466. සංඛත සංඛාරය, අභිසංඛත සංඛාරය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සන්කත සන්කාර හා අබිසන්කත සන්කාර දෙක පහදා දෙන්න.

A / R. “සංඛතසංඛාරය, අභිසංඛතසංඛාරය, අභිසංඛරණකසංඛාරය, පයොගාභිසංඛාරාය යි. මේ සතර සඛ්ඛාර ශබ්දාගත සඞ්ඛාරයෝ යි.

විස්තර:- අනිච්චා වත සංඛාරා”[629] සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ යනාදීන් කියන ලද උත්පාදාදි ලක්‍ෂණ යුක්ත සියලු ධර්‍මයන් තම තමා අයත් ප්‍ර‍ත්‍යයෙන් වන හෙයින් සඞ්ඛතසඞ්ඛාර නම්.

කුශලාකුශල කර්‍මයෙන් නිපන් සියලු ත්‍රෛභූමික ධර්‍මයෝ අභිසඞ්ඛතසඞ්ඛාර නමැයි අර්‍ථකථාහි කියන ලදහ. ඔහු ද “අනිච්චාවත සංඛාරා” යනාදීන් කී සංඛාරයෙහි ම ඇතුළති. (වෙනම ඒවා ආ තැනක් පෙළෙහි නො පැනේ.)

ත්‍රෛභූමික කුශලාකුශල චේතනාව වනාහි අභිසංඛරණක සංඛාර නමි. එය “අවිජ්ජා ගතොයං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤචෙ සංඛාරං අභිසංඛරොති”[630] අවිද්‍යාවෙන් මුළා වූ මේ පුරුෂ පුද්ගලයා (ඉදින්) පුඤ්ඤාභිසංඛාරා ද රැස්කරයි’ යනාදීන් හි ආ තැන් පැනෙයි.

කායික චෛතසික වීර්‍ය්‍යය ප්‍රයොගාභිසංස්කාර නමි.”

https://pitaka.lk/books/Vishuddhi_Margaya.htm

{“සඞ්‌ඛතසඞ්‌ඛාරො, අභිසඞ්‌ඛතසඞ්‌ඛාරො, අභිසඞ්‌ඛරණකසඞ්‌ඛාරො, පයොගාභිසඞ්‌ඛාරොති ඉමෙ පන චත්‌තාරො සඞ්‌ඛාර-සද්‌දෙන ආගතසඞ්‌ඛාරා. තත්‌ථ ‘‘අනිච්‌චා වත සඞ්‌ඛාරා’’තිආදීසු (දී. නි. 2.221, 272; සං. නි. 1.186) වුත්‌තා සබ්‌බෙපි සප්‌පච්‌චයා ධම්‌මා සඞ්‌ඛතසඞ්‌ඛාරා නාම. කම්‌මනිබ්‌බත්‌තා තෙභූමකා රූපාරූපධම්‌මා අභිසඞ්‌ඛතසඞ්‌ඛාරාති අට්‌ඨකථාසු වුත්‌තා, තෙපි ‘‘අනිච්‌චා වත සඞ්‌ඛාරා’’ති (දී. නි. 2.221; 272; සං. නි. 1.186) එත්‌ථෙව සඞ්‌ගහං ගච්‌ඡන්‌ති. විසුං පන නෙසං ආගතට්‌ඨානං න පඤ්‌ඤායති. තෙභූමිකකුසලාකුසලචෙතනා පන අභිසඞ්‌ඛරණකසඞ්‌ඛාරොති වුච්‌චති, තස්‌ස ‘‘අවිජ්‌ජාගතොයං, භික්‌ඛවෙ, පුරිසපුග්‌ගලො පුඤ්‌ඤඤ්‌චෙව සඞ්‌ඛාරං අභිසඞ්‌ඛරොතී’’තිආදීසු (සං. නි. 2.51) ආගතට්‌ඨානං පඤ්‌ඤායති. කායිකචෙතසිකං පන වීරියං පයොගාභිසඞ්‌ඛාරොති වුච්‌චති, සො ‘‘යාවතිකා අභිසඞ්‌ඛාරස්‌ස ගති, තාවතිකා ගන්‌ත්‌වා අක්‌ඛාහතං මඤ්‌ඤෙ අට්‌ඨාසී’’තිආදීසු (අ. නි. 3.15) ආගතො.”

"සමෙච්චාති ඤාණෙන සමාගන්ත්වා. අභිසමෙච්චාති ඤාණෙන පටිවිජ්ඣිත්වා. ධම්මන්ති චතුසච්චධම්මං. සබ්බෙ සඞ්ඛාරාති සබ්බෙ සප්පච්චයා ධම්මා. තෙ හි සඞ්ඛතසඞ්ඛාරා නාම. පච්චයෙහි සඞ්ගම්ම කරීයන්තීති සඞ්ඛාරා, තෙ එවං පච්චයෙහි සඞ්ගම්ම කතත්තා “සඞ්ඛතා”ති විසෙසෙත්වා වුත්තා. “කම්මනිබ්බත්තා තෙභූමකරූපාරූපධම්මා අභිසඞ්ඛතසඞ්ඛාරා”ති (විසුද්ධි· 2.587) අට්ඨකථාසු වුත්තා. තෙපි “අනිච්චා වත සඞ්ඛාරා”තිආදීසු (දී· නි· 2.221, 272; සං· නි· 1.186) සඞ්ඛතසඞ්ඛාරෙසු සඞ්ගහං ගච්ඡන්ති. “අවිජ්ජාගතොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො පුඤ්ඤඤ්චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොතී”තිආදීසු (සං· නි· 2.51) අවිජ්ජාපච්චයා සඞ්ඛාරාව ආගතා. තෙභූමිකකුසලාකුසලචෙතනා අභිසඞ්ඛරණකසඞ්ඛාරා නාම. “යාවතිකා අභිසඞ්ඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසී”තිආදීසු (අ· නි· 3.15) ආගතං කායිකචෙතසිකවීරියං පයොගාභිසඞ්ඛාරො නාම. “සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරො”තිආදීසු (ම· නි· 1.464) ආගතා විතක්කවිචාරා වාචං සඞ්ඛරොන්තීති වචීසඞ්ඛාරා, අස්සාසපස්සාසා කායෙන සඞ්ඛරීයන්තීති කායසඞ්ඛාරා, සඤ්ඤා ච වෙදනා ච චිත්තෙන සඞ්ඛරීයන්තීති චිත්තසඞ්ඛාරා. ඉධ පන සඞ්ඛතසඞ්ඛාරා අධිප්පෙතා. අනිච්චා හුත්වා අභාවට්ඨෙන. දුක්ඛා පටිපීළනට්ඨෙන. සබ්බෙ ධම්මාති නිබ්බානම්පි අන්තොකත්වා වුත්තා. අනත්තා අවසවත්තනට්ඨෙන. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති එත්ථ යං පටිච්ච ඵලමෙති, සො පච්චයො. පටිච්චාති න විනා, අපච්චක්ඛිත්වාති අත්ථො. එතීති උප්පජ්ජති චෙව පවත්තති චාති අත්ථො. අපිච උපකාරකට්ඨො පච්චයට්ඨො. අවිජ්ජා ච සා පච්චයො චාති අවිජ්ජාපච්චයො, තස්මා ¶ අවිජ්ජාපච්චයා. සඞ්ඛාරා සම්භවන්තීති නිබ්බත්තන්ති, එවං සම්භවන්තිසද්දස්ස සෙසපදෙහිපි යොජනා කාතබ්බා."

https://tipitaka.app/}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll