[Watch in 4K — Recommended Resolution.]


815. උපාදානස්කන්ධ ඇතිවන ආකාරය පැහැදිලි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රූපයක් දකින විට පංච උපාදානස්කන්ධය ඇතිවන ආකාරය පැහැදිලි කර දෙන්න.

A / R. “ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය (රූපය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි. යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්. ..."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll