Q. කුසලය අකුසලය හදුනාගෙන, අකුසලය මතු වීමට ඉඩ නොදි කුසලය වර්ධනය කරගන්නේ කෙසේද?
මෝහය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
A. සරලව ම, ඕනෑම අරමුණක දී අපිට සාමන්‍යයෙන් (“නිකංම”) හිතෙන විදිහ තමා අකුසල ය.
(කාලයක්) හුරු-පුරුදු උණාම - "සාමාන්‍යයෙන්" හිතෙන හැටියට තමයි හිතන්නෙත් (ඊගාවට / දිගට ම හිතෙන්නෙත්) කියන්නෙත් කරන්නෙත් - එතකොට ඒ ඔක්කොම අකුසල්.
ඒ හිතෙන විදිහට හිතෙන්න දෙන්නේ නැතුව “උපක්‍රමයකින්” හිතන විහිහ තමා කුසල ය.
(කාලයක්) හුරු-පුරුදු උණාම - “උපක්‍රමයකින්” හිතන හැටියට තමයි හිතන්නෙත් (ඊගාවට / දිගට ම හිතෙන්නෙත්) කියන්නෙත් කරන්නෙත් - එතකොට ඒ ඔක්කොම කුසල්.
“උපක්‍රමයකින්” කිව්වෙ - අනිත්‍ය / දුක්ඛ / අනාත්ම / අසුබ හෝ ස්කන්ධ / ධාතු / ආයතන හෝ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඕන තරං ක්‍රම තියනවා.
මෝහය කියන්නේ අපි හිතන විදිහට චතුරාර්ය සත්‍ය නොදන්නා කම කිව්වට (එය ද නිවැරදිය), මෝහය ( = අවිද්‍යාව) බලවත් - අතිදක්ෂ - කාර්යසූර - ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වගේ වැඩ(ක්) / ක්‍රියාවක් කරනවා.
ඒ වැඩේ තමා පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය (අනිත්‍ය / දුක්ඛ / අනාත්ම / අසුබ හෝ ස්කන්ධ / ධාතු / ආයතන / පටිච්චසමුප්පාද ආදී) ඇති ඇත්ත සැටිය (ඇත්ත තත්ත්වය / ඇත්ත ස්වභාවය) වසා, සත්ත්වයා මුළා කර වීම හා නො මඟ යැවීම.
R. "අවිද්‍යාව යනු චතුරාර්‍ය්‍ය සත්‍ය නො දැනීමය. විස්තර වශයෙන් කියතහොත් දුකය, දුක් ඇතිවීමේ සැබෑ හේතුවය, සැබෑ සැපය, සැබෑ සැපය ලැබීමේ සැබෑ හේතුවය යන කරුණු සතර පිළිබඳ නො දැනීම අවිද්‍යාවය. නො දැනීමෙකැයි කී නමුත් එය දැනීමේ අභාව මාත්‍රයක් නොව වරදවා දැනීමෙකි. මෝහය මෝඩකම යන මේවා ද එයට කියන නාමයෝය. එහි ලක්ෂණය නම් නො දැනීමය. ඇති සැටිය වසා සත්ත්වයා මුළා කැර වීම නො මඟ යැවීම එහි කෘත්‍යය ය. එය අන්ධකාරයක් වැනිය. වියළි තණ අමු තණ සේ දැක්වීමට අශ්වයනට පළඳවන නිල් කණ්ණාඩිය වැනිය."
"තෘෂ්ණාව ඉපැදීමේ හේතුව නම් පඤ්චස්කන්ධයා ගේ සැබෑ තත්ත්වය වසන්නා වූ ඒ සත්ත්වයා හට දැන ගන්නට නොදෙන්නා වූ බොහෝ සෙයින් ඒ තෘෂ්ණාව හා එක්ව පවතින්නා වූ මෝහයයි. පඤ්චස්කන්ධයෙහි මඳ ආස්වාදයක් ද මහා ආදීනවයක් ද ඇත. පඤ්චස්කන්ධයෙහි ඇත්තා වූ ප්‍රීතියට හා සොම්නසට හේතුවන ස්වභාවය එහි ආස්වාදයයි. උපදවා ගැනීමට දුක්විය යුතු බව, දුකින් ම උපදනා බව, උපන් පසු බොහෝ දුක් ගෙන රක්ෂා කළ යුතු බව, කොතෙක් උත්සාහ කොට කොතෙක් වෙහෙසී කොතෙක් දුක් ගෙන ආරක්ෂා කළත් දිරන බිඳෙන බව, අනේක දුඃඛයන්ට වස්තු වන බව, එය පවත්නා තාක් නිදහසක් නොලැබිය හැකි බව යන ආදිය පංචස්කන්ධයා ගේ මහා ආදීනව රාශියයි. තවත් ක්‍රමයකින් කියතහොත් සංස්කාර දුඃඛ, විපරිණාම දුඃඛ, දුඃඛ දුඃඛ සංඛ්‍යාත ත්‍රිවිධ දුඛයෙන් නිරන්තරයෙන් ම පෙළෙන බව, සත්ත්වයන් විසින් ඇතය යි සිතන නිත්‍ය සුඛ සුහ ආත්ම ස්වභාවයන් එහි නැති බව, පඤ්චස්කන්ධයාගේ ආදීනව රාශියයි.
පඤ්චස්කන්ධය මෙසේ මහා ආදීනව රාශියකින් යුක්ත බැවින් ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. සතුටු විය යුත්තක් නොව පිළිකුල් කටයුත්තකි. බිය විය යුතු පිළිකුල් කළ යුතු වූ පඤ්චස්කන්ධයට සත්ත්වයන් බිය නොවී ඇලුම් කරන්නේ නො කලකිරෙන්නේ, බිය යුතු බව පිළිකුල් කළ යුතු බව වූ එහි සැබෑ තත්ත්වය වසා ගෙන සිටින මෝහය නිසාය. පඤ්චස්කන්ධයාගේ සැබෑ තත්ත්වය මෝහයෙන් වසා සිටින බැවින් සත්ත්වයා හට පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධයක් හැටියට නොව සත්වයකු පුද්ගලයකු හැටියට පෙනෙන්නේය. ප්‍රීති විය යුතු දෙයක් ඇලුම් කළ යුත්තක් සැටියට පෙනෙන්නේය. මෝහයෙන් පඤ්චස්කන්ධ තත්ත්වය වසා සිටින තාක් ම සත්ත්වයා කෙරෙහි ඒ වැරදි වැටහීම, වැරදි හැඟීම පවතින්නේය.
වටිනා මැණිකකැ යි රැවටී විදුරු කැබැල්ලක් මහත් ආශාවෙන් තබා ගෙන සිටින තැනැත්තාගේ ඒ ආශාව වීදුරු කැබැල්ල හැඳින ගත් කෙණෙහි ම දුරු වන්නාක් මෙන් පඤ්චස්කන්ධය ආස්වාදනීය දෙයක් හැටියට ගෙන එයට ඇලුම් කරමින් වෙසෙන තැනැත්තාගේ ඒ ආලය, මෝහය දුරු වී පඤ්චස්කන්ධයාගේ සැබෑ තත්ත්වය දකිනු සමඟ ම දුරු වන්නේය. සර්වාකාරයෙන් ස්කන්ධයන් පිළිබඳ ආලය දුරු වූ තැනැත්තාගේ මතු ඉපදීම එයින් ම කෙළවර වන්නේය. කරුණු මෙසේ හෙයින් තෘෂ්ණාව ඉපදීමේ හේතුව පඤ්චස්කන්ධ තත්ත්වය වසන මෝහය බව දත යුතුයි. මෝහය දුරුකර ගත හැකි වන්නේ ක්‍රමයෙන් පඤ්චස්කන්ධයා ගේ සැබෑ තත්ත්වය සෙවීමෙති. යම් විටක පඤ්චස්කන්ධයා ගේ සැබෑ තත්ත්වය දුටුයේ නම් එ කල්හි මෝහය දුරු වේ. විදර්ශනා වැඩීමය යනු මෝහය දුරු කරනු පිණිස අනුක්‍රමයෙන් පඤ්චස්කන්ධයා ගේ සැබෑ තත්ත්වය සෙවීමය."}