතුකෙරෙන උත්තලාකාර ස්‌වභාවයෙන් නොවේ. බුරුල් පසෙහි පා තැබූ විට එහි ගැඹුරට සටහන් වන පා සලකුණක්‌ ආකාරයෙනි.

අභයගිරි දාගැබ නමදින සුප්‍රකට ගාථාවේ සඳහන් වෙන්නේ, රනින් කළ වෘෂභයෙකුගේ කුසෙහි සර්වඥ ධාතු තැන්පත් කර එය, අභයගිරි දාගැබේ නිදන් කර ඇති බවය. අභයගිරි දාගැබේ මෑතකදී කළ කැණීම්වලින්, එහි නැගෙනහිර වාහල්කඩේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතු හමුවී තිබේ. මැටි කරඬුවක්‌ තුළ වූ රමණීය රන් කරඬුවක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණි. එය පොළොන්නරුවේ රජ කළ කල්‍යානවතී රැජිණගේ පූජාවක්‌ ලෙස සැලකේ.

මේ අනුව පූජනීයත්වයෙන් අනෙක්‌ දාගැබ්වලට වඩා පැහැදිලිවම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා අභයගිරි දාගැබ ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දාගැබ ද වේ. එය, පුරාණ ලෝකයේ මිනිස්‌ අතකින් ඉදිකළ ගොඩනැඟිලි අතර විශාලත්වයෙන් සතරවැනි ස්‌ථානය ගනී. ඉදිකළ අවධියේ මේ මහා දැගැබේ උස රියන් 120 ක්‌ හෙවත් අඩි 400 ක්‌ පමණ වූ බව විද්වතුන් විශ්වාස කරයි. 12 වැනි සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා කළ අවසාන ප්‍රතිසංස්‌කරණවල දී එහි උස අඩි 280 ක්‌ වී තිබේ. එක්‌ පැත්තක්‌ අඩි 585 ක්‌ දිගැති සමචතුරාශ්‍රාකාර සලපතල මළුවේ විශාලත්වය අක්‌කර අටකි. මේ අනුව ලෝකයේ දාගැබක්‌ සතු විශාලතම සලපතළ මළුව අභයගිරි දාගැබට හිමි වී තිබේ. වැලි මළුව ද සහිතව අභයගිරි චෛත්‍ය අංගණය විශාලත්වයෙන් අක්‌කර 14 ඉක්‌මවයි.

මේ ආකාරයට අසමසම වූ අභයගිරිය ඉදිකළ වළගම්බා රජතුමා, එවකට මහාවිහාරයේ වැඩ විසූ 'කුපික්‌ගල තිස්‌ස්‌ නම් භික්‍ෂුන් වහන්aසේට එය පූජා කර තිබේ. තිස්‌ස තෙරණුවෝ වූ කලී, පරසතුරන්ගෙන් සිය මාතෘ භූමිය නිදහස්‌ කර ගැනීම පිණිස තුදුස්‌ වසරක්‌ පුරා මලය රටේ වනවැදී අප්‍රමාණ දුෂ්කරතා විඳිමින් සේනා සංවිධානය කළ අවධියේ, වළගම්බා රජතුමාට මහත් සේ උපකාර කළ භික්‍ෂුන් වහන්සේ නමකි. එසේ වුව, කවර හෝ ප්‍රතිලාභයක්‌ භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් පෞද්ගලිකව ලබා ගැනීම, නිර්මල ථේරවාදී 'මහා විහාර සම්ප්‍රදායට' පටහැනි ක්‍රියාවක්‌ විය. එහි ප්‍රතිඵලය වූයේ තිස්‌ස තෙරණුවෝ "කුලසංඝට්‌ඨව වෙහෙතියි" (ගිහියන් සමඟ අනවශ්‍ය ලෙස සම්බන්ධතා පැවැත්වීම) යන චෝදනාව මත පබ්බාජනීය කර්මය සහිතව මහාවිහාරයෙන් නෙරපා හැරීමයි. මහා විහාරයේ මෙම තීරණය නොපිළිගත්, තිස්‌ස තෙරණුවන්ගේ ශිෂ්‍යයෙකු වූ 'බහලමළු තිස්‌ස්‌ හිමියෝ, ඊට විරෝධය පාමින් විශාල භික්‍ෂු පිරිසක්‌ සහිතව මහාවිහාරයෙන් ඉවත්ව අභයගිරියේ පදිංචි වූහ. මෙම සිදුවීම ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ඉතා තීරණාත්මක එකක්‌ වූ අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සංඝ භේදය ලෙස ඉතිහාසයට එකතු වී තිබේ.

මෙම ඓතිහාසික සිදුවීමෙන් පසුව අභයගිරි විහාරය වඩාත් ස්‌වාධීනව සහ වේගවත්ව වර්ධනය විය. නිකාය සංග්‍රහයේ එය මෙසේ සඳහන් වේ. 'එකල හෙතෙම (බහලමළු තිස්‌ස)... ථේරිය නිකායෙන් භින්නව අභයගිරි වෙහෙර ගොස්‌ වසනුයේ, වඡ්ජිපුත්‍ර නිකායෙහි ධර්මරුචි නම් ආචාරින්ගේ ශිෂ්‍යයන් දඹදිව පල්ලරාරාම නම් විහාරයෙන් මෙරටට අවුත් තමා කරා වන් කල්හි ඔවුන්ගේ සමය කැමතිව ඔවුන් හා එක්‌ව ධර්මරුචි නම් ආචාරීව විසීය. එතැන් පටන් අභයගිරි වාසීහු ධර්මරුචි නිකාය නම් වූහ.'

මහායාන අදහස්‌ ඇතුළු වුවද අභයගිරි විහාරයේ එය පමණක්‌ නොව, ථෙරවාදය ඇතුළු විවිධ ආගම් සහ දර්ශනවාද, වෛද්‍යකර්මය, ජ්‍යෙdතිෂය වැනි විද්‍යාවන්, වාපී, ලෝහ, සායම් තැනීම ඇතුළු කර්මාන්ත ආදී පුළුල් පරාසයක විෂයයන් උගන්වා තිබෙන බව මෑතක දී සිදුකළ පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු වී තිබේ. විචාරශීලී සහ විවෘත බවකින් අධ්‍යයන කටයුතු සිදු කිරීම නිසා, අනුරාධපුරයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්‍රකට විද්‍යායතනයක්‌ බවට පත් වී තිබේ. ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ, සමකාලීන බෞද්ධ රටවල් වූ දකුණු ඉන්දියාව, චීනය, කාශ්මීරය, ජාවා ආදී රටවල් සමඟ සමීප සම්බන්ධතාවකින් අභයගිරිය කටයුතු කර තිබෙන බවයි. ලංකා විශ්වවිද්‍යාලයේ, ලංකා ඉතිහාසයේ දැක්‌වෙන අන්දමට පස්‌වැනි සියවසේ දී චීන භික්‍ෂුණීන්ට නිවැරදි උපසම්පදාව ලබාදීමට මූලික වී ඇත්තේ අභයගිරියේ මෙහෙණි ආරාමයක වැඩ විසූ සිංහල භික්‍ෂුණීන් වහන්සේලා පිරිසකි. එහි ගිය ඔවුන්ගේ ගණපුරණය මදිවීම නිසා නැවත වරක්‌ "තිසාර", (තිව්-සො-රා) නම් භික්‍ෂුණියකගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්‌ඩායමක්‌ චීනයට වැඩම කර තිබෙන බව, පී.-චියු-නි-චුත් නම් ඉපැරණි චීන ග්‍රන්ථයක සඳහන් වන බව මහාචාර්ය කුලතුංග පෙන්වා දෙයි. පස්‌වැනි සියවසේදීම යසගුප්ත සහ බුද්ධ නන්දි ඇතුළු භික්‍ෂුන් වහන්සේලා පස්‌ නමක්‌ බුදුපිළිම සහ පාත්‍රා ධාතුවේ චිත්‍රයක්‌ රැගෙන චීනයට වැඩම කළ බව චීන මූලාශ්‍රවල සඳහන් වේ.

අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්‍රකට විද්‍යායතනයක්‌ බවට පත් වී තිබේ. පස්‌වැනි කාශ්‍යප (ක්‍රි.ව. 914 - 923) සහ හතරවැනි මහින්ද (ක්‍රි.ව. 956 - 972) යන රජවරුන්ගේ ශිලා ලිපිවලින් හෙළිවෙන්නේ මනා ලෙස සංවිධානය වූ මූලායතන සතරකින් එකල අභයගිරිය සමන්විත වී තිබූ බවය. උත්තර මුළ, වහදු මූළ, කපාර මූළ සහ මහනෙත් පාමුළ එම මූලායතන විය. පස්‌වැනි සියවසේ දී භික්‍ෂුන් වහන්සේලා, පන්දහසක්‌ අභයගිරියේ වැඩ සිටි බව පාහියන් හිමියෝ සඳහන් කරති. කැණීම් මගින් පාදා තහවුරු කරගෙන ඇති අභයගිරි දාන ශාලාවේ ඇති සෙල්මුවා බත් ඔරුව, පන් දහසකට බත් දැමිය හැකි ධාරිතාවකින් යුක්‌ත බව ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පෙන්වා දී තිබේ.

සිරිමේඝවණ්‌න රජතුමාගේ (ක්‍රි.ව. 303 - 331) කාලයේ දී මෙරටට වැඩමකරවන ලද දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය අභයගිරි විහාරයට පැවරී තිබූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම පාත්‍රා ධාතුව ද අභයගිරියේ තිබූ බව සැලකෙන අතර, එය අභයගිරි දාගැබේ නිදන් කර තිබෙන බවට ද විශ්වාසයක්‌ පවතී. අනුරාධපුර ඇතුළු නුවර ධම්මචක්‌ක පහයේ (දළදා මාලිගාවේ) වඩා හිඳුවා තිබූ දළදා වහන්සේ, වසරකට වරක්‌ ඉතා දර්ශනීය මහ පෙරහැරකින් අභයගිරියට වැඩමවන ආකාරය තමා දුටු බව µdහියන් හිමි සඳහන් කර තිබේ. වර්තමානයේ පවා අනුරාධපුර වාර්ෂික දළදා පෙරහැර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලින් ආරම්භ වී ධම්මචක්‌ක ගෘහයට පිවිස පූජා පවත්වා, අභයගිරි විහාරයට ගෙවදින බව සැලකිය යුතුය.

වංශකතා විමසිලිමත් ලෙස අධ්‍යයනය කරන විට, අනුරාධපුර යුගයේ දී රජවරු, මහාවිහාරයට මෙන්ම අභයගිරියට ද සිය නොමඳ රාජානුග්‍රහය ලබා දී තිබෙන බව පෙනේ. එසේ වුවද මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 - 303) සංඝමිත්‍ර නම් භික්‍ෂුන් වහන්සේ නමකගේ බස අදහමින්, මහාවිහාරයට මහත් ලෙස පීඩා සිදුකර තිබේ. මේ රජතුමා මහාවිහාරයට සිව්පසය පිදීම තහනම් කිරීම නිසා බෙහෙවින් අසරණ වූ මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා, දිවි රැක ගැනීම පිණිස රටේ දකුණු දිගට වැඩම කර තිබේ. භික්‍ෂුන් වහන්සේලාගෙන් හිස්‌වූ මහාවිහාරයේ ගොඩනැඟිලි කඩා බිඳ එහි කොටස්‌ අභයගිරියේ නව ගොඩනැඟිලි තැනීමට ගෙනගිය රජතුමා, මහාවිහාර භූමිය සී සා උඳු වැපිරූ බව වංශකතාවල සඳහන් වේ. මහසෙන් රජතුමාට පසුව රජ පැමිණි ඔහුගේ පුත්‍ර සිරි මේඝවණ්‌න රජතුමා, මේ විනාශය වහා නිවැරදි කරවා, මහාවිහාරය යළි ගොඩනංවා තිබේ. එසේ උපරිම රාජානුග්‍රහය තමන්ට ලැබුණද, කිසි විටෙකත්, මහාවිහාරයේ භික්‍ෂුන් වහන්සේලා අභයගිරියට කවර ආකාරයක දොaෂාරෝපණයක්‌ හෝ කර නැත. එමෙන්ම, තමන්ට කොතරම් රාජානුග්‍රහය ලැබුණද අභයගිරි විහාරයේ භික්‍ෂුන් වහන්සේලා ද මහාවිහාරයට කිසිවිටෙකත් විරුද්ධකම් කර නැති බව සැලකිය යුතුය. මෙය වූ කලී දෙමඟක්‌ ගත්තේ වී නමුදු, ඔවුන්ගේ ප්‍රධාන මූලය වූ නිර්මල බුදු දහමින් ඔවුන් ලද පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක්‌ බව සැලකිය යුතුය. මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා නිර්මල ථෙරවාදී බුදු දහම අනුව යමින් සිය විමුක්‌තිය පතා කටයුතු කරද්දී, අභයගිරිය මහායානය ඇතුළු අනෙකුත් විද්‍යාවන්ද හදාරමින් වඩාත් ප්‍රායෝගික මාර්ගයකට නැඹුරු වී තිබෙන බව මෙයින් පෙනේ. සමාධි පිළිමය, සඳකඩපහන, මුරගල වැනි ලෝකප්‍රකට විශිෂ්ට කලා කෘති රැසක්‌ම අභයගිරිය වෙතින් ලෝකයට දායාද වීම එහි ප්‍රතිඵලයකි.

පූජනීයත්වයෙන් අගතැන් ගනිමින්ද, ලෝකයේ කීර්තිමත් විද්‍යායතනයක්‌ ලෙස වැජඹෙමින් ද පැවැති අභයගිරිය හෙවත් උත්තරාරාමය, 11 වැනි පියවසේ දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟම ගන වනයෙන් වැසී නටබුන් විය. අවසන් වරට මේ මහා දාගැබ ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ 12 වැනි සියවසේ දී මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186) විසිනි. එතැන් පටන් අලි, කොටි, වළසුන්ගේ කෙළිබිමක්‌ව පැවැති අභයගිරි දාගැබ 19 වැනි සියවසේ අග භාගයේදී, පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල් සහ වාස්‌තු විද්‍යාඥ ඡේ. ඒ. ස්‌මිදර් මහත්වරුන්ගේ ගවේෂණ නිසා යළි ලොවට හෙළිපෙහෙළිවීම ඇරඹිනි. ඉන්පසුව 1909 වසරේ දී නැවත අනුරාධපුර මහාවිහාරයේ, අටමස්‌ථානයට නිල වශයෙන්ම ඇතුළත් කළ අභයගිරිය, යුනෙස්‌කෝ සංවිධානයේ ආධාර සහිතව සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ, මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් සංරක්‍ෂණය කිරීම ඇරඹුණේ, 1981.10.03 වැනි දිනදීය. එතැන් සිට පුරා වසර 34 ක්‌ තිස්‌සේ කළ සංරක්‍ෂණ කටයුතු නිමවා අභයගිරිය නම් වූ පූජනීය ලෝක උරුමය 2015.07.31 වැනි ඇසළ පුන් පොහෝදින බෞද්ධ ලෝකය ප්‍රධාන සමස්‌ත මානව වර්ගයාටම යළි තිළිණ කෙරේ."

R. "මහායානය පමණක්‌ නොව ථේරවාදය ද ඉගැන්වූ
අභයගිරි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සම්ප්‍රදාය

"පැරණි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය" මැයෙන් මෙම ලිපියේ I කොටස 2015-06-24 වන දින පළවූ අතර II කොටස 2015-09-01 වන දින පළ විය. අද පළවන්නේ එම ලිපියේ අවසන් කොටසයි.

ලංකාව අනුරාධපුර යුගයේ දී අන්තර් ජාතික වෙළඳාම ඉතාම ඉහළින් සංවර්ධනය වී තිබූ බව පෙනේ. ක්‍රි.ව. 1 වන ශත වර්ෂයෙහි ලංකාව හා චීනය අතර වෙළඳ සබඳතා පැවතුණු බව ප්ලිනිගේ වාර්තාවල දැක්‌වේ. චීන, ඉන්දියා, ඉතියෝපියා, පර්සියා වෙළඳ නැව් ඔවුන්ගේ භාණ්‌ඩ ලංකාවට ආනයනය කළ බවත්, ලංකාවේ සිට මේ හැම රටකම නැව් තම රටවලට අනෙක්‌ රටවලින් ගෙනා භාණ්‌ඩ පැටවූ බවත් කොස්‌මස්‌ සඳහන් කරයි. අනුරාධපුරයේ චීන වෙළඳුන් සිටි බවත් චීන වෙළෙන්ඳකු අභයගිරියෙහි ශෛලමය බුද්ධ ප්‍රතිමාවට විජිනි පතක්‌ පූජා කරනු දැක තම දෙනෙතට කඳුළු ආ බවත් ෆාහියන් හිමි සඳහන් කරයි.

ලංකාව ඉතාලිය සමග දිගු කලක සිට වෙළඳ සබඳතා පවත්වා ඇත. අනුරාධපුර කැනීම්වලින් මෙන්ම සීගිරියේ කැනීම්වලින් ද රෝම කාසි විශාල වශයෙන් ලැබී තිබීමෙන් රෝමය සමග දිගු කලක සිට වෙළඳ සබඳතා තිබූ බව පෙනේ. මේ හැර ග්‍රීකයින් (යමන) සමග ද සබඳතා පවත්වා තිබේ. ග්‍රීක වෙළඳුන් ලංකාවේ සිට තම භාණ්‌ඩ දකුණු ඉන්දියාවට ද ගෙන ගොස්‌ ඇත. ඉන් පසුව ලංකාව සමග Rජුවම වෙළඳ සබඳතා පවත්වා ඇත. ග්‍රීක ජාතික ටොලමි විසින් ලංකාවෙන් ග්‍රීසියට යෑවූ භාණ්‌ඩ ලෙස හාල්, ඉ`ගුරු, මීපැණි, පුෂ්පරාග, නිල් ආදී මැණික්‌ ද රත්‍රන්, රිදී, අලි ඇතුන් ආදිය දක්‌වයි.

පර්සියන්වරුන් නෙස්‌ටෝරියන් නිකායට අයත් වූ අය ද සිටි අතර අනුරාධපුරයෙන් නෙස්‌ටෝරියන් කුරුසයක්‌ ද සොයාගෙන ඇත.

අරාබිවරු ද ලංකාව හා වෙළඳ ගනුදෙනු කළහ. ෆාහියන් හිමියන් අනුරාධපුරයෙහි අරාබිවරුන්ගේ ගෙවල් ඇති බවත් අරාබි කොඩිය ඔවුන් තම නිවස ඉදිරිපස සවි කර ඇති බවත් දක්‌වයි. මේ අනුව ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලක්‌ විය.

මේ හැර හෝපිටිගමු සෙල්ලිපිය බදුලූ ලිපිය ආදියෙන් ලංකාවේ වෙළඳාම ගැන සඳහන් වෙයි. මහරත්මලේ සෙල්ලිපියෙහි "හතපති" ලෙස ද "දිනපති" වෙනත් ස්‌ථානවල ද සඳහන් වීමෙන් ඔවුන් බදු නිලධාරීන් බව පැහැදිලි වේ. පාහියන් හිමිගේ තොරතුරු අනුව රාජ්‍ය භාණ්‌ඩාගාරයට විශාල ධනයක්‌ තිබූ බව පෙනේ. භික්‌ෂුන් සැට දහසක්‌ පමණ අනුරාධපුරයෙහි සිටි බවත්, රජතුමා දසදහසකට දන් පිළියෙල කරන බවත් දැක්‌වීමෙන් රජුගේ ධනවත් බව පෙනේ.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා ලංකාවේ නැව් අලෙවි කළ බව සඳහන් වේ. බද්දෙගම විමලවංශ හිමි (1988) දක්‌වන්නේ අයිර්ලන්ග නම් ජාවා රජුගේ සෙල් ලිපියක ලංකාවේ වෙළන්ඳන් එම රටට ගිය බවයි. 1 වන පරාක්‍රමබාහු රජතුමාගේ දෙවනගල සෙල්ලිපියෙහි බුරුම යුද්ධය මෙහෙයවා ජය ගත් කීර්ති නගරගිරි සෙන්පතියාට දුන් පරිත්‍යාග ගැන දැක්‌වේ. එම සෙල්ලිපියෙහි "නැව් දහස්‌ ගණනකට පිරිස්‌ නගා යවා අරමණය" යන පාඨයෙන් නැව් දහස්‌ ගණනක්‌ ලංකාව සතු වූ බව පෙනේ. රාජාවලියේ ද (1959) මෙම පුවතම සඳහන් වේ (වතුවත්තේ පේමානන්ද හිමි, 1959).

පළමුවන පරාක්‍රමබාහු රජු මිසරයට විකිණිය හැකි භාණ්‌ඩ සඳහන් කර තිබේ. ඒ අතර නැව්, රෙදිපිළි, කුරුඳු හා ඇතුන් ගැන දක්‌වා ඇති අතර රජු මිසරයට යෑවූ සන්දේශයෙහි "අවුරුදු පතා නැව් විස්‌ස බැගින් සැපයිය හැකි බව දක්‌වා ඇත (ලක්‌ෂ්මන් පෙරේරා, 1961).

එමෙන්ම පළමුවන පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියාවට නැව් සිය ගණනක්‌ යවා සටන් කළ බව රාජාවලිය (1959) දක්‌වයි. මෙයින් පැහැදිලි වන්නේ ලංකාව සතුව නැව් කර්මාන්තයක්‌ තිබූ බවයි. එමෙන්ම නැව්වල ගමනාගමනය සඳහා නාවික හමුදාව ද අවශ්‍ය වේ. බුත්සරණෙහි "දෙමළුන්, යොනුන්, බමුණන්, අරමණයන්, කාම්බෝජයන්, චීනුන්, මලයුරයන්, කාකයන්, නක්‌කවාරයන්, සනවාසීන් ආදී විදේශිකයින් ගැන සඳහන් වීමෙන් ද මෙම විදේශිකයින් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව පෙනේ. ජාත්‍යන්තර වෙළඳාම සඳහා විදේශීය භාෂා, විදේශීය භාෂා දැනුම, ගණිතය, විදේශ මුදල්, ගණකාධිකරණය හා පොත් තැබීම ආදී විෂයයන් දැනගෙන සිටීම අනිවාර්ය විය. මේ අනුව නැව් තැනීම විශ්වවිද්‍යාලවල පැවති විෂයක්‌ ලෙස විශ්වාස කළ හැකිය.

ලංකාවේ පොල් වැවීම අතීතයේ සිට පැවතුණි. එය වර්ෂ 3000 කට වඩා පැරණිය. අනුරාධපුර සෙල්ලිපිවල පොල් ගස්‌ කැපීම තහනම් කර ඇත. තල් ගස්‌, මී ගස්‌ හා සියඹලා ගස්‌ කැපීම ද තහනම් කර ඇත. මේවා ප්‍රධාන ආදායම් මාර්ග වූ බව පෙනේ.

ලංකාවේ වියන ලද රෙදිපිළි පිටරටවලට යෑවූ බව සඳහන් වේ. එසේම මෙරට කපු වගාව සිදු කර ඇති බව පෙනේ. එය විජය රජුගේ කාලය තෙක්‌ දිවයන බව පෙනේ. උක්‌ කර්මාන්තය ද ලංකාවේ පැවති බව පෙනේ. මහාවංශය දක්‌වන පරිදි මහසිලූමහතිස්‌ රජු අප්‍රසිද්ධව ගොස්‌ උක්‌ යන්ත්‍රයක සේවය කර ලබා ගත් උක්‌ හකුරු දන් දුන් බව සඳහන් වේ.

තෝනිගල සෙල්ලිපිය අනුව ධාන්‍ය බැංකුවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. මෙයින් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ පවා දියුණු වූ ජාත්‍යන්තර වෙළඳාමක්‌ පැවති බවත්, මෙරටට විශාල ධනයක්‌ හිමි වූ බවත්ය. ජාත්‍යන්තර වෙළඳාමකට අවශ්‍ය යාන්ත්‍රික දැනුම ඉතා වැදගත්ය. ගිරා සන්දේශය අනුව කෝට්‌ටේ යුගයේ දී පිරුවන්වල ආර්ථික විද්‍යාව උගන්වා තිබේ. ආර්îක විද්‍යාව කෝට්‌ටේ යුගයට පෙර සිටම වාණිජ විද්‍යාව සම ජාත්‍යන්තර වෙළඳාමත් සමගම බිහිවූ විෂයයක්‌ බව පෙනේ. මෙපමණ ජාත්‍යන්තර වෙළඳාමක්‌ සිදු කිරීම සඳහා ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යාව විෂයයන් පිළිබඳව ගැඹුරු දැනුමක්‌ හිමි විය යුතුය. මෙකල පැවති පිරුවන් හා උසස්‌ අධ්‍යාපන ආයතනවලින් මෙම විෂයයන් දියුණු කර ඉගැන්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ජාත්‍යන්තර වෙළඳාම හා ආර්îක විද්‍යාව විෂයයන් ලෙස පිරුවන් හා විශ්විද්‍යාල මට්‌ටමේ දී උගන්වා තිබෙන බව පෙනේ. විද්‍යාත්මක ලෙස ප්‍රගුණ කිරීමත් පර්යේෂණ කිරීමත් ප්‍රායෝගික අත්දැකීමත් අනුව වාණිජ විද්‍යාව හා ආර්îක විද්‍යාව විෂයයක්‌ වශයෙන් දියුණු කර ගත් බව වෙළඳාම මෙතරම් නොදියුණු කලක කෝට්‌ටේ යුගයේ පිරුවන්වල ඉගැන්වීමෙන් පෙනේ. කෝට්‌ටේ පැවති පිරුවන් ද මහායාන සම්ප්‍රදායට නෑකම් කියූ අතර මෙම වාණිජ විද්‍යා විෂයයන් ද ලෞකික විෂයයක්‌ ලෙස මහායාන විශ්වවිද්‍යාලවලින් දියුණු කරන්නට ඇති බව සිතිය හැකිය (හිස්‌සැල්ලේ ධම්මරතන, 1960).

අභයගිරියේ මහායානික භික්‌ෂුන් වහන්සේ පරිසර සංරක්‌ෂණය හා පිරිසිදු බව සඳහා යොදා ගත් වැසිකිළි කැසිකිළි භාවිත කළ ආකාරය ඉතා වැදගත් වේ. ඔවුන් සංඝාවාසවල කැසිකිළි ඉතා අලංකාර ලෙස නිර්මාණය කළ අතර ගලා යන අපද්‍රව්‍ය ප්‍රථමයෙන් අළුහුණු සහිත මුට්‌ටියකට ද දෙවනුව අ`ගුරු මුට්‌ටියකට ද තෙවනුව වැලි මුට්‌ටියකට ද ගලා යාමෙන් පසු පිරිසිදු ජලය බවට පත් විය. මෙය ඔවුන්ගේ විශිෂ්ට අධ්‍යයන අංගයක්‌ ද බව පෙනේ.

ඔවුන්ගේ වාස්‌තුවිද්‍යා අධ්‍යයනයෙහි ඊළ`ග වැදගත් කාරණය වනුයේ ජල පාලනය හැසිරවීම හා ජල උපද්‍රව වලකා ගැනීමේ තාක්‌ෂණයයි. ඔවුන් අභයගිරිය වැනි චෛත්‍යවල හතර දිසාවෙන් ප්‍රධාන ඇතුල්වීමේ දොරටු අසලින් විශාල පොකුණු 4 ක්‌ නිර්මාණය කර ඇත්තේ සලපතල මළුවට වැටෙන ජලය පොළවට උරාගත් පසු එම පොකුණු හතරට බැසයාම සඳහාය. මේ හැර අනෙකුත් සියලූ පොකුණු ජල අවශ්‍යතා පිරිමසා ගැනීමට සකස්‌ කළ බව පෙනේ.

කුට්‌ටම් පොකුණ, ඇත්කද පොකුණ හා පිහිටි පොළවේ ගැඹුරට ක්‍රමවත් පඩි පෙළක්‌ යොදා සකස්‌ කළ පොකුණු ද වේ. මේවා වියළි කාලවල ජලය රැස්‌ කර ගැනීමට සකස්‌ කළ උපක්‍රමයකි. එබැවින් ජල ගබඩා කිරීමේ ක්‍රම සකස්‌ කිරීමෙන් ජලවිද්‍යා තාක්‌ෂණය ද විෂයයක්‌ ලෙස උගන්වා ඇති බව පෙනේ.

අභයගිරි උසස්‌ අධ්‍යාපන ආයතනයෙහි / විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලැබූ පසු පශ්චාත් උපාධි / වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට අභයගිරි භික්‌ෂුන් ගිය බවක්‌ පෙනේ. වෝහාරික තිස්‌ස රජුගේ පුත්‍රයකු ආර්යදේව නමින් අභයගිරියෙහි පැවිදිව සිට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට ගිය බවත්, පසුව නාගාර්ජුන හිමියන්ගේ ශිෂ්‍යයකුට සිට මහාදර්ශන විශාරදයකු වූ බවත්, ආර්යදේව හිමියන් විසින් චතුස්‌ ශතකය, අක්‌ෂර ශතකය, බෞද්ධ දර්ශනය පිළිබඳ ග්‍රන්ථ රැසක්‌ සංස්‌කෘත භාෂාවෙන් රචනා කළ බවත් සාසනරතන හිමි (1982) දක්‌වයි.

මෙයින් පැහැදිලි වන්නේ අභයගිරි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ජාත්‍යන්තර උසස්‌ අධ්‍යාපන ආයතන විසින් පිළිගත් බවත් එම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමග අභයගිරිය සම්බන්ධතා පැවැත්වූ බවත්ය.

මේ හැර ඉන්දියාව, චීනය, ජාවා, කාශ්මීරය යන රටවල් සමග ද සම්බන්ධතා වර්ධනය කර ගැනීමත් එම රටවල තිබූ දාර්ශනික මතවාද සමග පුළුල් ලෙස කතිකා පවත්වා තිබේ. ෆාහියන් හිමි දක්‌වන ආකාරයට අභයගිරියෙහි දී විදේශීය භික්‌ෂූන් වහන්සේ නමකගේ දේශනයකට ද සවන්දී තිබීමෙන් විවිධ දර්ශනවාද කතිකාවත් අභයගිරියෙහි ද පැවති බව පෙනේ. අභයගිරි උසස්‌ අධ්‍යාපන ආයතනයෙහි විදේශීය දේශකයන්ගේ දේශන සංවිධානය කිරීමෙන් ඔවුන්ගේ උසස්‌ මට්‌ටමේ අධ්‍යාපන සංවිධානය පැහැදිලිය (බුද්ධදත්ත හිමි, 1980).

මේ හැර අභයගිරි විශ්වවිද්‍යාලයෙහි ශාඛා විදේශ රටවල ද පවත්වාගෙන ගිය බව ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සංග්‍රහය (ලංකා විශ්වවිද්‍යාලය, 1965) දක්‌වයි. ජාවා රටෙහි හමු වූ සෙල්ලිපියකින් ද ජාවා රටෙහි අභයගිරි උසස්‌ අධ්‍යාපන ආයතනයෙහි ශාඛාවක්‌ පැවතුනු බව දැක්‌වේ. අභයගිරි විශ්වවිද්‍යාලය දකුණු ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්‌ථාන සමග ද දැඩි සම්බන්ධතා පැවැත්වූ බව මංගල ඉලංගසිංහ (2006) දක්‌වයි. මෙයින් මහායානික විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර සබඳතා හඳුනාගත හැකි වෙයි.

හතරවැනි මහින්ද රජුගේ අභයගිරිය ආශ්‍රිත සෙල්ලිපියෙහි මෙසේ සඳහන් වේ.

"ලංකාවේ රජවරුන් බෝසතුන් විය යුතු බවත්, ශ්‍රී ලංකා රාජ්‍ය භික්‌ෂූන්ට අයත් බවත්, රජවරුන් ඔවුන්ගේ සේවකයන් සේ සලකා රට පාලනය භාර දී ඇති බවත්" එහි සඳහන් වේ.

මහායාන බෝධිසත්ව සංකල්පය අනුව සියලූම අය නිර්වාණය කරා යාම සඳහා ඉහළම මට්‌ටමේ උගතුන් විය යුතු වේ. මහාචාර්ය පරණවිතාන මහතා දක්‌වන්නේ බෝධිසත්වයකු වීම සඳහා උගත යුතු විෂය පහක්‌ පැවති බවයි.

* ප්‍රසිද්ධ මතවාද හා දැනුම ලබා දීම සඳහා

1. භාෂාමය වියරණ

2. තර්ක ශාස්‌ත්‍ර ඉගෙනගත යුතුය.

 *පරාර්ථ චර්යාව සඳහා

1. වෛද්‍ය විද්‍යාව

2. ශිල්ප ඉගෙනගත යුතුය.

* තම යහපත සඳහා

1. දර්ශනවාද ඉගෙනගත යුතුය.

මෙම සංකල්පය ඉතා වැදගත් දෙයකි. මහායාන බෝධිසත්වයින් යනු සෑම පුද්ගලයකුම අපේක්‌ෂා කරන නිර්වාණය සඳහා ඇති ම`ගයි. එම නිවන් ම`ග ලබා ගැනීම සඳහා සෑම මහායානික බෞද්ධ ස්‌ත්‍රී පුරුෂයකුම උක්‌ත විෂයමාලාව හැදෑරිය යුතුය. එසේ නම් එම සංකල්පය අනුව මුළු මහායානික බෞද්ධ සමාජයම ඉහළ උගතුන් විය යුතු වේ. එම උගත්කම ලබා දීම මහායානික උසස්‌ අධ්‍යාපන ආයතනවලින් සිදු කළ බවත් එම උගත්භාවය ලබා ගැනීම හැම මහායානික බෞද්ධයකුගේම අරමුණ බවත් පෙනේ. මෙම අරමුණ අනුව මුළුමනින්ම සමාජය ඉගෙනුම් සමාජයක්‌ වේ. මේ අනුව සෑම අයෙකුම

1. භාෂාව හා ව්‍යාකරණය

2. තර්ක ශාස්‌ත්‍රය

3. වෛද්‍ය විද්‍යාව

4. ශිල්ප ශාස්‌ත්‍ර

5. දර්ශනවාද

අනිවාර්යයෙන්ම උගත යුතු විෂයමාලාව විය. මේ අනුව අධ්‍යාපන අංශයෙන් සමාජය උසස්‌ම තත්වයක තිබූ බව පෙනේ. මෙම ස්‌වභාවයන් අනුව අභයගිරි විශ්වවිද්‍යාලය නාලන්දා වික්‍රමශිලා මට්‌ටමේ අධ්‍යාපන ආයතනයක්‌ බව පෙනේ. සෑම මිනිසකුම ඉහළ උගතකු බවත්, එවිට රට ඉතා ශිෂ්ටසම්පන්න රටක්‌ වන බවත් පෙනේ. මේ අනුව මහායානික විශ්වවිද්‍යාල වන අභයගිරිය, ෙ-තවනය ආදියෙහි බෝධිසත්ව සංකල්පය අනුව විෂයමාලා සංවිධානය කර ගත් බව පැහැදිලි වෙයි.

මහායානික භික්‌ෂුන් මුල සිටම මෙරට ජනයා සමග සම්බන්ධ වී කටයුතු කර ඇත. මහායානය ඉක්‌මනින් මෙරට පැතිරයාමට හේතු වූයේ ඔවුන් සංස්‌කෘත භාෂාව භාවිත කළ නිසා බවත් පොදු ජනයාට අවශ්‍ය වෛද්‍ය විද්‍යාව, ජ්‍යෙdතිෂ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර, කලා ශිල්ප ආදිය පිළිබඳ කිසිවක්‌ පාලි භාෂාවෙන් නොවූ බවත්, මේ සියල්ල සංස්‌කෘත භාෂාවෙන් තිබීමත් නිසා මහායානය ජනයා අතර ජනප්‍රිය වූ බවත් ශාසනරතන හිමි (1999) පවසයි. මේ අනුව අභයගිරිය, ඡේතවනය, දක්‌ෂිණගිරි විහාරය, විජයාරාමය, මිහින්තලය ආදිය මහායානික ආරාම වූ බව ද සාසනරතන හිමි (1999) පවසයි.

මහායාන ආචාර්යවරුන් පිළිබඳව මහාවංශය ආදී ග්‍රන්ථවල ඉතා සුළු වශයෙන් සඳහන්ව ඇත. ෆාහියන් හිමි ධර්ම ගුප්ත නම් ප`ඩිවරයකු පිළිබඳව සඳහන් කරයි. අභයගිරි උසස්‌ අධ්‍යාපන ආයතනයෙහි සද්ධම්මෝපායන නම් පාලි ග්‍රන්ථය ලියන ලද්දේ අභයගිරි චක්‍රවර්ති ආනන්ද හිමියන්ය. කපාරා පිරුවනෙන් ලැබී ඇති ශිලා ලේඛනය ලියූ සංඝනන්දි නම් තෙරුන් ද අභයගිරි උසස්‌ අධ්‍යාපන ආයතනයෙහි ආචාර්යවරයෙකි. මහාවිහාරික ආචාර්යවරුන් රැසක්‌ පිළිබඳව මහාවංශයෙහි සඳහන් වුව ද අභයගිරි ආචාර්යවරුන් පිළිබඳව එසේ සඳහන් නොවේ.

අභයගිරිය, ඡේතවනය ප්‍රමුඛ මහායාන විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනයන්හි පැවති උසස්‌ අධ්‍යාපනයෙහි ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන් හා ස්‌වරූප හඳුනාගත හැකිය.

1. උසස්‌ අධ්‍යාපනයේ දී සංස්‌කෘත භාෂාවට ප්‍රධාන ස්‌ථානයක්‌ ලබා දීම. (මහායානික)

2. විවිධ භාෂා ඉගැන්වීම. (මහායානික)

3. මහායාන අධ්‍යාපන ආයතනයන්හි මහායානය හා ථේරවාදය යන දර්ශන දෙකම

පිළිබඳව අධ්‍යාපනය ලබා දීම. (මහායානික)

4. අභයගිරිය ප්‍රමුඛ මහායාන ආයතන ලෞකික විෂයයන්ට ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලබා දීම හා ඒවා ඉගැන්වීම. (මහායානික)

5. අධ්‍යාපනය ජාත්‍යන්තර මට්‌ටමෙහි පැවතීම. (මහායානික)

6. ජාත්‍යන්තර සබඳතා මහායානිකයින්ගේ ඉහළ මට්‌ටමින් පැවතීම.

7. බෝධිසත්ව සංකල්පය අනුව සෑම අයෙකුම උගත යුතු අවම ප්‍රමාණයට ළ`ගාවීමට

උත්සාහ දැරීම නිසා ඉගෙනුම් සමාජයක්‌ බිහිවීම. (මහායානික)

8. සෞන්දර්ය අධ්‍යාපනයට ප්‍රධාන ස්‌ථානයක්‌ දීම මෙන්ම ඒවා ප්‍රායෝගික කිරීම. (මහායානික)

9. විෂයමාලා විවිධාංගීකරණය වීම. (මහායානික)

10. සියලූ විෂයමාලා හා අධ්‍යාපන පරිපාටිය දේශීය හා විදේශීය අවශ්‍යතාවලට අනුව සිදු කිරීම. (මහායානික)

11. අභයගිරි ශිෂ්‍ය පරපුර මහා විහාරයට වඩා වැඩිවීම.

12. අභයගිරිය ප්‍රමුඛ මහායාන අධ්‍යාපන ප්‍රතිපත්ති හා සම්ප්‍රදායයන් ජනප්‍රිය වීම.

13. සාම්ප්‍රදායික අධ්‍යයන ක්‍රමවේදවලින් බැහැරවීම.(මහායානික)

14. ජාත්‍යන්තරව පැවති මතවාද පිළිගනිමින් දේශීය/ස්‌වකීය අධ්‍යයනය දියුණු කර ගැනීම. (මහායානික)

15. ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිපත්ති බිහි කිරීම. (මහායානික)

16. නම්‍යශීලී අධ්‍යාපන ප්‍රතිපත්ති ඇති කිරීම. (මහායානික)

17. ගිහි පැවිදි දෙපාර්ශ්වය සඳහාම අධ්‍යාපනය දියුණු කිරීම. (මහායානික ථේරවාද)

18. බොදු දහම ප්‍රායෝගික ලෙස පොදු ජන හදවත්වලට සම්බන්ධ කිරීම.

(මහායානික)

19. නව ïවිතයක්‌ හා නව චින්තන රටාවක්‌ සමාජය තුළ ඇති කිරීම. (මහායානික)

20. බුදු දහමේ සමාïය මෙහෙවර මැනවින් ඉටු කිරීමට කැපවී ක්‍රියා කිරීම.

(මහායානික)

වලගම්බා රජතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අභයගිරිය විහාරය පසු කාලයේ දී විශ්වවිද්‍යාලයක්‌ ලෙස වර්ධනය විය. අභයගිරි විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය සාම්ප්‍රදායික අධ්‍යාපන ශෛලීන්ගෙන් වෙනස්‌ වූ අතර, එය මහාවිහාර විශ්වවිද්‍යාලය මෙන් දේශීය අනන්‍යතාවයට පමණක්‌ම ගරු නොකළ අතර අභයගිරි විශ්වවිද්‍යාලය විදේශීය මතවාදයන් අනුව ද අධ්‍යාපනය සංවර්ධනය කර ගන්නා ලදී. මේ අනුව අභයගිරි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සම්ප්‍රදාය හා මතවාදයන් මෙන්ම ක්‍රමවේදයන් ද නව ආරක්‌ ගන්නා ලදී. මහසෙන් රජ සමයේ දී මහායාන අභයගිරි විශ්වවිද්‍යාලයට අමතරව ෙæතවනය නමින් තවත් විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ වූ අතර මහායාන සම්ප්‍රදායේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තව තවත් සංවර්ධනය වීමට මෙය හේතු විය. මහාවිහාරය කිසි විටකත් විෂයමාලා සම්පාදනයේ දී ථේරවාදය ඉක්‌මවා යාමට කටයුතු කළේ නැත. එහෙත් අභයගිරි සම්ප්‍රදාය ථේරවාදය හා මහායාන නියෝජනය වන පරිදි තම විෂයමාලා සම්පාදනයෙහි යෙදුණු අතර මෙම විෂයමාලාවන්හි වෙනස ඔවුන් අතර අර්බුදයක්‌ නිර්මාණය කිරීමට ඉවහල් විය (සාරානන්ද හිමි, 2006). අභයගිරිය මෙරට විද්‍යාස්‌ථාන අතර ප්‍රබලම විද්‍යස්‌ථානය විය. අනුරාධපුරයේ අග භාගය වන විට මහාවිහාරය, අභයගිරිය, ෙæතවනය යන ආයතනවලට අනුබද්ධව අෂ්ට මූලායතන ආරම්භ විය (සාරානන්ද හිමි, 2006).

අභයගිරි විශ්වවිද්‍යාලයෙහි මහායානය මෙන්ම ථේරවාදය ද ඉගැන්වූ බවත්, මහාවිහාරයෙහි ථේරවාදය පමණක්‌ ඉගැන්වූ බවත් සඳහන් වේ. මහායාන විශ්වවිද්‍යාලයන්හි බෝධිසත්ව සංකල්පය ප්‍රධානම අධ්‍යාපන ප්‍රතිපත්තිය විය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා බෝධිසත්ව සංකල්පය අනුව බෝධිසත්වයකු වශයෙන් සෑම අයෙකුම නිර්වාණ අවබෝධය සඳහා බෝධි සත්වයකු විය යුතු යෑයි විශ්වාස කළ බව දක්‌වයි.

අනුරාධපුර යුගයේ ලංකාවේ පැවති විශ්වවිද්‍යාලවලට පෙර කැලණියෙහි විශ්වවිද්‍යාලයක්‌ තිබූ බව ආචාර්ය සූරිය ගුණසේකර පවසයි. සූරිය ගුණසේකර (2011) දක්‌වනු ලබන්නේ ඊ¶ප්තුවේ ඇලෙක්‌සැන්ඩි්‍රයා කෞතුකාගාරයේ පවතින සාධක අනුව කැලණියේ වරායක්‌ සහ ඒ ආශ්‍රිතව නාවුක විශ්වවිද්‍යාලයක්‌ පැවති බවයි. ඔහු දක්‌වන පරිදි මෙම විශ්වවිද්‍යාලය අනුරපුර යුගයටත් වඩා පැරණි එකකි. මුහුද ගොඩ ගලා පසුව ගොඩබිම ගිලා බැස අග්නිදිග ලංකා නාග ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය ආකාරය එම තොරතුරුවල දැක්‌වේ. ඉන් පසුව ලංකාවේ රට මැද යක්‌ෂ ශිෂ්ටාචාරය හෙවත් වැව් බැඳ ගොවිතැන් කරන මහාවාපි ශිෂ්ටාචාරය බිහි විය. මේ අනුව කැලණියේ පැවති නාවුක විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ තොරතුරු ලංකාවේ සෙල්ලිපිවල පවතින බව ද ඔහු දක්‌වයි. මහාචාර්ය පරණවිතාන මහතාගේ ශිලා ලේඛන සංග්‍රහය 1 හි බ්‍රාහ්මී නොවන සංකේත 43ක්‌ දක්‌වා තිබේ. ඉන් 11 ක්‌ම නැංගුරම් සංකේත වේ. මෙයින් (රූප) සංකේත තුනක්‌ම නාවුක සමාගමක්‌ වන "මඩුකසලිය" නම් සමාගමේ සංකේත වේ. මෙම නැව් සමාගම් "මඩුකසලිය ප්‍රගියන", "කාම්බෝජ ප්‍රගියන", "අලිපවන ප්‍රගියන", "තුබදවසර ප්‍රගියන" ලෙස සමාගම් හතරක්‌ පිළිබඳව මහාචාර්ය පරණවිතාන මහතා දක්‌වයි. මෙම සමාගම් ද මෙම විශ්වවිද්‍යාලය සම`ග සම්බන්ධතාවක්‌ දක්‌වයි. චීන ඓතිහාසික ලේඛනවල චීන වරායට පැමිණි විශාලම නැව් අඩි 200 කට වඩා දිග ඒවා බව සඳහන් වීම ද වැදගත් වේ (සූරිය ගුණසේකර, 2011). සූරිය ගුණසේකර මහතා දක්‌වන පරිදි ලංකාවේ අභයගිරිය හා මහාවිහාර විශ්වවිද්‍යාලවලට පෙර නාවුක විශ්වවිද්‍යාලයක්‌ ලංකාවේ පැවතුණි. ලොව පැරණිම විශ්වවිද්‍යාලය නාලන්දා විශ්වවිද්‍යාලය බව ඉන්දියානු ඉතිහාසඥයෝ දක්‌වති. එහෙත් සූරිය ගුණසේකර (2011) දක්‌වන පරිදි ලොව පැරණිම විශ්වවිද්‍යාලය වනුයේ නාලන්දා විශ්වවිද්‍යාලයට පෙර ලංකාවේ පැවති නාවුක විශ්වවිද්‍යාලය විය යුතුය.

ලංකාවේ පැවති පැරණි විශ්වවිද්‍යාලවල ඇගයීම් කටයුතු පිළිබඳව පැහැදිලි සවිස්‌තරාත්මක තොරතුරු නැතත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අදාළ ව සමහර ඇගයීම් ගැන ඉහතින් සඳහන් කර තිබේ. කෙසේ නමුදු විශ්වවිද්‍යාලවල මූලික ඇගයීම්වලින් පසුව උපාධි ප්‍රදානය කර තිබේ. එම උපාධිවල නම් පහත දැක්‌වේ.

1. වාගීශ්වර 6. කවිචක්‍රවර්ති

2. කවිරාජ 7. විද්‍යාපති

3. කවි කාල සර්වඥ 8. විද්‍යා චක්‍රවර්ති

4. මහේශ්වරාචාර්ය 9. සරස්‌වතී

5. මහාපාත්‍ර 10. සූර්ය පණ්‌ඩිත

මෙම උපාධි ලැබීමෙන් පසු සමහර භික්‌ෂූන් වහන්සේලා තිස්‌ස මහා විහාරය හා සිතුල්පව්ව යන අධ්‍යාපන ආයතනවල නැවතත් ඉගෙන ගත් බව සඳහන් වේ. එම ආයතන උපාධි ලැබීමෙන් පසු ඉගෙනගත් ආයතන නිසා ඒවා පශ්චාත් උපාධි ආයතන ලෙස කටයුතු කළ බව පෙනේ. මෙම තත්වයෙන් පැහැදිලි වන්නේ අද්‍යතන යුගයේ මෙන්ම පශ්චාත් උපාධි ආයතන ද ක්‍රියාත්මක වී ඇති ආකාරයයි.

ආශ්‍රිත ග්‍රන්ථ

රෝලන්ඩ් සිල්වා (2000) දිවයින පුවත්පත, යුරෝපයේ සරසවි හා ශ්‍රී ලංකාවේ සරසවි, 2000 පෙබරවාරි 07 සඳුදා.

ආනන්ද ජයවර්ධන (2012) ලංකාවේ පැරණි දේශීය අධ්‍යාපනය, ආරිය ප්‍රකාශකයෝ, කොළඹ 10.

පන්නඩුවේ යසස්‌සී හිමි (2014) ඉරිදා ලංකාදීප, අනුරපුර මහාවිහාරය හා ථේරවාදී අධ්‍යාපනය, 2014 මාර්තු 09.

සූරිය ගුණසේකර (2011) ඉරිදා ලංකාදීප, අනුරපුරට වඩා පැරණි ගිනිකොනදිග ශිෂ්ටාචාරය, 2011 ජනවාරි 09.

රං¶ත් රුබේරු (1968) ලංකාවේ අධ්‍යාපන පරිණාමය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.

ධම්මරතන හිමි, හිස්‌සැල්ලේ (1960) සිංහලයේ ද්‍රවිඩ බලපෑම්, එම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.

ධීරානන්ද හිමි, හ`ගුරන්කෙත (2004) මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සංඝ සමාජය, ආරිය ප්‍රකාශකයෝ, කොළඹ.

ශාසනරතන හිමි, මොරටුවේ (1999) ලක්‌දිව මහායාන අදහස්‌, විසිදුනු ප්‍රකාශකයෝ, කොළඹ.

ධම්මවිසුද්ධි හිමි, යටදොලවත්තේ (1995) පොළොන්නරුව හා දඹදෙණි කතිකාවත්, කැලණිය විශ්වවිද්‍යාලය.

තුසිත, මැන්දිස්‌ (2004) දිවයින පුවත්පත, අනුරාධපුර යුගයේ ලෝක කර්මාන්තය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll