Q. මහානාම ශාක්‍යා දැනං හිටියේ නැහැ නේද තමන් සෝවහන් බව - බය වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඔහුගේ මරණයේ දී බය වෙන්න සිදුවෙයි ද කියලා?
[ මෙය ද කියවන්න. ]
A / R. සියල්ලට ප්‍රථම වැ, “සෝවහන් උතුමෙක් හට තම සිතෙහි ඇතිවන මනෝ-විතර්කයකට ධර්මානුකූලව පිළිතුරු තමා තුළින් ම ලබාගත නොහැකියැයි” සිතන්නේ ද?
(එසේ සිතන්නේ නම්, එය කෙතරම් හාස්‍යජනක ද?)
“මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි” උතුමෙකු/උතුමන්ලා විසින් අසන ප්‍රශ්නය, (සැකයෙන් අසන) ලාමක වූ ප්‍රශ්නයක් නොව, යහපත් හා බුද්ධිමත් එකක් බව දත යුතු ය - මන්ද, තව දුරටත් තමා ම විමසුවේ නම්, තමාගේ ගතිය “සුගතිය ම” බව තමාට ම පෙනෙනු නිසැක ය; එහෙත් ලෝකයාගේ (බොහෝ දෙනාගේ හිතසුව පිණිස,) සැක/විමති දුරු කිරීම පිණිස, එවැනි ප්‍රශ්නයක් නැඟූ බව ද දත යුතු ය - එසේ තථාගතයන්වහන්සේ අභිමුඛයේ ම පුච්ඡා-විසර්ජනා කිරීමෙන් (ප්‍රශ්න කොට, පිළිතුරු ලබා ගැනීමෙන්), එය (සුපෝෂිත) බුද්ධ-භාෂිතයක් බවට පත්කිරීමෙහි ලා ගත් යෝධ ප්‍රඥාවන්ත දූරදර්ශී පියවරකි.
[එසේ නොවුණා නම්, “සෝවාන් පුද්ගලයෝ නොකරන්නේ (පන්චානන්තරීය කර්ම හා මිසදිටු ගැනීම යන) ‘බරපව් හයක්’ ම පමණි - අනෙක් ඒවා (ද, / ‘පස්පව්’ ද) කර නොසඟවයි” කිය(ව)න්නා සේ ම, “සෝවාන් පුද්ගලයෝ හදිසි අනතුරක දී මැරුණොත් අපා ගත වෙයි, අපාගත නොවන්නේ, තෙරුවන් කෙරෙහි සිහියෙන් සිටින විටක දී මැරුණොත් ම පමණි” යැයි කියා, අදට ද නන්දොඩ(ව)ත්.]

{“ස්වාමීනි, මේ කිඹුල්වත් නුවර ආහාරපානාදියෙන් සමෘද්ධය. හැම දෙයින් සම්පූර්ණය. බොහෝ මිනිසුන්ගෙන් යුක්තය. මිනිසුන්ගෙන් අතරක් නැත. කෙළවරක් නොදත හැකි වීථීන්ගෙන් යුක්තය. ස්වාමීනි, ඒ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හෝ සිත දියුණු කළ භික්ෂුවක් හෝ ආශ්‍රය කොට සවස් කාලයෙහි කිඹුල්වත් නුවරට ඇතුල්වන කල්හි කලබලවූ ඇතුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ අසුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ රිය ඉදිරියටද පැමිණෙමි. කලබලවූ ගැල් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ පුරුෂයකු ඉදිරියටද පැමිණෙමි. ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය."}