705. ගායකයො ඔක්කොමත් අපායේ යයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගායකයෙක් වුවහොත් පායාස නිරයට යාමට එය හේතුවක් වේද?(ගීත ගායනයේදී ප්‍රේමය පිළිබඳ ආදී කරැනු ගැන ගායනය නිසා)

A. තාලපුට සූත්‍රය (https://pitaka.lk/main?n=24172) අනුව නම් පෙනීයන්නේ, දුගතියෙහි ඉපදීමට හේතුව:
1. තමා ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවාගනිමින්, මදයට හා ප්‍රමාදයට පත්වීම නිසා සහ මෙරමා සිතෙහි ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවමින්, මදයට හා ප්‍රමාදයට පත්කිරීම නිසා දුගතියෙහි උපදින බව යි.
හා / හෝ
2. “නියත මිත්‍යා දිට්ඨිය” නිසා දුගතියෙහි උපදින බව යි.
ඒ අනුව, සූත්‍රානුසාරයෙන් දිය හැකි පිළිතුර නම්:
1. යමෙක් යම් (ඕනෑම) ක්‍රියාවක් කරන (කියන/හිතන) විට, තමා ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවාගනිමින්, මදයට හා ප්‍රමාදයට පත්වීම නිසා සහ මෙරමා සිතෙහි ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවමින්, මදයට හා ප්‍රමාදයට පත්කිරීම නිසා (ඔහු/ඇය) දුගතියෙහි උපදින බව යි.
හා / හෝ
2. යමෙක් යම් (ඕනෑම) ක්‍රියාවක් කරන (කියන/හිතන) විට, ඒ අනුසාරයෙන් “නියත මිත්‍යා දිට්ඨිය” ගෙන සිටී නම්, ඒ හේතුවෙන් (ඔහු/ඇය) දුගතියෙහි උපදින බව යි.
{*සැ: යු: “පහාස” නම් (මහා) අපායක්/නිරයක් ද නැත; එය “අවීචිය” නමැති (මහා) අපායේ නළුවන් ලෙස හා ගායකයන් ලෙස (ජනයා මහත් සේ සතුටු කළ / සිනා ගැස්වූ) අයවලුන් (එම වේශයෙන් ම) උපදින කොටස (උස්සද/ඔසුපත් නිරය) හඳුන්වන නම යි.
"පහාසො ¶ නාම නිරයොති විසුං පහාසනාමකො නිරයො නාම නත්ථි, අවීචිස්සෙව පන එකස්මිං කොට්ඨාසෙ නච්චන්තා විය ගායන්තා විය ච නටවෙසං ගහෙත්වාව පච්චන්ති, තං සන්ධායෙතං වුත්තං."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll