437. සැකය නැතිකරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සැකය (බොහෝ තැන්වල) බහුල ලෙස ඇත්තෙකු ඔහු වහා කිපෙන සුලු අයෙකුද වේනම් කිනම් ආකාරයට භාවනාව ආරම්භ කිරීමද සුදුසු පහදා දෙන්න.

A. නොයෙක් ආකාරයෙන් “මෛත්‍රී භාවනාව” වඩන අතර ම (ධර්මය මැනවින් උගෙන) සැක-සංකා ඇතිවන කරුණු විනාශ වී අතුරුදන් වී යන අයුරින් හා ධර්මානුකූල කාරණා මැනවින් (සපථවන / තහවුරුවන) ස්ථීරවන තෙක් ම මැනවින් ධර්මානුකූලව නුවණින් ගැඹුරින් මෙනෙහි කරන්න.

A / R. “කුශලා කුශල ධර්ම විෂයෙහි යෝනිසෝමනසිකාර බහුල බවය, ධර්මය පිළිබඳව දැනුම ඇති බව ය, තෙරුවන් පිළිබඳ ප්‍රශ්න ඇසීම ඇති බව ය, විනය දන්නා බව ය, ශ්‍රද්ධා බහුල බව ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, සත්ප්‍රාය කථා ඇසීම ය යන මොහු විචිකිච්ඡාව දුරු වීමට හේතූහු ය.

ද්වේෂය සිත කය දවත ගින්නකි. උමතු කරවන විෂයකි. මිනිසාට ආවේෂ වන යක්ෂයෙකි. සිත දුබල කරන රෝගයකි. නුවණැස වසන පටලයකි. මිත්‍ර වේශයෙත් එන සතුරෙකි. ගුණ දහම් පැහැර ගන්නා සොරෙකි. විෂ මිශ්‍ර බොජුනකි. දුටු දුටුවන් දෂ්ට කරන සර්පයෙකි. නිවන් මඟට කටු වැටකි. මරහුගේ දූතයෙකි. යම රජුගේ දූතයෙකි. ආත්මාර්ථ පරාර්ථ නාශක වූ මේ ද්වේෂය මා කෙරෙහි නූපදීවා. මා කෙරෙන් බැහැර වේවා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. මම සියල්ලන්ගේ ම මිත්‍රයෙක්මි. සියල්ලෝ ම මාගේ මිත්‍රයෝ වෙත්වා! මෙය දිනකට සිය වර බැගින් පිළිවෙලින් දස දිනක් භාවනා කොට ඉන්පසු ද්වේෂය ඇති වූ අවස්ථාවලදී මෙනෙහි කරනු. ද්වේෂය දුරු කර ගැනීමට මෛත්‍රී භාවනාව අතිරේක භාවනාවක් වශයෙන් පුරුදු කිරීම ද යහපති. ද්වේෂය දුරු කර ගැනීමේ නොයෙක් ක්‍රම විශුද්ධි මාර්ගයේ බ්‍රහ්ම විහාර නිර්දේශයෙන් දත හැකිය.”

A / R. “මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය (අනුවණින් වැරදිලෙස මෙනෙහිකිරීම) නිසා නූපන් විචිකිච්ඡාව (සැකය) හෝ උපදී ද, උපන් විචිකිච්ඡාව හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. අනුවණින් වැරදිලෙස මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් විචිකිච්ඡාවත් උපදී, උපන් විචිකිච්ඡාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”
https://pitaka.lk/main?n=26110&p=15

“මහණෙනි, යම්සේ (යෝනිසෝමනසිකාරය) නුවණින් මෙනෙහිකිරීම නිසා නූපන් සැකය හෝ නූපදීද, උපන් සැකය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි”
https://pitaka.lk/main?n=26110&p=20

“මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ යම් අරමුණක් නිසා නූපන් ක්‍රෝධය උපදී ද, උපන්නාවූ ක්‍රොධයෙහි නැවත නැවත ඉපදීම හා විසාලලෙස රැස්වීම ඇති වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙනෙහිකරන්නා තුළ (කලින්) නූපන් ආශාවත් උපදී, උපන්නාවූ ආශාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ”
https://pitaka.lk/main?n=26110&p=12

“මහණෙනි, යම්සේ මෛත්‍රීසහගතව මිදුනු සිත නිසා නූපන් ක්‍රොධය හෝ නූපදීද, උපන්නාවූ ක්‍රෝධය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මෛත්‍රීසහගතව මිදුනු සිත නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් ක්‍රෝධයත් නූපදන්නේය, උපන් ක්‍රෝධයත් විනාසයට යන්නේය”
https://pitaka.lk/main?n=26110&p=17

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll