Q. එක් එක් මාර්ග ඵලයේදි නැසෙන කෙලෙස් පිලිබද පැහැදිලි කිරීමක් තිබේද?
A / R. ක්ලේශප්‍රහාණය.
“… ක්ලේශ ප්‍රහාණය විසුද්ධි මග්ගයේ දැක්වෙන්නේ මෙසේ ය:- සඤ්ඤෝජනයන්ගෙන් සක්කායදිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බතපරාමාසය අපායගමනීය කාමරාගය පටිඝය යන මේ ධර්මයෝ පස්දෙනා සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබෙත්. ඖදාරික වූ කාමරාග පටිඝයෝ සකෘදාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබෙත්. සියුම් වූ කාමරාග පටිඝයෝ අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබෙත්. රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොහු අර්හත් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබෙත්. …”
A / R. "ක්ලේශ ප්‍රහාණය
දෘෂ්ටිය ය, විචිකිත්සාවය යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායෙහි උපදවන තරමට ඖදාරික වූ අන්‍ය ක්ලේශයෝ ද ප්‍රහාණය කරනු ලැබෙත්.
සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත් සතර ය, විචිකිත්සා සහගත සිත ය යන මේ සිත් පස සෝවාන් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායයෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික ව ඇති වන දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා ද ප්‍රහාණ ය කරනු ලැබේ.
අපායෝත්පත්තියට හේතු වන තරමට ඖදාරික නො වූ දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.
සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික ලෝභ - ද්වේෂ - මෝහයෝ ප්‍රහාණය කරනු ලැබෙත්. සකෘදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇති වන්නේ ද කලාතුරකිනි. කලාතුරකින් ඇති වන කල්හි ද ඖදාරික වශයෙන් ඇති නොවේ.
සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- ඖදාරික වූ දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා සකෘදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. සූක්ෂ්ම වූ දෘෂ්ටි විප්‍රයුක්ත සිත්සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සකෘදාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.
අනාගාමි මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනු ලැබේ. සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- කාමරාග සහිත වූ දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙකය යන මේවා අනාගාමි මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ.
රූපරාග - අරූපරාග සහිත දෘෂ්ටිවිප්‍රයුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත අනාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.
රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන මේවා අර්හත් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ.
සිත් වශයෙන් මෙසේ ය:- රූපරාග - අරූපරාග මාන සහිත වූ සූක්ෂ්ම දෘෂ්ටිවිප්‍රයුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත ද අර්හත් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අර්හත් පුද්ගලයාට ඉතිරි කෙලෙස් නැත්තේ ය."