665 - විමාන ප්‍රේත / වේමානික ප්‍රේත?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ප්‍රේත වත්ථුවේ සදහන් වන "විමාන ප්‍රේත" යන්න පැහැදිලි කරන්න.

A. “විමානවල ඉපිද සැපදුක් දෙකම කලින් කල විඳින්නා වූ වේමානික ප්‍රේත ලෝකය.”

“මේ ප්‍රේතයාට රෑට දෙව්සැප ලැබේ. දවල්ට බොහෝ දුක් විඳින්නට සිදු වේ. හේතුව මොහු මුව වැද්දෙක්ව සිටිය දී එක් උපාසකතුමෙක් ගේ වචනය අසා රෑ දඩයම් කිරීමෙන් වැළකී සිට දවාලට එහි යෙදෙන්නේ ය. ඔහු කළුරිය කොට වේමානික ප්‍රේතයෙකු වී ඉපිද මෙසේ රෑට සැප ලැබෙන අතර දවාලට දුක් විඳින්නෙක් වූ බව දත යුතු ය. - රෑට දෙව්සැප දවාලට අපාදුක (මිගලුද්දක ප්‍රේත වස්තුව)”

[“තරුණ දෙවතාවන් හා දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලද්දාවූ සිත්කළුවූ කාමකොට්ඨාසයන්ගෙන් යුක්තව රාත්‍රී කාලයෙහි හොබනෙහිය. දවල්කාලයෙහි දුක් අනුභව කරන්නෙහිය. පූර්වජාතියෙහි කිනම් කර්මයක් කෙළෙහිද?”]

{“සෙය්‍යථාපි මනුස්සාතිආදීසු මනුස්සානං තාව කාලෙන සුඛං කාලෙන දුක්ඛං පාකටමෙව, දෙවෙසු පන භුම්මදෙවතානං, විනිපාතිකෙසු වෙමානිකපෙතානං කාලෙන සුඛං කාලෙන දුක්ඛං හොතීති වෙදිතබ්බං. හත්ථිආදීසු තිරච්ඡානෙසුපි ලබ්භතියෙව.”}

https://pitaka.lk/main?n=43127&p=478
https://pitaka.lk/books/karma-vipaka/6-6.html
https://pitaka.lk/books/karma-vipaka/6-7.html
https://pitaka.lk/main?n=29332
https://tipitaka.app/?a=id23-5-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll