Q. "තම තම නැණ පමණින් දැන ගත යුතු / පහදා ගත යුතු" යන වැකිය බෞද්ධ සංස්කෘතිය තුළ අතීතයේ සිට ප්‍රචලිතව පැවත ඒමට පාදක වූ බෞද්ධ මූලාශ්‍ර තිබේ ද? තිබේ නම් ඒවා උපුටා දැක්‌විය හැකි ද? තෙරුවන්සරණයි!
A / R. “ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු
"ලෝකය පිළිබදව සියළු තතු අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ මෙම සියළු දෙනාගේ දැනුම පිණිස පෙන්වා දීය යුතු වූ, තම තම නුවනින් අවබෝධ කරගත යුතු ශ්‍රී සද්ධර්මය පැහැදුනු සිතින් නමස්කාර කරමි."
A. “පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි”
උග්ඝටිතඤ්ඤු ඇදි සියලු විඥයන් විසින් තම තමා කෙරෙහි ම දත යුතු. කෙසේ දත යුතු ද මා විසින් මාර්‍ග වඩන ලද්දේ ය. ඵල ලබන ලද්දේ ය. නිර්‍වාණ සාත්ක්‍ෂාත් කරන ලද්දේ ය යි දත යුතු.
ඒ එසේ මැ යි :- උපාධ්‍යායයන් මාර්‍ග වැඩූ කල්හි ශිෂ්‍යයාගේ කෙලෙස් ප්‍රහීණ නො වේ. උපාධ්‍යයයන්ගේ ඵල සමාපත්තියෙන් ශිෂ්‍යයා සුවසේ නො වසයි. උපාධ්‍යායයන් විසින් සාත්ක්‍ෂාත් කළ නිර්‍වාණය ශිෂ්‍යයා සාත්ක්‍ෂාත් කරන්නේ නො වෙයි. නව ලෝකෝත්තර ධර්‍ම වනාහි අන්‍ය්‍යන්ගේ හිස පැළඳි ආභරණ සේ දැක්ක හැකි නො වේ. නුවණ ඇත්තන් විසින් තම තමා සිත්හි ම ලා දක්ක යුතු - වින්දනය කළ යුතු.
මේ ධර්‍මය අඥයන්ට අවිෂය ය. එතකුදු වුව ද ස්වාක්ඛාත ය. කුමක් හෙයින් ස්වාක්ඛාත ද සන්‍දිට්ඨික හෙයින් ස්වාක්ඛාත ය. අකාලික හෙයින් සන්‍දිට්ඨික ය. එහිපස්සික හෙයින් අකාලික ය. යමෙක් එහිපස්සික නම් ඒ ඔපනයික යි. මෙසේ ධර්‍ම ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් අභිභූත නො වේ. ඔහුගේ සිත එකල්හි ධර්‍මය අරමුණු කොටැ ම සෘජුත්‍වයට පැමිණේ. එයින් පෙර කී සේ ම නීවරණ විෂ්කම්භන වේ. ධයානාඞ්ග උපදී. ධර්‍මය පිළිබඳ වූ ගුණග්‍රාමය ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිතෙහි නැගෙන බැවින් ද අර්‍පනාප්‍රාප්ත නො වේ. උපාචාර ප්‍රාප්ත ම වේ. ඒ වූ කලි ධර්‍ම ගුණ සිහි කිරීමෙන් උපන් බැවින් ධර්‍මානුස්මෘතිය යන සංඛ්‍යාවට පැමිණේ.”
https://pitaka.lk/books/vishuddhi-margaya/9-2.html