312. ගොත්‍රභූ ඥානය යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගෝත්‍ර භූ ඤාණ ය කෙටියෙන් පහදා දෙන්න.
(නිවෙන අවස්තාවේදී අන්තිම සිතිවිල්ල කුමක්වේද? කුමක් කරගත යුතුද?)

A. 54. ගෝත්‍රභු ඤාණය: පෘථග්ජන ගෝත්‍රය ඉක්මෙමින් ආර්‍ය්‍යගෝත්‍රයට පැමිණෙන සන්ධියෙහි (අනුලෝම ඤානයටත් සෝවාන් මාර්ග ඤානයටත් අතර) නිවන මුලින් ම දකිමින් පහළ වන ඤානය. මෙය අන්‍ය මාර්ගවලට මුලින් ද පහළ වෙතත් සෝවාන් මඟ හැර අන් සකෘදාගාමී ආදී මාර්ගවලට මුලින් පහළ වීමේ දී වෝදාන නමින් හඳුනනු ලැබේ.

A / R. “කෙසේනම් බාහිරවූ සංස්කාර නිමිත්තෙන් නැගී නිවන් අරමුණට හැරෙන්නාවූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නම් වේද? ඉපදීම (ii) මැඩ පවත්වන හෙයින් ගොත්‍රභූ නමි. (iii) (පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න) පැවැත්ම-, නිමිත්ත-, කර්ම රැස් කිරීම-, ප්‍රතිසන්ධිය-, ගතිය ස්කන්ධයන්ගේ පහළවීම-, විපාකයන්ගේ පහළවීම-, ජාතිය-, ජරාව-, ව්‍යාධිය-, මරණය-, ශොකය-, හැඬීම-, දැඩි වෙහෙස (උපායාසය)-, බාහිරවූ සංඛාර නිමිත්ත මැඩ පවත්වන හෙයින් ගොත්‍රභූ නමි. … “
https://pitaka.lk/?node=541020&coll=cs,aps

["පරිකර්ම, උපචාර, අනුලෝම නාමයෙන් ඇති වන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශලයන් අතුරෙන් යම් කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයා ගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් උපදනේ ය."

"සතර වන සිතට ගෝත්‍ර‍භූ යන නම දී ඇත්තේ, කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට අර්පණා චිත්තයක් මිස කාමාවචර චිත්තයක් ඇති නො වන හෙයිනි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll