514. ධාර්මික ජීවිකාව යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය ඉපයීමට, ධාර්මිකව ව්‍යාපාරවල යෙදිය හැකි ද? කෙසේ ද?

A / R. “මහණෙනි, එකොළොස් අංගයකින් යුක්තවූ ගොපලු තෙම ගව සමූහයා හසුරුවන්ටද, දියුණු කරන්ටද නුසුදුසු වෙයි.”https://pitaka.lk/main?n=18133

“ගොවියා පොළොව කෙටීමේ දී පණුවෝ කැපී මැරෙති. ගොවියා පොළොවට උදලු පහර ගසන්නේ පණුවන් කැපීමේ අදහසින් නොව පස කැපීමේ අදහසිනි. පොළොවේ සිට පණුවන් කැපී මැරුණත් ඔවුන් මැරීමේ චේතනාවක් ගොවියාට ඇති නොවූ බැවින් ඔහුට ප්‍රාණඝාත අකුශලය සිදු නො වේ. හේන් ගිනි තැබීම, කසල ගිනි තැබීම, කුඹුරු සකස් කිරීම, පහන් දැල්වීම, ගමන් කිරීම, රිය පැදවීම යනාදිය නිසා සිදුවන සතුන් ගේ මරණ ගැන කිය යුත්තේ ද එයම ය.”
https://pitaka.lk/books/dharma-winishchaya/53.html

’’මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
https://pitaka.lk/main?n=28119

’’මහණෙනි, කෙසේනම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව, මේ මිලට විකුණු කල මෙතරම් ඇත්තේයයි දන්නේය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ.
https://pitaka.lk/main?n=281110

(https://pitaka.lk/main?n=241712)

“... හොර කිරුම් මිණුම් ආදී කූඨ ක්‍රියා කරන නීච වෙළෙන්දෝ ද මෙහි ඉපිද ගිනියම් වූ බිලි අමුණන ලදුව ගිනියම් වූ යම පොළොවෙහි නිදත් ...”
https://pitaka.lk/books/karma-vipaka/6-3.html

[... https://pitaka.lk/main?n=2521105
https://pitaka.lk/main?n=2521106 ...]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll