Q. 1. නිරෝධ සමාපත්තියට සමවැදුණු උතුමකුගේ ශරීර උෂ්ණත්වය පවතී ද?
2. ශරීර උෂ්ණත්වය පවතී නම් හදවත ක්‍රියාත්මක වේ ද?
A / R. 1. … “ගෘහපතිය යමෙක් මළේද, කළුරිය කළේද, ඔහුගේ කාය සංස්කාරය නිරුද්ධවූයේය. සංසිඳුනේය, වචී සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය, චිත්ත සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධවිය, උෂ්ණය සංසිඳුනේය, ඉන්ද්‍රියයෝ බිඳුනාහ. ගෘහපතිය, යම් මේ භික්ෂුවක් වනාහි සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනේද, ඔහුගේද කාය සංස්කාරය නිරුද්ධ වූයේය, සංසිඳුනේය. වාක් සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. චිත්ත සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධ නොවීය. උෂ්ණය නොසංසිඳුනේය. ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. ගෘහපතිය, යමෙක් වනාහි මළේද කාලක්‍රියා කළේද, යම් මේ භික්ෂුවක් සංඥා වෙදයිත නිරෝධයට පැමිණියේද මේ ඔවුන්ගේ වෙනසයයි” …
(“ගෘහපතිය, ආශ්වාස ප්‍රශ්වාසය වනාහි කාය සංස්කාර නම්, විතර්ක විචාරය වචී සංස්කාර නම්, සංඥාවද වේදනාවද චිත්ත සංස්කාර නමියි”)
A / R. “ඇවැත්නි, මේ ඉන්ද්‍රිය පසක් වෙත්. කවරහුද? චක්ඛු ඉන්ද්‍රියය, සොත ඉන්ද්‍රියය, ඝාණ ඉන්ද්‍රියය, ජිව්හා ඉන්ද්‍රියය, කාය ඉන්ද්‍රියය (යනුයි.) ඇවැත්නි, මේ ඉන්ද්‍රිය පස කුමක් නිසා පවතිත්ද?”
“ඇවැත්නි, මේ ඉන්ද්‍රිය පස ආයුෂ (ජීවිත ඉන්ද්‍රිය) නිසා පවතිත්.
“ඇවැත්නි, ආයුෂය වනාහි කුමක් නිසා පවතීද? ආයුෂය උෂ්ණය (කර්මයෙන් උපන් තෙජො ධාතුව) නිසා පවතියි.”
“ඇවැත්නි, උෂ්ණය කුමක් නිසා පවතීද?”
“උෂ්ණය ආයුෂ (ජීවිතෙන්ද්‍රිය) නිසා පවතියි.”
“ඇවැත්නි, ආයුෂය උෂ්ණය නිසා පවතීයයි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කීම අපි දැන් මෙසේ දනිමු. ඇවැත්නි, උෂ්ණය ආයුෂය නිසා පවතීයයි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කීම අපි දැන් මෙසේ දනිමු. ඇවැත්නි, කෙසේ නම් මේ කීමෙහි අර්ථය දත යුතුද?”
“ඇවැත්නි, එසේවී නම් තොපට උපමාවක් කියමි. මේ ලොකයෙහි ඇතැම් නුවණ ඇත්තෝ උපමාවෙන්ද කියන ලද්දෙහි අර්ථය දැන ගනිති. ඇවැත්නි, ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි ගිනිදලුව නිසා ආලොකය පෙනේද, ආලොකය නිසා ගිනිදලුව පෙනේද, ඇවැත්නි, එපරිද්දෙන්ම ආයුෂය උෂ්ණය නිසා පවතියි. උෂ්ණය ආයුෂ නිසා පවතියි."
A. 2. මට හිතෙන්නේ ශරීර උෂ්ණය තිබුනත් හදවත ක්‍රියා නොකරන බවයි. නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන්වහන්සේ නමක් පිරිනිවන්පෑ බව වැරදියට වටහාගෙන ආදාහනය කල කතාවක් ගැන මම අසා තිබෙනවා.