938. යාළුවෝ නැත්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යහළුවන් නැති / අඩු තත්ත්වය මඟ හැර මිනිසුන්ට අප්‍රිය කෙනෙක් නොවෙන්න කල හැකි පින්කම් ගැන සදහනක් කල හැකිද?


A. කරන්න වගේ ම නොකරන්නත් ගොඩක් දේ තියනවා මිතුරිය; මං කෙටියෙන් කියන්නම් - ඒ අනුසාරයෙන් දක්ෂ වෙන්න.

# නිතරම හොඳ සිතුවිලිවලින් ජීවත් වෙන්න.
# හොඳ ලස්සන මිහිරි හද නළවන ප්‍රිය වචන කතා කරන්න (“චාටු” – “කොමල” වදන් නොවේ).
# අඩුපාඩු දකින්න කියන්න කරන්න යන්න එපා.
# බොරු, කේලම්, අනවශ්‍ය වචන / දේවල් කියන්න / කියවන්න යන්න එපා, ඒ වෙනුවට හොඳ සවන් දෙන්නෙක් වෙන්න. 
# ධනාත්මකව - ශුභවාදීව, හිතන්න - කියන්න කරන්න - ජීවත් වෙන්න.
# කරන දේ පිළිවෙළට හිමීට කරන්න. 
# නිතරම ලස්සනට ඇඳලා-කරලා පිරිසිදුව ඉන්න (“ඕනෑවට වැඩිය ඕනෑම දෙයක් ඕනෑම නැත”).
# නිතර ම මද සිනාවකින් මුව සරසාගෙන ඉන්න (අනිත් අය රැවුවත් ඔබේ සිනාවට ඔබ ආදරය කරන්න!)
# නැති “ලොකුකම්” / අනවශ්‍ය “ලොකුකම්” පාන්න එපා; හැකිතාක් දුරට නිහතමානී වෙන්න.
# සාධාරණව සමාව ගන්න ඕනා තැන දී සමාව ගන්න දෙපාරක් හිතන්න / පසුබට වෙන්නා / ලැජ්ජා වෙන්න එපා.
# සාධාරණව සමාව දෙන්න ඕනා තැන දී සමාව ගන්න දෙපාරක් හිතන්න / පසුබට වෙන්නා / ලැජ්ජා වෙන්න එපා.
# ස්තුති කරන්න ඕනෑ තැනදී ස්තූති කරන්න වගේ ම, අගය කරන්න ඕනෑ තැනදී අගය කරන්නත් අමතක කරන්න එපා.
# පුළුවන් තරං (සිතින් / වචනයෙන් / ක්‍රියාවෙන්) යාළුවන්ට උදව් වෙන්න; එයාලගේ රහස් දිවි හිමියෙන් සුරකින්න.
... .... ...

කොටින් ම කියනවා නම්;

1. කර්ම ඵල අදහගෙන සතුටින් මෛත්‍රීසහගත සිතිවිලි පවත්වන්න (මෛත්‍රීසහගත මනෝ කර්ම).
2. කර්ම ඵල අදහගෙන සතුටින් මෛත්‍රීසහගත වචන කතා කරන්න (මෛත්‍රීසහගත වචී කර්ම).
3. කර්ම ඵල අදහගෙන සතුටින් මෛත්‍රීසහගත ක්‍රියා කරන්න (මෛත්‍රීසහගත කාය කර්ම).

මොන දේ කිව්වත් කරත් හිතුවත් කර්ම ඵල අදහගෙන සතුටින් මෛත්‍රීසහගතව ම ක්‍රියාත්මක වෙන්න; හැබැයි අනිත් අය ඔයාට එහෙම සලකයි කියලා බලාපොරොත්තු වෙන්න එපා; අනිත් අයගේ (ලෝකයාගේ) ප්‍රතිචාර මොනවා වුණත් කමක් නෑ - එයාලගෙන් මොනවත් අවංකවම බලාපොරොත්තු වෙන්නත් එපා - ඔයාට පුළුවන් දේ (ඉහත කාරණා සියල්ලම) උපරිමයෙන්, උපරිම හොඳින් තමන්ගේ හෘද-සාක්ෂියට අවංකවම, දිගින් දිගට ම, කෙටි කාලීන ප්‍රතිඵල අපේක්ෂා නොකර, මැරෙන කල් ම කරන්න! තෙරුවන් සරණයි!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll