378. අකුසල් කරලා මිනිස් භවයක?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මිනිසත් බව ලැබෙන්නේ කුසල කර්මයක් නිසා වේ. නමුත් ජාති අන්ධ, බිහිරි, නපුංසක වැනි උපතක් කරා යාමට හේතු වන කුසල කර්ම මොනාද?

A / R. “ජාත්‍යන්ධාදි ඇතැම් හීන මනුෂ්‍යයන්ට ද, භූම්‍යස්ථ දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ට ද කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ප්‍ර‍තිසන්‍ධිය වේ. මේ කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ඉතා දුබල කුශලයක ගේ විපාක වශයෙන් ඇති වන්නකි.

මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය.

අඝානකයෝ නම් ඝ්‍රාණේන්ද්‍රිය නැත්තෝ ය. කෙළතොලුවෝ නම් වම දකුණ පවා නාඳුනන මෝඩයෝ ය. කටේ කෙළ රඳවා ගැනීමට තරම් වත් දැනුමක් ඔවුනට නැති නිසා ඔවුන් ගේ මුවින් කෙළ වැගිරෙයි. එබැවින් ඔවුනට කෙළතොලුවෝ යයි කියති. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝ ය. ස්ත්‍රී පුරුෂ ලිඞ්ග දෙක ම ඇත්තෝ උභතෝබ්‍යඤ්ජනකයෝ ය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝ ය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන් වර කියමින් කථා කරන්නෝ මම්මයෝ ය.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll