56. අස්කරන "බුද්ධ පූජාව" සත්තුන්ට දෙන්ඩ එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අස්කරන "බුද්ධ පූජාව" සත්තුන්ට දෙන්ඩ එපා ද?

A. ඔබේ ඒ ක්‍රියාව පූජාසනය/මලසුන පිරිසිදු කිරීමේ අදහසින් ම හා ඉවත ලන දෙය නිකරුනේ විනාශ වීන්මෙන් වලක්වා සතුන්ට අහාර දීමෙන් ලැබෙන පිං අත්කර ගැනීමේ අදහසින්ම දිගටම කරගෙන යන්න.

A. "පූජාසන පවිත්‍ර‍ කරනු පිණිස පිදූ ආහාරපාන ඒ තැන්වලින් ඉවත් කළ යුතු ම ය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නො ගනිත් නම් කවරකු විසින් වුව ද ගැනීමෙන් පාපයක් නො විය හැකි ය. ඉවත ලද බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නො වේ."

Q. මං එක්තරා ධර්ම දේශනාවක දී අහල තියෙනව බුදුරදුන්ට පිළිගැන්වූවාට පසු ඒ බුද්ධ පූජාව සතෙකුට හෝ වෙනයම් කෙනෙකුට අකැපයි කියල... මේ ගැන හරියට ම කියන්න පුළුවන් ද?

A / R / T. "එසේනම් පින්වත් ගෞතමයන් වහන්ස, කාහට මේ යාගයෙන් ඉතිරි කොටස දෙම්ද?’’

"බ්‍රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිසුන් සහිත, ප්‍රජා සංඛ්‍යාත ලෝකයෙහි යමකු මේ යාගයෙන් ඉතිරි කොටස වැළඳුයේ, මනාව දිරීමට යන්නේද, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ හැර එබඳු වූවකු නොදකිමි. ඒ නිසා බමුණ, එය තණ නැති බිමක හෝ දමව, ප්‍රාණීන් නැති දියක හෝ පාකොට හරුව’’ (යි වදාළසේක.)

"ඉක්බිති සුන්‍දරිකභාරවාජ බමුණුතෙම ඒ යාගයෙන් ඉතිරි කොටස ප්‍රාණීන් නැති දියෙහි පාකොට යැවීය.

ඉක්බිති ඒ යාගයෙන් ඉතිරි කොටස දියෙහි බහාලන ලද්දේ චිටි චිටි චිටි චිටි යන ශබ්දයෙන් ශබ්ද කරයි, දුම් නගියි, හාත්පසින් දුම් දමයි. දහවල් මනාව රත්වූ නගුල දියෙහි දමන ලද්දේ යම්සේ චිටි චිටි චිටි චිටි යන ශබ්ද කරයිද , දුම් දමයිද, එසේම යාගයෙන් ඉතිරි කිරිබත දියෙහි ලන ලද්දේ චිටි චිටි චිටි චිටි යන ශබ්දයෙන් ශබ්ද කරයි, දුම් දමයි, හාත්පසින් දුම් දමයි. ..."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll