547. සවණක් ඝණ බුදුරැස් - බුද්ධරශ්මිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන් වහන්සේට හැරුණු කොට රහතන් වහන්සේ නමකට ෂඩ් වර්ණ රශ්මි මාලාවක් තිබිය හැකිද? වෙනත් වර්ණයක රැස් මාලාවක් රහතන් වහන්සේ නමකට තිබිය හැකිද? පිළිතුරක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

A. ෂට්/ෂඩ් වර්ණ රශ්මි මාලාව නම්, විහිදිය හැක්කේ බුදුරජාණන්වහන්සේලාගේ රූප කයෙන් ම පමණි.
[“බුද්ධානං හි රූපකායස්ස අසීතිඅනුබ්‍යඤ්ජනපටිමණ්ඩිත-බාත්තිංසමහාපුරිස- ලක්ඛණ-කායප්පභා-බ්‍යාමප්පභා-කෙතුමාලාවිචිත්තතා බුද්ධවෙසො.” - https://tipitaka.app/?a=ma7-67-si
"... වෙසො ජිනාවෙණිකො බුද්ධවෙසො ..."
"රූපකායස්ස අසීතිඅනුබ්‍යඤ්ජන-පටිමණ්ඩිත-ද්වත්තිංසමහාපුරිසලක්ඛණකායප්පභාබ්‍යාමප්පභාකෙතුමාලාවිචිත්තතාව ¶ (දී· නි· 2.33; 3.200; ම· නි· 2.385) බුද්ධවෙසො. ඡබ්බණ්ණා බුද්ධරස්මියො විස්සජ්ජෙන්තස්ස භගවතො කායස්ස ආලොකිතවිලොකිතාදීසු පරමුක්කංසගතො බුද්ධාවෙණිකො අච්චන්තුපසමො බුද්ධවිලාසො. අස්සන්ති තස්සං."

A. "DSA-14 - මේ විසිඑක්‌ දිනයන්‌ අතුරෙහි එක්‌ දිනකදී බුදුන්ගේ සිරුරෙන්‌ රශ්මි නො නික්මියේය. සතරවන සතියෙහි වනාහි වයඹදිග රුවන්ගෙයි වැඩහුන්‌ සේක. රුවන්‌ ගෙය සත්රුවන්මුවා ගෙයක්‌ නොවේමය. සපජ්තප්‍රකරණයක්‌ සම්මර්ශනය කළ ස්ථානය වනාහි රුවන්ගෙය යැයි දතයුතූයි. එනිදී ධමමසංගණිය සම්මර්ශනය කරන්නා වූ ද බුදුන්ගේ ශර්රයෙන්‌ රශ්මි නො නික්මිණ. විභංග ප්‍රකරණය, ධාතුකථාව, පුද්ගල ප්‍රඥප්තිය, කථාවස්තු ප්‍රකරණය සහ යමක ප්‍රකරණය යන මේවා සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන්‌ වහන්සේගේ ශරීරයෙන්‌ රශ්මි නොනික්මිණ. යම්‌ අවස්ථාවකදී වනාහි මහා ප්‍රකරණයට බැස 'හෙතුපචචයො, ආරමමණ පචචයො -පෙ- අවිගත පචචයො' යනුවෙන්‌ සම්මර්ශනය පටන්ගත්‌ සේක්‌ ද? ඉක්බිති සූවිසි සමන්තපටඨානය සම්මර්ශනය කරන්නා වූ උන්වහන්සේගේ සර්වඥතා ඥානය නිරන්තරවැ මහා ප්‍රකරණයේ අවකාශ ලැබීය. යම්සේ තිමිරපිංගල මහාමත්ස්‍යයා වනාහි අසූහාර දහසක්‌ යොදුන්‌ ගැඹුරැති මහා සමුද්‍රයෙහි ම අවකාශ ලබයිද? මෙ පරිද්දෙන්‌ සර්වඥතා ඥානය ඒකාන්ත වශයෙන්‌ මහා ප්‍රකරණයෙහි අවකාශ ලැබීය. මෙසේ අවකාශ ලද සර්වඥතා ඥානයෙන්‌ සුවසේ ඉතා සියුම්ව ධර්මය සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන්‌ වහන්සේගේ ශරීරයෙන්‌ නීල පීත ලෝහිත ඕදාත මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වශයෙන්‌ සවනක්‌ රැස්‌ නික්මිණ. කෙස්‌ රවුලු මෙන්‌ ම ඇස්වල නිල්‌ තැන්වලින්‌ නිල්‌ රැස්‌ නික්මිණ. ඒවායේ වශයෙන්‌ අහස්තලය අඳුන්‌ සුනින්‌ ගැවසුණාක්‌ මෙන්‌ ද, දියබෙරලිය මල්‌ නිලු පුල්පෙත්‌ ගැවසුණාක්‌ මෙන්‌ ද විසිරෙන්නා වූ මිණි තල්වැටක්‌ මෙන්‌ ද දිගහරින ලද නිල්පටක්‌ මෙන්‌ ද විය. සිවියේ මෙන්‌ ම ඇස්වල කහවන්‌ තැන්වලින්‌ කහවන්‌ රැස්‌ නික්මිණ. ඒවා විසින්‌ රන්දිය දහර ඉසින්නාක්‌ මෙන්‌ ද දිගහරින ලද රන්පට මෙන්‌ ද, කොකුම්සුනු, කිණිහිරි මල්‌ ගැවසුණාක්‌ මෙන්‌ ද බැබළිණ. මස්‌ ලේවලින්‌ මෙන්‌ ම ඇස්වල රතුපැහැ තැන්වලින්‌ ද ලෝහිත රශ්මි නික්මිණ. ඒවා විසින්‌ දිසාභාග සින්දූර සූත්‍රයෙන්‌ රඳනා ලද්දක්‌ මෙන්‌ ද මනාව පැසවන ලද ලතුරස ඉසින්නාක්‌ මෙන්‌ ද රතු කම්බිලියකින්‌ වටකරන ලද්දක්‌ මෙන්‌ ද බදුවදමලින්‌ පිරිබඩ කළ බදුවදමලින්‌ විසුරුවන ලද්දක්‌ මෙන්‌ ද බැබළිණ. ඇටවලින්‌ මෙන්‌ ම දත්වලින්‌ ද ඇස්වල සුදු තැන්වලින්‌ ද සුදුරැස්‌ නික්මිණ. එයින්‌ දිසාභාග රිදී කළයකින්‌ වත්කරනු ලබන ක්‍ෂීරධාරා විසුරුණාක්‌ මෙන්‌ ද දිගහරින ලද ඊරිදීපටින්‌ කළ වියනක්‌ මෙන්‌ ද දිගහැරෙන රිදී තල්වැටක්‌ මෙන්‌ ද කොඳකුමුදු තික සමන්‌ බෝලිද්ද ආදී කුසුමින්‌ ගැවසුණා මෙන්‌ ද බැබළිණ. මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වර්ණ වනාහි ඒ ඒ සිරුරු පෙදෙස්වලින්‌ නික්මිණ."

"ඉමෙසු ච එකවීසතියා දිවසෙසු එකදිවසෙපි සත්ථු සරීරතො රස්මියො න නික්ඛන්තා.
චතුත්ථෙ පන සත්තාහෙ පච්ඡිමුත්තරාය දිසාය රතනඝරෙ නිසීදි – රතනඝරං නාම නෙව සත්තරතනමයං ගෙහං. සත්තන්නං පන පකරණානං සම්මසිතට්ඨානං ¶ රතනඝරන්ති වෙදිතබ්බං – තත්ථ ධම්මසඞ්ගණිං සම්මසන්තස්සාපි සරීරතො රස්මියො න නික්ඛන්තා. විභඞ්ගප්පකරණං ධාතුකථං පුග්ගලපඤ්ඤත්තිං කථාවත්ථුප්පකරණං යමකප්පකරණං සම්මසන්තස්සාපි සරීරතො රස්මියො න නික්ඛන්තා. යදා පන මහාපකරණං ඔරුය්හ “හෙතුපච්චයො ආරම්මණපච්චයො…පෙ… අවිගතපච්චයො”ති සම්මසනං ආරභි, අථස්ස චතුවීසතිසමන්තපට්ඨානං සම්මසන්තස්ස එකන්තතො සබ්බඤ්ඤුතඤ්ඤාණං මහාපකරණෙයෙව ඔකාසං ලභි. යථා හි තිමිරපිඞ්ගලමහාමච්ඡො චතුරාසීතියොජනසහස්සගම්භීරෙ ¶ මහාසමුද්දෙයෙව ඔකාසං ලභති, එවමෙව සබ්බඤ්ඤුතඤ්ඤාණං එකන්තතො මහාපකරණෙයෙව ඔකාසං ලභි.
සත්ථු එවං ලද්ධොකාසෙන සබ්බඤ්ඤුතඤ්ඤාණෙන යථාසුඛං සණ්හසුඛුමධම්මං සම්මසන්තස්ස සරීරතො නීලපීතලොහිතොදාතමඤ්ජිට්ඨපභස්සරවසෙන ඡබ්බණ්ණරස්මියො නික්ඛමිංසු. කෙසමස්සූහි චෙව අක්ඛීනඤ්ච නීලට්ඨානෙහි නීලරස්මියො නික්ඛමිංසු, යාසං වසෙන ගගනතලං අඤ්ජනචුණ්ණසමොකිණ්ණං විය උමාපුප්ඵනීලුප්පලදලසඤ්ඡන්නං විය වීතිපතන්තමණිතාලවණ්ටං විය සම්පසාරිතමෙචකපටං විය ච අහොසි.
ඡවිතො චෙව අක්ඛීනඤ්ච පීතට්ඨානෙහි පීතරස්මියො ¶ නික්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා සුවණ්ණරසධාරාභිසිඤ්චමානා විය සුවණ්ණපටපසාරිතා විය කුඞ්කුමචුණ්ණකණිකාරපුප්ඵසම්පරිකිණ්ණා විය ච විරොචිංසු.
මංසලොහිතෙහි චෙව අක්ඛීනඤ්ච රත්තට්ඨානෙහි ලොහිතරස්මියො නික්ඛමිංසු යාසං වසෙන දිසාභාගා චීනපිට්ඨචුණ්ණරඤ්ජිතා විය සුපක්කලාඛාරසසිඤ්චමානා විය රත්තකම්බලපරික්ඛිත්තා විය ජයසුමනපාරිභද්දකබන්ධුජීවකකුසුමසම්පරිකිණ්ණා විය ච විරොචිංසු.
අට්ඨීහි චෙව දන්තෙහි ච අක්ඛීනඤ්ච සෙතට්ඨානෙහි ඔදාතරස්මියො නික්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා රජතඝටෙහි ආසිඤ්චමානඛීරධාරාසම්පරිකිණ්ණා විය සම්පසාරිතරජතපට්ටවිතානා විය, වීතිපතන්තරජතතාලවණ්ටා විය, කුන්දකුමුදසින්දුවාරසුමනමල්ලිකාදිකුසුමසඤ්ඡන්නා විය ච විරොචිංසු.
මඤ්ජිට්ඨපභස්සරා ¶ පන තම්හා තම්හා සරීරප්පදෙසා නික්ඛමිංසු. ඉති තා ඡබ්බණ්ණරස්මියො නික්ඛමිත්වා ඝනමහාපථවිං ගණ්හිංසු."

["PSMA-382 - දැන්‌ ඡනනං වණණානං යනු යට, මතුකයෙන්‌ යැයි ආදී නොයෙක්‌ ආකාරයන්ගෙන්‌ ශරීරාවයව යූු සේයි. ඒ ශරීරාවයව සම්බන්ධව පවත්වයි යන වචන සම්බන්ධයෙන්‌ යමක පාතිහාර්යාධිකාරයෙන්ද, ෂට්‌ වර්ණයන්ගේ, ශරීරාවයව වූ, රශ්මින්‌ යුග්මවැ පවතිත්යැයි යූ සේයි. ෂෂ්ඨි වචන සම්බන්ධයෙන්ද, ඒකාන්තයෙන්‌ රශ්මීහුයෑයි පාඨශේෂ කැමැති විය යුතුය. නීලානං යනු නිල්වන්‌ උම්මා පුෂ්ප වර්ණයන්ගේ, පීතකානං යනු කිණිහිරි පුෂ්ප වර්ණයන්ගේ, ලොහිතකානං යනු උඳුගොව්‌ වර්ණයන්ගේ, ඔදාතානං යනු ඔසධී නමැති තාරක වර්ණයන්ගේ, මඤජිටඨානං යනු මඳ රත්‌ වර්ණයන්ගේ, පභසසරානං යනු ඉතා බබළන ප්‍රකෘතික වර්ණයන්ගේ, ප්‍රභාස්වර වර්ණය වෙන්ව අවිද්‍යමාන වූයේද, කියන ලද පංච වර්ණයන්හි, යම්‌ යම්‌ ආලෝක බබළනුයේද, ඒ ඒ ආලෝක ප්‍රභාස්වර නමැ. එසේමැයි. යමක මහා ප්‍රාතිහාර්ය කරන්නා වූ. තථාගතයන්‌ වහන්සේට. යමක මහා ප්‍රාතිහාර්ය බලයෙන්ම, කෙහෙ, රැවුල්‌, අක්‍ෂි ආදී නිල්‌ ස්ථානයන්ගෙන්‌ නිල්‌ රශ්මීහු නික්මෙති, අහස්තලය අඳුන්‌ සුණු විසුරුවන ලද්දක්‌ මෙන්ද, නිල්පැහැති උම්මා පුෂ්ප හා නිලුපුල්‌ පෙතිවලින්‌ වැසුණාක්‌ මෙන්ද, සෙලචී වැටෙන මැණික්‌ තල්‌ නටුවක්‌ මෙන්ද, විසුරුවන ලද මොණර ඇස්‌ පිලෙන්‌ තැනූ වස්ත්‍රයක්‌ මෙන්ද වේ. චර්මයෙන්ද, අක්‍ෂීන්ගේද කහපැහැති ස්ථානයන්ගෙන්‌ කහ රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ රන්රස විසුරුවන්නාක්‌ මෙන්‌ රන්‌ වස්තු දිගහරින ලද්දාක්‌ මෙන්ද කොකුම්‌ චූර්ණ කිණිහිරි මලින්‌ ගැවැසී ගත්තාක්‌ මෙන්ද බබළති. මස්‌ ලේ හා අක්‍ෂීන්හි රත්‌ ස්ථානයන්ගෙන්‌ ලෝහිත(රත්‌) රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන්‌ දිසා ප්‍රදේශ රත්සිරියල්‌ චූර්ණයෙන්‌ වර්ණගැන්වූ ආකාරයෙන්‌, මනාව ඉදුණු, දියකළ ලාකඩ රස ඉසින්නාක්‌ මෙන්‌, රත්‌ කම්බිලියකින්‌ වටකළාක්‌ මෙන්ද, දෑසමන්‌ එරබදු වද යන මල්වලින්‌ ගැවසී ගත්තාක්‌ මෙන්ද, බබළති. අස්ථින්ගෙන්ද, දන්තයන්ගෙන්ද, නේත්‍රයන්හි ශ්වේතස්ථානයන්ගෙන්‌ ශ්චේත රශ්ම්හු නික්මෙති. යමකගේ වශයෙන්‌ දිශා ප්‍රදේශ රිදී පර්වත මුදුන්වලින්‌ ඉසිනු ලබන ක්‍ෂීරධාරා ගැවසී ගත්තාක්‌ මෙන්ද, දිගහරින ලද රිදී තහඬු වියනක්‌ මෙන්ද, පතිතවන රිදී තල්‌ නැටි මෙන්ද, කොඳ, සුදු මානෙල්‌, නික, සමන්‌, දෑසමන්‌ ආදී පුෂ්පයන්ගෙන්‌ ගැවසී ගත්තාක්‌ මෙන්ද බබළති. අත්ල, පතුල ආදී මඳ රත්‌ ස්ථානයන්ගෙන්‌ මදටිය පැහැති රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන්‌ දිසා ප්‍රදේශ පබළු දැලකින්‌ වටකළාක්‌ මෙන්ද, රතු කටුකරඬු විසිරවූවා මෙන්ද බබලති. සියුම්‌ රෝම නිය ආදී ප්‍රභාස්වර ස්ථානයන්ගෙන්‌ ප්‍රභාශ්වර රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන්‌ දිසා ප්‍රදේශ දවහත්‌ තරු රාශියකින්‌ ..." (යමකගේ වශයෙන් = ඔවුන්ගේ වශයෙන් = ඒවාගෙන් = ඒවායෙන්.)

"ඉදානි ඡන්නං වණ්ණානන්ති කො සම්බන්ධො? හෙට්ඨා “උපරිමකායතො”තිආදීහි අනෙකෙහි සරීරාවයවා වුත්තා. තෙන සරීරාවයවසම්බන්ධො පවත්තතීති වචනසම්බන්ධෙන ච යමකපාටිහීරාධිකාරෙන ච ඡන්නං වණ්ණානං සරීරාවයවභූතානං ¶ රස්මියො යමකා හුත්වා පවත්තන්තීති වුත්තං හොති. සාමිවචනසම්බන්ධෙන ච අවස්සං “රස්මියො”ති පාඨසෙසො ඉච්ඡිතබ්බොයෙව. නීලානන්ති උමාපුප්ඵවණ්ණානං. පීතකානන්ති කණිකාරපුප්ඵවණ්ණානං. ලොහිතකානන්ති ඉන්දගොපකවණ්ණානං. ඔදාතානන්ති ඔසධිතාරකවණ්ණානං. මඤ්ජිට්ඨානන්ති මන්දරත්තවණ්ණානං. පභස්සරානන්ති පභාසනපකතිකානං පභස්සරවණ්ණානං. පභස්සරවණ්ණෙ විසුං අවිජ්ජමානෙපි වුත්තෙසු පඤ්චසු වණ්ණෙසු යෙ යෙ පභා සමුජ්ජලා, තෙ තෙ පභස්සරා. තථා හි තථාගතස්ස යමකපාටිහීරං කරොන්තස්ස යමකපාටිහීරඤාණබලෙනෙව කෙසමස්සූනඤ්චෙව අක්ඛීනඤ්ච නීලට්ඨානෙහි නීලරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන ගගනතලං අඤ්ජනචුණ්ණසමොකිණ්ණං විය උමාපුප්ඵනීලුප්පලදලසඤ්ඡන්නං විය වීතිපතන්තමණිතාලවණ්ටං විය පසාරිතමෙචකපටං විය ච හොති. ඡවිතො චෙව අක්ඛීනඤ්ච පීතකට්ඨානෙහි පීතරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා සුවණ්ණරසනිසිඤ්චමානා විය සුවණ්ණපටපසාරිතා විය කුඞ්කුමචුණ්ණකණිකාරපුප්ඵසම්පරිකිණ්ණා විය ච විරොචන්ති. මංසලොහිතෙහි චෙව අක්ඛීනඤ්ච රත්තට්ඨානෙහි ලොහිතරස්මියො ¶ නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා චිනපිට්ඨචුණ්ණරඤ්ජිතා විය සුපක්කලාඛාරසනිසිඤ්චමානා විය රත්තකම්බලපරික්ඛිත්තා විය ජයසුමනපාලිභද්දකබන්ධුජීවකකුසුමසම්පරිකිණ්ණා විය ච විරොචන්ති. අට්ඨීහි චෙව දන්තෙහි ච ¶ අක්ඛීනඤ්ච සෙතට්ඨානෙහි ඔදාතරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා රජතකුටෙහි ආසිඤ්චමානඛීරධාරාසම්පරිකිණ්ණා විය පසාරිතරජතපට්ටවිතානා විය වීතිපතන්තරජතතාලවණ්ටා විය කුන්දකුමුදසින්දුවාරසුමනමල්ලිකාදිකුසුමසඤ්ඡන්නා විය ච විරොචන්ති. හත්ථතලපාදතලාදීහි මන්දරත්තට්ඨානෙහි මඤ්ජිට්ඨරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා පවාළජාලපරික්ඛිත්තා විය රත්තකුරවකකුසුමසමොකිණ්ණා විය ච විරොචන්ති. උණ්ණානඛාදීහි පභස්සරට්ඨානෙහි පභස්සරරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා ඔසධිතාරකපුඤ්ජපුණ්ණා විය විජ්ජුපටලාදිපරිපුණ්ණා විය ච විරොචන්ති.'

A / R. "අභිධර්ම ප්‍ර‍කරණයන් අතුරෙනුදු අනන්ත නය සමන්වාගත ප්‍ර‍ස්ථාන මහා ප්‍ර‍කරණය විශේෂයෙන් ඥාන වර්ධනය කරන්නා වූ, ඥානය ප්‍ර‍සන්න කරන්නා වූ, ඥානය තියුණු කරන්නා වූ ප්‍ර‍කරණයෙකි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේ දී සව් කෙලෙසුන් නසා බුදු වූයේ වී නමුදු සම්බුද්ධත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීතාදි රශ්මීහු නො නික්මුණාහුය. සතරවන සතියෙහි රතන ඝරයෙහි වැඩහිඳ ධම්මසංගණියේ පටන් ක්‍ර‍මයෙන් අභිධර්ම ප්‍ර‍කරණයන් මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍ර‍ස්ථාන මහා ප්‍ර‍කරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන්ගත් කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍ර‍කරණයෙහි උන් වහන්සේ ගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍ර‍සන්න විය. ඥානය ප්‍ර‍සන්න වනු සමග ම තත් සම්ප්‍ර‍යුක්ත කාමාවචර මහාක්‍රියා චිත්තය ද තත් සම්ප්‍ර‍යුක්ත අන්‍ය චෛතසිකයෝ ද ප්‍ර‍සන්න වූහ. ප්‍ර‍සන්න චිත්තයට නිඃශ්‍ර‍ය වන හෘදය වස්තුව ද ප්‍ර‍සන්න විය. අතිප්‍ර‍සන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝ ද චිත්තය සේ ම ප්‍ර‍සන්න වූහ. ප්‍ර‍සන්න චිත්තජ රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම ප්‍ර‍සන්න විය. ප්‍ර‍සන්න වූ තථාගත ශරීරයේ ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්‍ර‍භාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණය ඇති ආලෝක ධාරාවෝ අධිෂ්ඨානාදි ක්‍රියාවක් නැතිව ම ලෝකය ඒකාලෝක කෙරෙමින් නික්මෙන්නට පටන් ගත්හ. තථාගත ශරීරයෙහි කේශාදි නීලවර්ණ ස්ථානයන්ගෙන් නීලරශ්මි ධාරාවෝ නික්මුණාහු ය. සම ආදි පීතවර්ණ ස්ථානයන්ගෙන් පීත වර්ණ රශ්මිධාරාවෝ නික්මුණාහුය. ලේ ආදි රක්ත වර්ණ ස්ථානයන්ගෙන් ලෝහිත රශ්මීහු නික්මුණාහුය. දන්තාදි ශ්වේතවර්ණ ස්ථානයන්ගෙන් අවදාත රශ්මීහු නික්මුණාහුය. ශරීරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨ ප්‍ර‍භාස්වර රශ්මීහු ද නික්මුණාහු ය. එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සැම කල්හි ම විහිදෙන්ට පටන් ගත්තේ ය."


AT. {උපුටාගැනීමකි - "සවණක් ඝණ බුදුරැස් විහිදීම
බුද්ධත්වයෙන් හතරවැනි සතියේ බුදුරජාණන් වහන්සේ විසින් රුවන්ගෙයි වැඩ සිටිමින් සතියක් මුළුල්ලේම අනුලෝමවත් ප්‍රතිලෝමවත් අභිධර්මය මෙනෙහි කළ බවත් ප්‍රකට කරුණක්. අභිධර්මයේත් ගැඹුරුතම කොටස වූ අනන්ත නය සමන්ත පට්ඨානය මෙනෙකි කරන විට උන්වහන්සේගේ සර්වඥතා ඥාණය රිසි සේ හසුරුවන්නට අවස්ථාව උදා වුනා. සිත ප්‍රභෝදමත් වුනා. සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම ප්‍රභෝදමත් වුනා. චිත්තජ රූප කලාප ප්‍රභෝදමත් වුනා. මේ අවස්ථාවෙදි තමයි කෙස් ලොම් හා ඇසේ කළු කොටස් වලින් නිල් වර්ණ රශ්මියත්, සමෙන් කහ (පීත) වර්ණ රශ්මියත්, ලෙයින් රතු (ලෝහිත) වර්ණ රශ්මියත්, දත් ඇට හා ඇසේ සුදු කොටස්වලින් සුදු (ඕදාත) වර්ණ රශ්මියත්, මාංශ ආදියෙන් තැඹිලි (මාඤ්ජිෂ්ඨ) වර්ණ රශ්මියත්, ඒ සියළු කයින් ප්‍රභාශ්වර පැහැයත් නිදහස් වෙමින් සවණක් ඝණ බුද්ධ රශ්මිය පහල වුනේ."}


{“චතුත්ථෙ පන සත්තාහෙ පච්ඡිමුත්තරාය දිසාය රතනඝරෙ නිසීදි – රතනඝරං නාම නෙව සත්තරතනමයං ගෙහං. සත්තන්නං පන පකරණානං සම්මසිතට්ඨානං ¶ රතනඝරන්ති වෙදිතබ්බං – තත්ථ ධම්මසඞ්ගණිං සම්මසන්තස්සාපි සරීරතො රස්මියො න නික්ඛන්තා. විභඞ්ගප්පකරණං ධාතුකථං පුග්ගලපඤ්ඤත්තිං කථාවත්ථුප්පකරණං යමකප්පකරණං සම්මසන්තස්සාපි සරීරතො රස්මියො න නික්ඛන්තා. යදා පන මහාපකරණං ඔරුය්හ “හෙතුපච්චයො ආරම්මණපච්චයො…පෙ… අවිගතපච්චයො”ති සම්මසනං ආරභි, අථස්ස චතුවීසතිසමන්තපට්ඨානං සම්මසන්තස්ස එකන්තතො සබ්බඤ්ඤුතඤ්ඤාණං මහාපකරණෙයෙව ඔකාසං ලභි. යථා හි තිමිරපිඞ්ගලමහාමච්ඡො චතුරාසීතියොජනසහස්සගම්භීරෙ ¶ මහාසමුද්දෙයෙව ඔකාසං ලභති, එවමෙව සබ්බඤ්ඤුතඤ්ඤාණං එකන්තතො මහාපකරණෙයෙව ඔකාසං ලභි.
සත්ථු එවං ලද්ධොකාසෙන සබ්බඤ්ඤුතඤ්ඤාණෙන යථාසුඛං සණ්හසුඛුමධම්මං සම්මසන්තස්ස සරීරතො නීලපීතලොහිතොදාතමඤ්ජිට්ඨපභස්සරවසෙන ඡබ්බණ්ණරස්මියො නික්ඛමිංසු. කෙසමස්සූහි චෙව අක්ඛීනඤ්ච නීලට්ඨානෙහි නීලරස්මියො නික්ඛමිංසු, යාසං වසෙන ගගනතලං අඤ්ජනචුණ්ණසමොකිණ්ණං විය උමාපුප්ඵනීලුප්පලදලසඤ්ඡන්නං විය වීතිපතන්තමණිතාලවණ්ටං විය සම්පසාරිතමෙචකපටං විය ච අහොසි.
ඡවිතො චෙව අක්ඛීනඤ්ච පීතට්ඨානෙහි පීතරස්මියො ¶ නික්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා සුවණ්ණරසධාරාභිසිඤ්චමානා විය සුවණ්ණපටපසාරිතා විය කුඞ්කුමචුණ්ණකණිකාරපුප්ඵසම්පරිකිණ්ණා විය ච විරොචිංසු.
මංසලොහිතෙහි චෙව අක්ඛීනඤ්ච රත්තට්ඨානෙහි ලොහිතරස්මියො නික්ඛමිංසු යාසං වසෙන දිසාභාගා චීනපිට්ඨචුණ්ණරඤ්ජිතා විය සුපක්කලාඛාරසසිඤ්චමානා විය රත්තකම්බලපරික්ඛිත්තා විය ජයසුමනපාරිභද්දකබන්ධුජීවකකුසුමසම්පරිකිණ්ණා විය ච විරොචිංසු.
අට්ඨීහි චෙව දන්තෙහි ච අක්ඛීනඤ්ච සෙතට්ඨානෙහි ඔදාතරස්මියො නික්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා රජතඝටෙහි ආසිඤ්චමානඛීරධාරාසම්පරිකිණ්ණා විය සම්පසාරිතරජතපට්ටවිතානා විය, වීතිපතන්තරජතතාලවණ්ටා විය, කුන්දකුමුදසින්දුවාරසුමනමල්ලිකාදිකුසුමසඤ්ඡන්නා විය ච විරොචිංසු.
මඤ්ජිට්ඨපභස්සරා ¶ පන තම්හා තම්හා සරීරප්පදෙසා නික්ඛමිංසු. ඉති තා ඡබ්බණ්ණරස්මියො නික්ඛමිත්වා ඝනමහාපථවිං ගණ්හිංසු.”
https://tipitaka.app/?a=4a0-46-si}

["අථස්ස පුරත්ථිමකායතො සුවණ්ණවණ්ණා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, තථා පච්ඡිමකායතො දක්ඛිණපස්සතො වාමපස්සතො සුවණ්ණවණ්ණා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, උපරිකෙසන්තතො පට්ඨාය සබ්බකෙසාවට්ටෙහි මොරගීවරාජවණ්ණා අසිතා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා ගගනතලෙ අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, හෙට්ඨාපාදතලෙහි පවාළවණ්ණා රස්මියො උට්ඨහිත්වා ඝනපථවියං අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, දන්තතො අක්ඛීනං සෙතට්ඨානතො, නඛානං මංසවිමුත්තට්ඨානතො ඔදාතා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, රත්තපීතවණ්ණානං සම්භින්නට්ඨානතො මඤ්ජෙට්ඨවණ්ණා රස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, සබ්බත්ථකමෙව පභස්සරා රස්මියො උට්ඨහිංසු. එවං සමන්තා අසීතිහත්ථට්ඨානං ඡබ්බණ්ණා බුද්ධරස්මියො විජ්ජොතමානා විප්ඵන්දමානා විධාවමානා කඤ්චනදණ්ඩදීපිකාදීහි ¶ නිච්ඡරිත්වා ආකාසං පක්ඛන්දමානා මහාපදීපජාලා විය, චාතුද්දීපිකමහාමෙඝතො නික්ඛන්තවිජ්ජුලතා ¶ විය ච දිසොදිසං පක්ඛන්දිංසු. යාහි සබ්බෙ දිසාභාගා සුවණ්ණචම්පකපුප්ඵෙහි විකිරියමානා විය, සුවණ්ණඝටතො සුවණ්ණරසධාරාහි ආසිඤ්චියමානා විය, පසාරිතසුවණ්ණපටපරික්ඛිත්තා විය, වෙරම්භවාතෙන සමුද්ධතකිංසුකකණිකාරකොවිළාරපුප්ඵචුණ්ණසමොකිණ්ණා විය, චීනපිට්ඨචුණ්ණසම්පරිරඤ්ජිතා විය ච විරොචිංසු."]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll