Q. ආන පානය නතරවන්නේ කුමන ධ්‍යාන මට්ටමේදීද? අරුපාවචර ධයන වලදීත් කාය සංකාරය නතර වේද? ඒ පිළිබද සදහන් සුත්‍ර මොනවද?
A / R / T. "අන්‍ය කර්‍මස්ථාන වඩත් - වඩත් මතු - මතු විභූත වේ. මේ වනාහි එසේ නොවේ. මේ වඩත් වඩත් ක්‍රමයෙන් සියුම් වේ. අන්තිමයේ දී ආශ්වාස-ප්‍රශ්වාස ඇතැ යි යන වැටහීම ද නැති වේ. එසේ වූ කල්හි ඒ යෝගී හුනස්නෙන් නැඟී සම්කඩ ගසා දමා ගෙනැ නො යා යුතු. කුම් කළ යුතු ද, ‘ආචාර්‍ය්‍යයන් විචාරමි’ යි හෝ ‘මගේ කර්‍මස්ථානය නැති විණි’යි සිතා හෝ හුන් තැනින් නො නැඟිය යුතු. ඉරියව් වෙනස් කළහොත් කර්‍මස්ථානය අළුත් අළුත්ම වේ. එ බැවින් හුන් තැනැ ම හිඳැ ගෙනැ පියොවින් පවත්නා දෙය වශයෙන් කර්‍මස්ථානය ඇති බව සිතට එළවා ගත යුතු. (“පූර්‍වයෙන් තමා ඵුසන විසින් සලකන ලද තැන් එළවිය යුතු ය යන අර්‍ථ යි) කර්‍මස්ථානය ඇති බව සිතට එළවා ගන්නා ආකාරය මෙසේ ය. කර්‍මස්ථානය හෙවත් ආශ්වාස-ප්‍රශ්වාස නො වැටහෙන බව දැනුණු ඒ යෝගී විසින් මේ ආශ්වාස-ප්‍රශ්වාස ඇත්තේ කොහි ද නැත්තේ කොහි ද ඇත්තේ කාහට ද නැත්තේ කාහට දැයි සැලකිය යුතු ය. එසේ සලකන්නහු විසින් මේ ආශ්වාස-ප්‍රශ්වාස මව් කුස වසන්නවුන්ට ද දියෙහි ගිලුනුවුන්ට ද, අසංඥීතල වැසියන්ට ද, මළවුන්ට ද, චතුර්‍ථධ්‍යානයට සමවැදුණුවුන්ට ද, රූපි රූප භවසමඞ්ගීන්ට ද, නිරොධසමාපත්තියට සමවැදුනුවුන්ට ද නැත්තේ ය යි දත යුතු ය. එසේ දැනැ තමා ම තමා පිළිවිසිය යුතු. ‘පණ්ඩිතය, තෝ කිම දැන් මව් කුස වසන්නෙහි ද, නැත. දියෙහි ගිලුණෙහි ද, නැත. අසංඥියෙහි ද, නැත. මෙළෙහි ද, නැත. චතුර්‍ථධ්‍යානයට සමවැදුණෙහි ද, නැත. රූපා-රූපභව සමඞ්ගියෙහි ද, නැත. නිරොධ සමාපත්තියට සමවැදුණෙහි ද, නැත. එසේ නම් තට ආශ්වාස-ප්‍රශ්වාස තිබිය යුතුම ය. නුවණ මඳ බැවින් තට ඇත්තා වූම එය දැනැ ගත නො හැකිය’යි මෙසේ දැනැ ඔහු විසින් පියොවින් පහස්නා තැන වශයෙන් සිත පිහිටුවා මෙනෙහි කළ යුතු ය. මේ ආශ්වාස-ප්‍රශ්වාස දික් නැහැ ඇත්තවුන්ට නාස් පුටයෙහි ගැටී පවතී. කොට නැහැ ඇත්තවුන්ට උඩු තොල ගැටී පවතී. එ බැවින් ඔහු විසින් මේ නැහැ ගැටෙමින් පවතී ය යි නිමිති එළවිය යුතු යි."
A / R. "පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරොති සෙසසඞ්ඛාරෙහි පඨමං දුතියජ්ඣානෙයෙව නිරුජ්ඣති. තතො කායසඞ්ඛාරොති ¶ තතො පරං කායසඞ්ඛාරො චතුත්ථජ්ඣානෙ නිරුජ්ඣති. තතො චිත්තසඞ්ඛාරොති තතො පරං චිත්තසඞ්ඛාරො අන්තොනිරොධෙ නිරුජ්ඣති. වුට්ඨහිස්සන්ති වා වුට්ඨහාමීති වා පදද්වයෙන අන්තොනිරොධකාලො කථිතො. වුට්ඨිතොති පදෙන ඵලසමාපත්තිකාලො. තථා පුරිමෙහි ද්වීහි පදෙහි අචිත්තකකාලො කථිතො, පච්ඡිමෙන සචිත්තකකාලො. පුබ්බෙව තථා චිත්තං භාවිතං හොතීති නිරොධසමාපත්තිතො පුබ්බෙ අද්ධානපරිච්ඡෙදකාලෙයෙව එත්තකං කාලං අචිත්තකො හුත්වා තතො පරං සචිත්තකො භවිස්සාමීති අද්ධානපරිච්ඡෙදචිත්තං භාවිතං හොති. යං තං තථත්තාය උපනෙතීති යං එවං භාවිතං චිත්තං, තං පුග්ගලං තථත්තාය සචිත්තකභාවාය උපනෙති. ඉති හෙට්ඨා නිරොධසමාපජ්ජනකාලො ගහිතො, ඉධ නිරොධතො වුට්ඨානකාලො."
A / R. "463
‘‘කති පනාය්‍යෙ, සඞ්ඛාරා’’ති?
‘‘තයොමෙ, ආවුසො විසාඛ, සඞ්ඛාරා - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො’’ති.
‘‘කතමො පනාය්‍යෙ, කායසඞ්ඛාරො, කතමො වචීසඞ්ඛාරො, කතමො චිත්තසඞ්ඛාරො’’ති?
‘‘අස්සාසපස්සාසා ඛො, ආවුසො විසාඛ, කායසඞ්ඛාරො, විතක්කවිචාරා වචීසඞ්ඛාරො, සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති.
‘‘කස්මා පනාය්‍යෙ, අස්සාසපස්සාසා කායසඞ්ඛාරො, කස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො, කස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති?
‘‘අස්සාසපස්සාසා ඛො, ආවුසො විසාඛ, කායිකා එතෙ ධම්මා කායප්පටිබද්ධා, තස්මා අස්සාසපස්සාසා කායසඞ්ඛාරො. පුබ්බෙ ඛො, ආවුසො විසාඛ, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති, තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො. සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තප්පටිබද්ධා, තස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති.
463
“ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කීදෙනෙක්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය” (යන තුනයි.)
“ආර්‍ය්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝයි විතර්ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.”
“ආර්‍ය්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා දෙක කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි. ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරයි, සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.”