454. කොයි කොටසෙන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් ආහාර පාන සඳහාද, කොටස් දෙකක් තම කර්මාන්ත/ආයොජන සඳහාද, අනෙක් කොටස මතු ප්‍රයොජනය සදහා ඉතිරි කළ යුතු බවද බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.
මෙහිදී පුන්‍ය කටයුතු සදහා අදාළ වන්නේ කුමන කොටසද?

A / R. පරිභෝජනය සඳහා ගන්නා කොටස යි - ඉමෙසු පන චතූසු කොට්‌ඨාසෙසු කතරකොට්‌ඨාසං ගහෙත්‌වා කුසලං කාතබ්‌බන්‌ති? ‘‘භොගෙ භුඤ්‌ජෙය්‍යා’’ති වුත්‌තකොට්‌ඨාසං.

[“එකෙන භොගෙ භුඤ්‌ජෙය්‍යාති එකෙන කොට්‌ඨාසෙන භොගෙ භුඤ්‌ජෙය්‍ය. ද්‌වීහි කම්‌මං පයොජයෙති ද්‌වීහි කොට්‌ඨාසෙහි කසිවාණිජ්‌ජාදිකම්‌මං පයොජෙය්‍ය. චතුත්‌ථඤ්‌ච නිධාපෙය්‍යාති චතුත්‌ථං කොට්‌ඨාසං නිධාපෙත්‌වා ඨපෙය්‍ය. ආපදාසු භවිස්‌සතීති කුලානඤ්‌හි න සබ්‌බකාලං එකසදිසං වත්‌තති, කදාචි රාජාදිවසෙන ආපදාපි උප්‌පජ්‌ජන්‌ති, තස්‌මා එවං ආපදාසු උප්‌පන්‌නාසු භවිස්‌සතීති ‘‘එකං කොට්‌ඨාසං නිධාපෙය්‍යා’’ති ආහ. ඉමෙසු පන චතූසු කොට්‌ඨාසෙසු කතරකොට්‌ඨාසං ගහෙත්‌වා කුසලං කාතබ්‌බන්‌ති? ‘‘භොගෙ භුඤ්‌ජෙය්‍යා’’ති වුත්‌තකොට්‌ඨාසං. තතො ගණ්‌හිත්‌වා භික්‌ඛූනම්‌පි කපණද්‌ධිකාදීනම්‌පි දාතබ්‌බං, පෙසකාරන්‌හාපිතාදීනම්‌පි වෙතනං දාතබ්‌බං.”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll