294. විශ්වයෙහි පහළ වූ ප්‍රථම බුදුරජාණන් වහන්සේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විශ්වයෙහි පහල වූ ප්‍රථම බුදුරජාණන් වහන්සේ පිළිබඳ සදහන් තොරතුරැ දැන ගැනීමට මූලාශ තිබේද?

A. ... “ස්වාමීනි, කල්පය වනාහි කොපමණ දීර්ඝවේද?” “මහණ, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමාවක් දේශනාකිරීමට හැක්කේද?”
“මහණ, හැක්කේය → https://pitaka.lk/?node=22138&coll=cs,aps
බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ
“මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පයෝ සිහි නොකරන ලද්දාහුම වූවාහුය.” ...
“යම්සේ වනාහි මේ ගංගා නදිය යම් තැනෙකින් පටන් ගනීද, යම් තැනකින් මහමුහුදට වැටෙයිද, මේ අතර යම් වැල්ලක් වේද, ඒ වැල්ල මෙතෙක් වැලිය කියා හෝ, මෙතෙක් වැලිඇට සියය කියා හෝ, මෙතෙක් වැලිඇට දහසය කියා හෝ, මෙතෙක් වැලිඇට ලක්ෂය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. බමුණ, අතීතවූ, ඉක්මගියාවූ, කල්පයන් වනාහි ඊට වඩා වැඩිය.” ...
→ අනමතග්ග සංයුත්තය ම කියවන්න → https://pitaka.lk/?node=22130&coll=cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll