928. 'පුරුෂ කර්ම' හා 'ස්ත්‍රී කර්ම' තිබේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද පහත සඳහන් දේශනාව පැහැදිලි කර දෙන්න පුළුවන්ද?

යො භික්ඛවෙ, එවං වදෙය්‍ය: යථා යථායං පුරිසො කම්මං කරොති තථා තථා තං පටිසංවෙදියතී’ති, එවං සන්තං, භික්ඛවෙ, බ්‍රහ්මචරියවාසො න හොති, ඔකාසො න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය

යො ච ඛො, භික්ඛවෙ, එවං වදෙය්‍ය - ‘යථා යථා වෙදනීයං අයං පුරිසො කම්මං කරොති තථා තථාස්ස විපාකං පටිසංවෙදියතී’ති, එවං සන්තං, භික්ඛවෙ, බ්‍රහ්මචරියවාසො හොති, ඔකාසො පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය.

මහණෙනි, යමෙක් “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ම ය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, එසේවත් ම බ්‍රහ්මචර්‍ය්‍යවාසය (කර්‍මක්‍ෂයකර) නො වෙයි. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් නො පැණේ,

මහණෙනි, වැලි යමෙක් “යම් යම් අයුරෙකින් මේ පුරුෂ (විපාකවාර විසින්) වින්ද යුතු වූ කර්‍ම කෙරේ ද, ඒ ඒ අයුරින් ඒ කර්‍මයාගේ විපාක විඳුනේය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකර බ්‍රහ්මචර්‍ය්‍යවාසය වේ. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් පැණේ.


A. පුරිසො කම‍්මං කරොති = පුරුෂයා / පුරුෂයෙක් කර්ම කරයි / කරන්නේ ය, මිස “පුරුෂ කර්‍ම කෙරේ” නොවේ - එයින් “ස්ත්‍රී කර්ම” ද ඇති බවක් ගම්‍ය විය හැකි බැවින් මෙය ගැටළු සහගත විය හැකි ය; එය යම් අතපසුවීමක් වුව ද, පාළි වාක්‍ය ඇති බැවින් ප්‍රශ්නයක් නොවේ.

අනෙක් අතට, අටුවාව බැලීමට පුරුදු වීම තුළින් බොහෝ ප්‍රශ්න විසඳා ගත හැක.

“නවවැන්නෙහි, යථා යථායං යනු මෙය යම්යම් සෝද තථා තථා නං යනු ඒ කර්මය ඒ ඒ ආකාරය. මෙය කියනලද්දේ වෙයි: ‘යම් යම්සේ කර්මයක් කරයිද ඒ ඒ අයුරින් එහි විපාකය විඳින්නේමයයි යමෙක් කියන්නේද ඒ කර්‍මයාගේ විපාකය නොවිඳ සිටීමට නොහැක්කේය. එබැවින් යම්පමණ කර්මයක් කරයිද එපමණ විපාකයක් විඳිනුලැබේමයි. එවං සනතං යනු මෙසේ ඇති කල්හියි. බ්‍රහ්මචරිය‍වාසො න හොති යනු මාර්ගයවැඩීමට පෙර යම් උපපජ්ජවෙදිනීය කර්මයක් කරනලද්දේද එය අවශ්‍යයෙන් විඳියයුතු බැවින් බඹසර වසනලද්දේ වුවඳ නොවසනලද්දේම වෙයි. ඔකාසො යන පඤ්ඤායති සම්මාදුක්‍ඛස්ස අන්තකිරියාය යනු යම් හෙයකින් මෙසේ ඇති කල්හි කර්මරැස්කිරීමද විපාක අවිඳීමද වෙයි. ඒ හේතුවෙන් සසරදුක කෙළවර කිරීමට ඉඩක් නොපැනෙයි නමි.” >>>


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll