[Watch in 4K — Recommended Resolution.]


813. අකුසල මූල පැහැදිලි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අකුසල මූල පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරනවද?

A / R. "අකුසල මූල සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ඉතිවුත්‌තකපාළි » 3. තික නිපාතය » පඨම වර්ගය » අකුසල මූල සූත්‍රය.

50. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍ර‍ය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: ලෝභය අකුසල්මුලකි. ද්වේෂය අකුසල්මුලකි. මොහය අකුසල්මුලකි. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙන වෙත්.

භගවත්හු මෙකරුණ වදාළහ. එහි මේ අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “සිත්හි හටගත් ලොභ ද්වේෂ මොහ යන මොහු පව් අදහස් ඇති පුරුෂයා පෙළත්. (කුමක් මෙන් ද යත්:) ස්වකිය ඵලය ත්‍වක්සාර වෘක්‍ෂය (හුණ බට ආදි පොත්ත අරටුව කොට ඇති) ගස නසන්නාක් මෙනි.”
මේ කරුණ භගවත්හු වදාළහ. මෙසේ මා විසින් අසන ලදී."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll