441. "බෞද්ධ" කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "බෞද්ධ" යන්නෙහි වචනාර්ථය කෙටියෙන් පැහැදිලි කරන්න.

A - 1. භාෂා විද්‍යාත්මකව, "උ" ස්වරය වෙනුවට "ඖ" ස්වරය ආදේශ වීම සිංහල ව්‍යාකරණ රීතිතිය කි.

බුද්ධ = බු + ද් + ධ
බු = බ් + උ
උ > ඖ
බ් + ඖ = බෞ
බෞ + ද් + ධ = බෞද්ධ.

“බුද්ධ” යන වදන බුදුරජාණන්වහන්සේට මෙන් ම ඉතා ඉහළ නුවණක් / ප්‍රඥාවක් ඇති අර්ථයෙන් ද යෙදේ; එවිට,

බෞද්ධ = ඉතා ඉහළ නුවණක් / ප්‍රඥාවක් ඇති තැනැත්තා; පණ්ඩිතයා, බුද්ධිමතා, නුවණැත්තා, ප්‍රාඥයා; ඉතා ඉහළ නුවණක් / ප්‍රඥාවක් ඇති දේ; වටහාගත්, අවබෝධකළ, බුද්ධිමත්, ...

[මෙසේ, “බුද්ධ” යන පාළි/සංස්කෘත පදයට, ස්වරාදේශයෙන් සාදා ගත් (“බුද්ධිමත්” / “බුදුහිමියන්ගේ දර්ශනය අනුගමනය කරන්නා” යනාදී අරුතැති) “තත්භව” වදනක් විය යුතු ය.

S. "Sanskrit > Adjective (buddhá) awake, enlightened, conscious, intelligent, clever, wise."

S. "Pali > From Sanskrit (buddha, “awakened”). Noun Buddha (Buddhism) Buddha, the enlightened one."

බුද්ධ පදාර්ථය.

A - 2. “බෞද්ධ” යන සංස්කෘත පදය (එලෙසින් ම) යොදා ගත්, “බුද්ධිමත් - බුද්ධිය හා බැඳුණු - මනස හා සබැඳි” / “බුදුහිමියන් හා බැඳුණු” / “බුදුහිමියන්ගේ දර්ශනය අනුගමනය කරන්නා” යන අරුතැති “තත්සම” වදනක් විය යුතු ය.

["Bauddha (बौद्ध).—a. (-ddhī f.) [बुद्ध-द्धि अण् (buddha-ddhi aṇ)]

1) Relating to Buddhi or understanding; mental.

2) Relating to Buddha.

-ddhaḥ A follower of the religion taught by Buddha."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll