749. ගෝත්‍රභූ ඤාණය යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගෝත්‍රභූ ඥානය යනු කුමක්දැයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි!

(සරලව දැනගන්න - මෙය කියවන්න.)

A. “10. සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගොත්‍රභූඥාන යැ.”
https://tipitaka.lk/kn-ps-1-1-1/0-18/sinh

“කිසෙයින් බාහ්‍ය වූ සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගොත්‍රභූඥාන වෙයි යත්:”
https://tipitaka.lk/kn-ps-1-1-11/61-5/sinh

“බාහිරවූ සංඛාර නිමිත්තෙන් නැගිටීමෙහි හා පෙරළීමෙහි වූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නමි.”
https://pitaka.lk/main?n=541085&p=10

“කෙසේනම් බාහිරවූ සංස්කාර නිමිත්තෙන් නැගී නිවන් අරමුණට හැරෙන්නාවූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නම් වේද?

[98] කෙසේනම් බාහිරවූ සංස්කාර නිමිත්තෙන් නැගී නිවන් අරමුණට හැරෙන්නාවූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නම් වේද? ඉපදීම (ii) මැඩ පවත්වන හෙයින් ගොත්‍රභූ නමි. (iii) (පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න) පැවැත්ම-, නිමිත්ත-, කර්ම රැස් කිරීම-, ප්‍රතිසන්ධිය-, ගතිය ස්කන්ධයන්ගේ පහළවීම-, විපාකයන්ගේ පහළවීම-, ජාතිය-, ජරාව-, ව්‍යාධිය-, මරණය-, ශෝකය-, හැඬීම-, දැඩි වෙහෙස (උපායාසය)-, බාහිරවූ සංඛාර නිමිත්ත මැඩ පවත්වන හෙයින් ගොත්‍රභූ නමි.
[99] නොඉපදවීමට (ii) බැසගන්නා හෙයින් ගොත්‍රභූ නමි.
(iii) පහත දක්වන වාක්‍ය අගට මෙහි (ii) යොදන්න) නොපැවැත්මට-, අනිමිත්තට-, කර්ම රැස් නොකිරීමට-, අප්‍රතිසන්ධියට-, නොගතියට-, ස්කන්ධයන්ගේ පහළ නොවීමට-, විපාකයන්ගේ පහළ නොවීමට-, අජාතියට-, අජරාවට-, අව්‍යාධියට-, අමරණයට-, අශෝකයට-, නොහැඬීමට-, අනුපායාසයට-, නිරෝධයවූ නිවනට බැසගන්නා හෙයින් ගොත්‍රභූ නමි.
[100] ඉපදීම මැඩ පවත්වා නොඉපදීමට (ii) බැසගන්නා හෙයින් ගොත්‍රභූ නමි. (iii) (පහත දක්වන වාක්‍ය අගට මෙහි (ii) යොදන්න.) පැවැත්ම මැඩපවත්වා නොපැවැත්මට-, නිමිත්ත මැඩපවත්වා අනිමිත්තට, බාහිර සංඛාර නිමිත්ත මැඩපවත්වා නිරෝධයවූ නිවනට බැස ගන්නා හෙයින් ගොත්‍රභූ නිමි.
[101] ඉපදීමෙන් (ii) නැගිටින හෙයින් ගොත්‍රභූ නමි. (පහත දක්වන වාක්‍ය අගට මෙහි (ii) යොදන්න.) පැවැත්මෙන්-, කර්ම රැස් කිරීමෙන්-, ප්‍රතිසන්ධියෙන්-, ගතියෙන්-, ස්කන්ධයන්ගේ පහළවීමෙන්-, විපාකයන්ගේ පහළ වීමෙන්-, ජාතියෙන්-, ජරාවෙන්-, ව්‍යාධියෙන්-, මරණයෙන්-, සොකයෙන්-, හැඬීමෙන්-, උපායාසයෙන්-, බාහිර සංඛාර නිමිත්තෙන් නැගිටිනුයි ගොත්‍රභූ නමි.
[102] නොඉපදීමට (ii) බැසගන්නා හෙයින් ගොත්‍රභූ නමි.
(iii) (පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න.) නොපැවැත්මට-, අසංස්කාර නිමිත්තට-, කර්ම රැස් කිරීමට-, අප්‍රතිසන්ධියට-, නොගතියට-, ස්කන්ධයන්ගේ පහළ නොවීමට-, විපාකයන්ගේ පහළ නොවීමට-, අජාතියට-, අජරාවට-, අව්‍යාධියට-, අමරණයට-, අශෝකයට-, නොහැඬීමට-, අනුපායාසයට-, නිරෝධයවූ නිවණට.
[103] ඉපදීමෙන් නැගිට නොඉපදීමට (ii) බැසගන්නා හෙයින් ගොත්‍රභූ නමි. (පහත දක්වන වාක්‍ය අගට (iii) මෙහි (ii) යොදන්න) පැවැත්මෙන් නැගිට නොපැවැත්මට නිමිත්තෙන් නැගිට අනිමිත්තට කර්ම රැස්කිරීමෙන් නැගිට කර්ම රැස්නොකිරීමට-, ප්‍රතිසන්ධියෙන් නැගිට ප්‍රතිසන්ධි නොගැනීමට- ගතියෙන් නැගිට ගතිරහිත බවට-ස්කන්ධයන්ගේ පහළවීමෙන් නැගිට ස්කන්ධයන්ගේ පහළ නොවීමට- විපාකයන්ගේ පහළවීමෙන් නැගිට විපාකයන්ගේ පහළ නොවීමට- ජාතියෙන් නැගිට ජාති රහිත බවට- ජරාවෙන් නැගිට ජරා රහිත බවට- ව්‍යාධියෙන් නැගිට ව්‍යාධි රහිත බවට-මරණයෙන් නැගිට මරණ රහිත බවට- ශෝකයෙන් නැගිට සොක රහිත බවට- හැඬීමෙන් නැගිට හැඬීම රහිත බවට උපායාසයෙන් නැගිට උපායාස රහිත බවට- බාහිර සංඛාර නිමිත්තෙන් නැගිට නිරෝධයවූ නිවනට බැස ගනීනුයි ගොත්‍රභූ නමි.
[104] ඉපදීමෙන් (ii) පෙරලෙයිනුයි ගොත්‍රභූ නමි (ii) (පහත දක්වන වාක්‍ය අගට මෙහි (ii) යොදන්න) පැවත්මෙන්-, නිමිත්තෙන්-, කර්ම රැස්කිරීමෙන්-, ප්‍රතිසන්ධියෙන්-, ගතියෙන්-, ස්කන්ධයන්ගේ පහළවීමෙන්-, විපාකයන්ගේ පහළවීමෙන්-, ජාතියෙන්-, ජරාවෙන්-, ව්‍යාධියෙන්-, මරණයෙන්-, ශෝකයෙන්-, හැඬීමෙන්-, උපායාසයෙන් බාහිර සංඛාර නිමිත්තෙන් පෙරලෙයිනුයි ගොත්‍රභූ නමි.
[105] නොඉපදීමට (ii) බැසගනීනුයි ගොත්‍රභූ නමි. (පහත දක්වන වාක්‍ය අගට මෙහි (ii) යොදන්න.) නොපැවැත්මට-, අසංස්කාර නිමිත්තට-, කර්ම රැස්නොකිරීමට-, අප්‍රතිසන්ධියට-, නොගතියට-, ස්කන්ධයන්ගේ පහළනොවීමට-, විපාකයන්ගේ පහළ නොවීමට- අජාතියට-, අජරාවට-, අව්‍යාධියට-, අමරණයට-, අශෝකයට-, නොහැඬීමට-, අනුපායාසයට-නිරෝධවූ නිවනට-,
[106] ඉපදීමෙන් පෙරලී නොඉපදීමට (ii) බැසගනීනුයි ගොත්‍රභූ නමි. (iii) (පහත දක්වන වාක්‍ය අගට මෙහි (ii) යොදන්න.)
පැවැත්මෙන් පෙරලී නොපැවැත්මට-, සංස්කාර නිමිත්තෙන් පෙරලී අසංස්කාර නිමිත්තට- කර්ම රැස්කිරීමෙන් පෙරලී කර්ම රැස්නොකිරීමට-, ප්‍රතිසන්ධියෙන් පෙරලී අප්‍රතිසන්ධියට-, ගතියෙන් පෙරලී නොගතියට-, ස්කන්ධයන්ගේ පහළවීමෙන් පෙරළී ස්කන්ධයන්ගේ පහළ නොවීමට-, විපාකයන්ගේ පහළවීමෙන් පෙරලී විපාකයන්ගේ පහළ නොවීමට-, ජාතියෙන් පෙරලී අජාතියට-, ජරාවෙන් පෙරලී අජරාවට-, ව්‍යාධියෙන් පෙරලී අව්‍යාධියට-, මරණයෙන් පෙරලී අමරණයට- ශෝකයෙන් පෙරලී අශෝකයට-, හැඬීමෙන් පෙරලී නොහැඬීමට-, උපායාසයෙන් පෙරලී අනුපායාසයට- බාහිර සංඛාර නිමිත්තෙන් පෙරලී නිරෝධය වූ නිවනට-
60
[107] කෙතෙක් ගොත්‍රභූ ධර්මයෝ සමථ වශයෙන් උපදිත්ද, කෙතෙක් ගොත්‍රභූ ධර්මයෝ විදර්ශනා වශයෙන් උපදිත්ද? ගොත්‍රභූ ධර්ම අටක් සමථ වශයෙන් උපදිත්. ගොත්‍රභූ ධර්ම දසයක් විදර්ශනා වශයෙන් උපදිත් කවර ගොතභු ධර්ම අටක් සමථ වශයෙන් උපදිත්ද? ප්‍රථම ධ්‍යානය ලබනු පිණිස නීවරණ ධර්මයන් මැඩපවත්වානුයි ගොත්‍රභූනමි. ද්විතීය ධ්‍යානය ලැබීම පිණිස විතර්ක විචාරයන් මැඩපවත්වානුයි ගොත්‍රභූ නමි. තෘතීය ධ්‍යානය ලබනු පිණිස ප්‍රීතිය මැඩපවත්වානුයි ගොත්‍රභූඥාන නමි. චතුර්ථධ්‍යානය ලබනු පිණිස සුඛ දුක්ඛයන් මැඩපවත්වානුයි ගොත්‍රභූඥාන නමි. ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූප සඤ්ඤාව පටිඝසඤ්ඤාව නානත්තසඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්‍රභූනමි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතන සඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්‍රභූ නමි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස විඤ්ඤානඤ්චායතන සඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්‍රභූඥාන නමි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්‍රභූ නමි. මේ ගොත්‍රභූ ධර්ම අට සමථයෙන් උපදිත්.
[108] කවර දස ගොත්‍රභූ ධර්මයක් විදර්ශනාවෙන් උපදිත්ද? සොතාපත්ති මාර්ගය ලබනු පිණිස (ii) ඉපදීම පැවැත්ම නිමිත්ත කර්ම රැස්කිරීම ප්‍රතිසන්ධි ගැනීම ගතිය ස්කන්ධයන්ගේ පහළවීම විපාකයන්ගේ පහළවීම ජාතිය ජරාව, ව්‍යාධිය, මරණය, සොකය, පරිදෙවය, උපායාසය බාහිර සංඛාර නිමිත්ත මැඩපවත්වන හෙයින් ගොත්‍රභූ නමි. (iii) සොතාපත්ති ඵලයට සමවැදීම පිණිස (මෙහි (ii) යොදන්න) මැඩපවත්වන හෙයින් ගොත්‍රභූ නමි. සකෘදාගාමි මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදන්න) සකෘදාගාමි ඵලයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) අනාගාමි මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදන්න.) අනාගාමි ඵලයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) අර්හත් මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදන්න) අර්හත් ඵලයට සමවදිනු පිණිස සුඤ්ඤත සමවදිනු පිණිස අනිමිත්ත විහාරයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) මැඩපවත්වානුයි ගොත්‍රභූ නිමි. මේ ගොත්‍රභූ ධර්ම දශය විදර්ශනා වශයෙන් උපදිත්. කෙතෙක් ගොත්‍රභූ ධර්මයෝ කුසල් වෙත්ද, කෙතෙක් අකුසල් වෙත්ද, කෙතෙක් අව්‍යාකෘත වෙත්ද, ගොත්‍රභූ ධර්ම පසලොසක් කුසල් වෙත්. ගොත්‍රභූ ධර්ම තුනක් අව්‍යාකෘත වෙත්. අකුසල ගොත්‍රභූ ධර්මයෝ නැත්තාහ.
[109] “ක්ලේශාවිස සහිතවූද ක්ලේශාවිස රහිතවූද නිකන්ති තෘෂ්ණා සහිතවූද නිකන්ති තෘෂ්ණා රහිතවූද නිකන්තිය හා නොබැඳුණාවූද නිකන්තිය හා බැදුණාවූද බාහිර සංඛාර නිමිත්තෙන් නැගී සිටියාවූද බාහිර සංඛාර නිමිත්තෙන් නොනැගියාවූද ගොත්‍රභූ ධර්ම වෙයි.
“සමාධියට ප්‍රත්‍යවූ නොග්‍රභූ ධර්ම අටක් වෙත්. ඤාණයට ගොචරවූ ගොත්‍රභූ ධර්ම දසයක් වෙත්. මෙසේ ත්‍රිවිධ විමොක්ෂයට ප්‍රත්‍යවූ ගොත්‍රභූ ධර්මයෝ අටලොසක් වෙත්.
“මේ අටලොස් ආකාර ප්‍රඥාව යමෙකු විසින් පුරුදු කරන ලද්දීද, සංඛාර ධර්මයන්ගෙන් නැගිටීමෙහිත් නිවනට පෙරලීමෙහිත් දක්ෂවූ ඒ පුද්ගලතෙම නොයෙක් දෘෂ්ටීන්ගෙන් කම්පා නොවෙත්.
එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් බාහිර සංඛාරයන් කෙරෙන් නැගිටීමෙහිත් නිවනට පෙරලීමෙහිත් පවත්නා ප්‍රඥාව ගොත්‍රභූඤාණයයි කියනු ලැබේ."

https://pitaka.lk/main?n=541020

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll