Q. සෝවාන් වීමේ දී ප්‍රහීණ කරන්නාවූ සක්කාය දිට්ඨය නම් මමය මාගේය යන හැඟීමයි. එසේ නම් කාමරාගය හෙවත් කාමයන් පිනවීමට ඇති ආශාව අනාගාමී වීමේ දී ප්‍රහීණ වන බව දැක්වීම පහදා දෙන්න. මම මගේ යැයිඅල්ලා නොගන්නා පුද්ගලයාට කාමරාගය තිබිය හැකි ද? මගේ ප්‍රශ්නය වැරදියි නම් එයද නිවැදි කර පහදා දෙන්න. තෙරුවන් සරණයි!
A. සරලව ම, අල්ලා ගැනීම සිදුවන්නේ ‘ලෝභය’ නිසා ය; මම - මාගේ ආදි වැරදි දැකීම් ඇතිවන්නේ (මිත්‍යා) ‘දිට්ඨිය’ නිසාය.
සෝවහන් පුද්ගලයාට ‘දිට්ඨිය’ මිස ‘ලෝභය’ ප්‍රහීණ නොමැති බැවින් >>> ධාර්මිකව <<< කාමයන් පිනවීමේ ආශාව ඇති වේ.
කාමයන් පිනවීමේ ආශාව ඇතිවීමට අසුබ (පිළිකුල්සහගත දේ/තැන්) දේ සුබ ලෙස දකිනා (වැරදි) සිතුවිලි හා (වැරදි) හැඳිනීම් මාත්‍ර ද සෝවහන් පුද්ගලයාට උපකාරී වේ.
[අපි සියලු අකුසල්/පව් කරන්නේ සිත් 12කින් (සිත් 12ක් මූලික වීමෙන්), ඒ 12න් කාමයන් පිනවීමේ ආශාව ඇති ප්‍රධාන පව්/අකුසල් සිත් අටෙන් හතරක් ම සෝවාහන් පුද්ගලයාට ඉතිරිව පවතින නිසාත්, (ඒ සිත් හතරෙහි ‘ලෝභය’ නමැති චෛතසිකය/සිතුවිල්ල බලවත්ව යෙදෙන නිසාත්,) ඔහු ධාර්මිකව කාමයන් පිනවයි.]
{වැඩිදුර: “සෝවාන් පුද්ගලයන්ට නිරවද්‍ය ස්ථානයන්හි රාගය බලවත් ව උපදී. එබැවින් ඔවුහු දූ දරුවෝ ද ලබති. සකෘදාගාමීන්ට ඒවා ඒ තරමට බලවත් ව ඇති නො වේ. සකෘදාගාමීන් මෛථුන සේවනය නො කරතැයි පරමත්ථදීපනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ ටීකාවෙහි කියා තිබේ.”
(https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-13-1.html)
“එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-12-4.html
(https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-12-3.html)
සෝවාන් ඵලස්ථයාගේ සිත් 50
ලෝභ මූල දිට්ඨි විප්පයුත්ත 4, ද්වේෂමූල 2, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, සෝවාන් ඵල සිත යන මේවා ය.
https://pitaka.lk/books/abhidharma-margaya/5-12.html
ක්ලේශ ප්‍රහාණය
දෘෂ්ටිය ය, විචිකිත්සාවය යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායෙහි උපදවන තරමට ඖදාරික වූ අන්‍ය ක්ලේශයෝ ද ප්‍රහාණය කරනු ලැබෙත්.
සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත් සතර ය, විචිකිත්සා සහගත සිත ය යන මේ සිත් පස සෝවාන් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායයෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික ව ඇති වන දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා ද ප්‍රහාණ ය කරනු ලැබේ.
අපායෝත්පත්තියට හේතු වන තරමට ඖදාරික නො වූ දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.
https://pitaka.lk/books/abhidharma-margaya/10-14.html
(https://pitaka.lk/books/vishuddhi-margaya/24-7.html)}
A. [“ආත්ම නො වන, මම නො වන සත්ත්වපුද්ගල නො වන, රූප - වේදනා -සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණ යන ස්කන්ධවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ල ම හෝ මම ය, ආත්ම ය, සත්ත්වයා ය, පුද්ගලයා ය, කියා ස්ථීර වශයෙන් පිළිගැනීම ස්ථීර වශයෙන් සැලකීම සක්කායදිට්ඨිය ය.”]
{“සංයෝජන තුනක් ප්‍රහාණය කීරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතපත්තිඵලය සාක්ෂාත් කිරිම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස යන මේ අකුශල ධර්ම තුන ය. නැවත නැවතත් සත්ත්වයා සංසාරයෙහි යොදවන බැවින් ඒවාට සංයෝජනය යි කියනු ලැබේ. ඒවාට සත්ත්වයන් සංසාරෙයෙහි බැඳ තබන රැහැන්ය යි කිම ද සුදුසු ය. ...”
https://pitaka.lk/books/suvisi-gunaya/28-3.html}
Q. දැක්ම වෙනස් විම තුලින් ..ලෝභය අඩු වන්නේ නැතිද....දැන ගැනිම සඳහායි...
A. “කලාතුරකින් ඇති වීමෙහි ද පෘථග්ජන සන්තානයන්හි මෙන් රෞද්‍ර ව ඇති නො වේ.”
ඔබ පිළිතුරු හොඳින් කියවා නැති හැඩයි - සබැඳි (Link) වලින් ද ගොස්, සම්පූර්ණ කොටස් ම ද කියවන්න -
(“දෘෂ්ටි විචිකිත්සාවන්ගෙන් අන්‍ය ක්ලේශයන් සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි ඇති වෙතත් පෘථග්ජන සන්තානයන්හි මෙන් නිතර ඇති නො වේ. කලාතුරකින් ම ඇති වේ. කලාතුරකින් ඇති වීමෙහි ද පෘථග්ජන සන්තානයන්හි මෙන් රෞද්‍ර ව ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති. තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය යි කියනුයේ කෙලෙසුන් ගේ ඒ ඖදාරික කොටස් ප්‍රහාණය කිරීම ය.”)
{R. "සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන ක්ලේශයෝ.
සෝවාන් මාර්ගය ඇති වූ කල්හි එහි ආනුභාවයෙන් සත්කායදෘෂ්ටිය ද, දෙ සැට වැදෑරුම් මිථ්‍යා දෘෂ්ටිය ද සොළොස් වැදෑරුම් විචිකිත්සාව [1] ද ප්‍රහාණය වේ. දෘෂ්ටි විචිකිත්සා ප්‍රහාණය වන කල්හි ඒවා හා එක්ව උපදනා වූ දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතරෙහි ද විචිකිත්සා සහගත සිතෙහි ද ඒ සිත් පස හා සම්ප්‍රයුක්ත සකල චෛතසිකයන්ගේ ද ප්‍රහාණය සිදුවේ. දෘෂ්ටි විප්‍රයුත්ත අකුසල් සිත් සතර ය. ද්වේෂමූල සිත් දෙකය යන මොවුහු ද තුනී කිරීම් වශයෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේත. තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය යනු ඒ අකුශල ධර්මවල අපායෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික පරිදි ඇති වන කොටස ප්‍රහාණය කිරීම ය.
දෘෂ්ටි විචිකිත්සාවන්ගෙන් අන්‍ය ක්ලේශයන් සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි ඇති වෙනත් පෘථග්ජන සන්තානයන්හි මෙන් නිතර ඇති නො වේ. කලාතුරකින් ම ඇති වේ. කලාතුරකින් ඇති වීමෙහි ද පෘථග්ජන සන්තානයන්හි මෙන් රෞද්‍ර ව ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති. තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය යි කියනුයේ කෙලෙසුන් ගේ ඒ ඖදාරික කොටස් ප්‍රහාණය කිරීම ය."}