960. අපේ මිනිස් ලොව වගේ තවත් මනුෂ්‍ය ලෝක තියෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වෙනත් සමාන්තර ලෝක තියනවා ද?

A / T. මිනිස් ලොවෙහිම උපදියි. මිනිස් ලොවෙහිද අන් සක්වළක නොව මේ සක්වළම උපදියි.

මිනිස්ලොවද උපදින සේක. මිනිස්ලොවත් අන් සක්වළක නොවේ. මෙම සක්වළෙහිම උපදින සේක.

අනිත් සක්වළක ඇති මිනිස්ලොවක ද නොවේ. මේ සක්වළෙහිමය.

මිනිස්ලොවෙහිම උපදිති. මිනිස් ලොව ද අන් සක්වල නූපදිති. මේ සක්වළ ම උපදිත්.

"මනුස‍්සලොකෙව උප‍්පජ‍්ජති. මනුස‍්සලොකෙපි න අඤ‍්ඤස‍්මිං චක‍්කවාළෙ, ඉමස‍්මිංයෙව චක‍්කවාළෙ."

A. "... සඳහිරුහු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදෙහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.
ආනන්දය, යම්තාක් තැන් සහස්‍රීචූලනීය ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්දය, මේ ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුය යි කියනු ලැබේ.
ආනන්දය, යම්තාක් තැන් ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්දය, මේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතු ය යි කියනු ලැබේ.
ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැතිවන සේක් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම්, ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙසේ නම් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක ද? ඉන් පිටත් යම් තාක් කැමැති වන සේක් නම් ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක ද?
ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ශරීරාවභාසයෙන් පතුරුවන සේක. යම් වරෙක ඒ සත්හු ඒ ආලෝකය හඳුනත් ද, එවරැ තථාගතයන් වහන්සේ බඹගොස් කරණ සේක. හඬ අස්වන සේක. ආනන්දය, මෙසේ තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම් ඒ තාක් ස්වරයෙන් විඥාපනය කරණ සේක."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll