552. විචිකිච්ඡාව ද? වීමංසනය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q / R. සෝවහන් උතුමන්ට තම පරලොව පිළිබඳව සැක ද / බය ද? නැතිනම්, තමන් සෝවහන් බව නොදනී ද?

A. (ඔබ මාගේ මීට කලින් පිළිතුරු මැනවින් කියවා නැති බවක් ද පෙනේ; කෙසේ වෙතත් / තව ද,)
මහානාමයන්ට ඇති වූයේ “මම සෝවහන් ද? නැද්ද?” යන ප්‍රශ්නය නොවේ; පරලොව පිළිබඳව සැක ද / බය ද නොවේ;
“හදිසි අනතුරක දී මාගේ ‘ගතිය’ කුමක් විය හැකි ද?” යන සිතුවිල්ල යි.

එම (සුළු) සිතුවිල්ලට, ඔහු (තමා හොඳින් ම හා ළඟින් ම දන්නා හොඳ ම) විශේෂඥ (මනෝ) වෛද්‍යවරයාණන්ගෙන් ම බෙහෙත් ගැනීම වරදක් ද? ‘ගමේ වෙදමහත්තයා’ගෙන් හෝ, ‘අත් බෙහෙතකින්’ ද රෝගය සුව වීමට නොහැකිව තිබූබව ඉන් කියැවේ ද?

“මහානාමය, බිය නොවව. මහානාමය, බිය නොවව ...” ’යි වදාළේ, තෙරුවන් කෙරෙහි සිහියෙන් නොසිටින විටක දී පවා හා/හෝ “හදිසි අනතුරක දී” පවා සෝවහන් පුද්ගලයාගේ ගතිය ‘සුගතිය ම’ බව දේශනා කිරීමට හැර අන් කවරකට ද?

[මෙකල විශේෂඥ (මනෝ) වෛද්‍යවරු කෙසේ වෙතත්, මහා කාරුණික - මහා ප්‍රඥාවන්ත - හොඳ ම විශේෂඥ (මනෝ) වෛද්‍යවරයාණෝ, තමා ළඟට එන රෝගියාට පිළිසඳර කතා වශයෙන් අස්වැසීම උදෙසා “බිය නොවව. ...., බිය නොවව ...” යනාදී වශයෙන් මනො-චිකිත්සාව උදෙසා අමතනවා ද විය නොහැකි ද?]

{“ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය.”
“මහානාමය, බිය නොවව. මහානාමය, බිය නොවව! තොපට ලාමක නොවන්නාවූ මරණයක්, ලාමක නොවන්නාවූ කාලක්‍රියාවක් වන්නේය.}

මහානාමයන්ගේ සසර පුරුද්දට ද එවැනි ප්‍රශ්නයක් සිතෙහි පැනනැඟුණා හා විමසුවා ද විය හැක.

{සසරපුරුද්ද = මහානාමයන් සාංසාරිකව සැකය බහුල පුද්ගලයෙකු වූවා ද විය හැක; සෝවහන් උතුමන්ගේ "බුද්ධාදී අටතැන්හි සැකය" නැතත්, සසර සැක-සංකා බහුල බව (චරිත ලක්ෂණ) තිබිය හැක්කේ ම ය - මන් ද රහතන්වහන්සේලාටත් සසර පුරුදු ඉතිරිව පවත්නා බැවිනි (- සොතාපන්න පුඟුලන් ගැන කවර කතා ද?)]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll