132. පින සහ කුසලය එකක් ද? දෙකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පින සහ කුසලය එකක් ද? දෙකක් ද?

A / S. "පින හා කුසලය එකක්ද? දෙකක්ද ? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද?

තෙරුවන් සරණයි…!

අද කාලේ බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි පින හා කුසලය එකක්ද? දෙකක්ද? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද? යන ප්‍රශ්නය.

මේ ගැන බොහෝ දෙනා බොහෝ මත පල කරනවා. මෙය ආරම්භ වූ තැන ගැනත් සඳහන් කරමින්, මේ ගැන ඉතාම හොද ධර්මානුකූල පැහැදලි කිරමක් අපවත්වී වදාළ අවසරයි නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ විසින් කලකට පෙර සඳහන් කර තිබුණා. බොහෝ දෙනාගේ දුර්මත දුරු වීම සඳහා පහතින් දක්වන්නේ ඒ පැහැදිලි කිරීම.

"පින සහ කුසලය යනු එකක් ද? දෙකක් ද?

පින්වතුනි, මෑත භාගයේ, මගේ මතකයේ හැටියට 1988 ඉඳලා ඔය ප්‍රශ්නෙ තියෙනවා. ඔය ප්‍රශ්නේ නැඟුනේ දකුණේ - ඒ කියන්නේ මාතර සිරිමංගල පිරිවෙනෙහි දීර්ඝ කාලයක් පරිවේනාධිපති ධූරය දැරූ පොල්හේනේ සෝමවංශ ස්වාමින් වහන්සේ තමයි මේ ප්‍රශ්නය ඇති කළේ. බොහෝම උගත්, භාෂා හයක් පමණ පරතෙරට උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි දකින කාලේ වයෝවෘද්ධයි.

ඒ ස්වාමින් වහන්සේ වැඩඉන්න අහංගම මංගලාරාමයේ තිබුණා භාවනා පංතියක්. මාස්පතා එතැන භාවනා පංතියක් පැවැත්වෙනවා. ඒ භාවනා පංතිය පවත්වන්නේ මගෙන් උපදෙස් ලබාගත්ත උගත් මහත්මයෙක්. ඒ තමයි වැලිගම සිටිය චන්ද්‍රපාල ජයසිංහ මහත්මයා. වර්ෂයකට වරක් මාත් ඒ වගේ විශේෂ තැන්වලට වඩම්මාගෙන යනවා. ඒ වසරෙහි මැයි මාසේ 30 වෙනිදා ඒ භාවනා පංතියට මාව එක්කරගෙන ගියා. ඉතින් උදෑසන හයට සිල් පිහිටවපු පිරිස උදේ ආහාර අරගෙන අටට ඊළඟ වැඩසටහනට මාවත් සම්බන්ධ කරගත්තා.

ඒ මහත්මයා මට කල්ඇතිව දැනුම්දුන්නා 'ස්වාමින් වහන්ස මේ පණ්ඩිත ස්වාමින් වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා ලෞකික සැප පිණිස කරන යහපත් දේ පින, නිවන් සුව පිණිස කරන යහපත් දේ කුසලය. දැන් මේ භාවනා වැඩසටහනේ හවස හතරට තියෙනවා ධර්ම සාකච්ඡා පැයක් එතැනදි, මේ ප්‍රශ්නය කවුරු හරි අහයි ස්වාමින් වහන්සේ ඒකට සුදුසු පිළිතුරක් දුන්නොත් හොඳයි.' ඒකයි ඒ මහත්මයා මට දැනුම් දුන්නේ. ඇත්තෙන්ම හවස හතරට තිබුණා ධර්ම සාකච්ඡා පැය. ඒ ගරුතර ස්වාමින් වහන්සේත් ඇවිල්ලා දම් සභාවේ වාඩිවුනා. ඉතින් මම තමයි ප්‍රශ්නයට උත්තර දෙන්න ඉන්නේ. මං ආරාධනා කළා සිල්පිරිසට භාවනා ගැන, දහම් කරුණු ගැන ගැටළුතැන් සාකච්ඡා කරන්න මං අවසර දෙනවා කියලා. ඉතිං භාවනා ගැන සමහර කෙනෙක් ප්‍රශ්න ඇසුවා.

ඔය අතරට කෙනෙක් මේ ප්‍රශ්නෙත් නැඟුවා:

‘‘ස්වාමින් වහන්ස මේ පිනය කුසලය කියන දෙක දෙකක් ද එකක් ද?’’ කියලා.

ඉතිං මේක ඇත්තට කෙළින්ම විසඳන්න පුලුවන් ප්‍රශ්නයක්, නමුත් අර පූජනීය ලොකු ස්වාමින් වහන්සේත් මේ දම් සභා මණ්ඩපයේ නිසා උන්වහන්සේගේ හිත තැලෙන්නෙ නැතිවෙන්න කියන්නත් ඕනි. ඒ නිසා මම කියා හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳ සියල්ලම, සියලූ ආකාරයෙන්ම, සවිස්තරවම දේශනා කරලා තියෙන්නේ ධම්මසංගනී ප්‍රරකරණයේ චිත්තෝත්පාද කාණ්ඩයේ. ලෝකයෙහි ලෞකික ලෝකෝත්තර සියලූම සිත් එතැන විස්තර කෙරෙනවා. ඒ සෑම තැනකදීම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන භූමි හතරටම අයිති යහපත් යහපත් කුසල ධර්ම ඔක්කෝටම කියන්නේ කුසලා ධම්මා, කුසලා ධම්මා කියලා. ඒ එක තැනකදිවත් පුඤ්ඤා ධම්මා පුඤ්ඤා ධම්මා කියලා කියන්නේ නෑ. එහෙත් අට්ඨකතාවල මේ පුඤ්ඤ කියන වචනය භාවිත කරනවා.

මම අහනවා ඒ ලෞකික/ලෝකෝත්තර කුසල ධර්ම ඔක්කෝම 21ක් තියෙනවා. ඒ කියන්නෙ දාන, ශීල, භාවනා, අපචායන, වෙයියාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්මසවන, ධම්මදේසන, දිට්ටුජුකම්ම කියලා මේ සියලූම ආකාරයෙන් කරන සෑම යහපත් දෙයක්ම පාසා ඇතිවන සිත් ඔක්කොම කුසලා ධම්මා කියනවා. දස පාරමී කිව්වත් දස කුසල කර්මපථ කිව්වත් සිව් බඹ විහරණ කිව්වත් සතර සංග්‍රහ වස්තු කිව්වත් කරණීය ධර්ම කිව්වත්, මහා මංගල ධර්ම කිව්වත්, බෝධිපාක්ෂික ධර්ම කිව්වත් ධ්‍යාන විපස්සනා ඔක්කොම කුසල.

‘‘එහෙම නම් යම්කිසි සිත් කොටසක් පුඤ්ඤා ධම්මා කියලා කියනවද?’’

කියලා මං ප්‍රශ්නයක් කෙරුවා. එතකොට ඒ පණ්ඩිත ස්වාමින් වහන්සේ හිස හොල්ලලා කියනවා

‘‘ඒක නේන්නම්!’’

කියලා. තේරුම් ගත්තා උන්වහන්සේත් එහෙම සිත් කොටසක් වෙන් කරලා නෑ.

පස්සේ ඉතින් මේක පැහැදිලි වෙන්න මම නිදසුනක් ඉදිරිපත් කළා. අපි රාත‍්‍රී කාලයේ අඳුරු වෙලාවට පහනක් දල්වනවා. මේ පහන දැල්වීමේ දී ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. ඒ නිසා පහනට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. පහනින් සිදුවන ක්‍රියාකාරී දෙක පෙර පසු නොවී සිදුවෙනවා. එකක් එළිය පැතිරීම අඳුර නැතිවීම අනික. එළිය පැතිරෙන අර්ථයෙන් එකම පහනට කියනවා පහන කියලා. දීපෝ, පදීපෝ, පජ්ජෝතෝ ඔය නම් පාලියෙන් කියවෙනවා. අපි සිංහලෙන් කියන්නෙ පහන. ඒ පහනටම අඳුර නසන අර්ථයෙන් කියනවා තමෝනොද, තමදස්සි කියලා. තම කියන්නේ අඳුර. තමෝනොද කියන්නේ අඳුර නසන. තමදස්සී කියන්නෙත් අඳුර නසන. එතකොට ඇයි මේ එකම පහනට නම් දෙකක් ඇතිවුනේ? එහි තිබෙන ක්‍රියාකාරී දෙක නිසයි. ඒ වාගේ අපි යම් කිසි කුසලයක් කරන වෙලාවේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. අපි හිතනවා මෙන්න මෙහෙම දැන් නමස්කාරෙ කිව්වා. මේ නමස්කාරෙ කියනකොට ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ මොනවද, හිත එළිය වීමයි; හිතේ අඳුර නැතිවීමයි. පෙර පසු නොවී සිදුවෙනවා.

හිතේ එළිය වීම නම් නමස්කාර පාඨය වුනත් කියන වෙලාවේ හිතේ ඇතිවෙන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියධර්ම. බල ධර්ම, බොජ්ඣංග ධර්ම. මාර්ගාංග ධර්ම, සතර සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන, ඍධිපාද, මේවා පහල වෙන්නේ. කොටින් කියනව නම් සෝබන චිත්ත චෛතසික පහළ වෙන්නේ. හිත එළිය වෙනවා, ප්‍රසන්න වෙනවා, ඒ එක්කම මොකද සිද්ධ වෙන්නෙ සිතේ අඳුර නැති වෙනවා. අපේ සිත නිතරම වට කරගෙන එනවා ලෝභ දෝස මෝහ ආදී උපක්ලේෂ. අර අඳුර තිබුණ වෙලාවේ පහන දැල්වුවාම අඳුර දුරුවෙනවා වගේ ඒ වෙලාවේ ඒ අකුසල සිතිවිලි කිසිවක් නෑ.

ඒක නිසා ඒ සිතට කියනවා පින කියලා. සිත පහන් කරන අර්ථයෙන් පින කියනවා. සිතේ අඳුර නැති කරන අර්ථයෙන් කුසල කියනවා.

ඒ නිසා එකම සිතට කියන නම් දෙකක් පාවිච්චි වෙනවා. එතකොට ඒ පූජනීය ස්වාමින් වහන්සේ කියනවා ලෞකික සැපක් පිණිස ඒ කියන්නෙ මනුලොව, දෙව්ලොව, බඹලොව සැප පිණිස කරන්නේ පිනයි කියලා. ඒවට කුසල් කියන්නෙ නෑ කියලා කියනවා. නමුත් ඒ දිව්‍ය බ‍්‍රහ්මාදී සම්පත් පිණිස කරනු ලබන හැම දෙයක්ම කුසල කියන්නත් පුළුවන් පින කියන්නත් පුලූවන්. ඒකට වෙන නාම සම්මුතියක් තියෙනවා.

ලෞකික සම්පත් පිණිස කරන පින හෝ කුසලය නමින් හඳුන්වන යහපත් දේ වට්ටගාමිණී කුසල් / වට්ටගාමිණී පින කියනවා. ලෝකෝත්තර සම්පත් පිණිස සිදුවන දේවලට කියනවා විවට්ටගාමිණී පින / විවට්ටගාමිණී කුසලය කියලා. ඒ නිසා ඒකට වට්ටගාමිණී විවට්ටගාමිණී කියලා වෙන්කරන්න පුලූවන් මිසක් පින වෙනයි, කුසලය වෙනයි කියා කිව නොහැකි වෙනවා. අනිත් එක අපි සලකා බලන්න ඕනෑ පිනය කියන වචනයෙහි නිර්වචනාර්ථයක් තියෙනවා. නිර්වචනය කියන්නේ ඒකේ අක්ෂරයට අනුව යෙදෙන තේරුම.

["කුසලානං - අනවද්‍ය ලක්‍ෂණයන්ගේ, සමාදාන හෙතු - සමාදන්ව පවත්වන හේතු. එවමිදං පුඤ්ඤං පවඩ්ඪති** - මෙසේ ලෞකික ලෝකෝත්තර පින්ඵල වැඩේ. පුඤ්ඤපල යයි මතු මත්තෙහි පින් ද පින් විපාක ද දත යුතුය.

එහි කුසල් දෙයාකාරය. සසර ගමනට හේතුවන සහ නිවනට හේතුවන වශයෙනි. එහි වට්ටගාමි කුසලය නම් මාපියන් දූ පුතුන් කෙරෙහි ද දූ පුත්තු මාපියන් කෙරෙහි ද ස්නේහ වශයෙන් මෘදු මද්දව සිතයි. විවට්ටගාමී කුසල නම් සතර සතිපට්ඨානයාදි වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වේ. ඒවායින් වට්ටගාමි කුසලයේ අවසාන පලය මනුෂ්‍ය ලෝකයෙහි සක්විති සැපතයි. විවට්ටගාමි කුසලයේ අවසාන පලය මාර්ගඵල නිර්වාණ සම්පත්. එහි විවට්ටගාමි කුසලයේ විපාක සූත්‍රය අවසානයේ දක්වන්නේය.

මෙහි වනාහි වට්ටගාමි කුසලයේ විපාක දැක්වීම සඳහා මහණෙනි, දු පුත්තු මව්පියන්ගේ අවවාදයෙහි නොසිටියාහු ද එකල ආයුෂයෙන් ද වර්ණයෙන් ද සම්පත්තියෙන් ද පිරිහුනහ. සිටියාහු නම් එකල වැඩේ යයි කියා වට්ටගාමි කුසලයේ අනුසන්ධි වශයෙන් “භූත පුබ්බං භික්ඛවෙ” යන දේශනාව ඇරඹූහ. එහි චක්කවත්ති ආදිය මහා පදාන සුත්‍රයෙහි විස්තර කරන ලද්දේමය."


"තත්ථ ¶ දුවිධං කුසලං ¶ වට්ටගාමී ච විවට්ටගාමී ච. තත්ථ වට්ටගාමිකුසලං නාම මාතාපිතූනං පුත්තධීතාසු පුත්තධීතානඤ්ච මාතාපිතූසු සිනෙහවසෙන මුදුමද්දවචිත්තං. විවට්ටගාමිකුසලං නාම “චත්තාරො සතිපට්ඨානා”තිආදිභෙදා සත්තතිංස බොධිපක්ඛියධම්මා. තෙසු වට්ටගාමිපුඤ්ඤස්ස පරියොසානං මනුස්සලොකෙ චක්කවත්තිසිරීවිභවො. විවට්ටගාමිකුසලස්ස මග්ගඵලනිබ්බානසම්පත්ති

තත්ථ විවට්ටගාමිකුසලස්ස විපාකං සුත්තපරියොසානෙ දස්සෙස්සති.
ඉධ පන වට්ටගාමිකුසලස්ස විපාකදස්සනත්ථං, භික්ඛවෙ, යදා පුත්තධීතරො මාතාපිතූනං ඔවාදෙ න අට්ඨංසු, තදා ආයුනාපි වණ්ණෙනාපි ඉස්සරියෙනාපි පරිහායිංසු. යදා පන අට්ඨංසු, තදා වඩ්ඪිංසූති වත්වා වට්ටගාමිකුසලානුසන්ධිවසෙන “භූතපුබ්බං, භික්ඛවෙ”ති දෙසනං ආරභි. තත්ථ චක්කවත්තීතිආදීනි මහාපදානෙ (දී· නි· අට්ඨ· 2.33) විත්ථාරිතානෙව."


පින කියන සිංහල වචනයේ පාලි වචනය තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදෙන් කියවෙන්නේ ඒකේ ධාතු ප්‍රකෘතිය 'පූ' පවනේ කියන ධාතුව පවනේ කියන්නෙ පිරිසිදු බව. පවිත‍්‍ර අර්ථය. පු කියන පවිත‍්‍රාර්ථ ධාතුවට යටින් ණ්‍ය කියල ප්‍රත්‍යයක් එනවා. මූර්ධජ ණයන්නට යන්සය එනවා. ඒකට ආදේශ වෙනවා අල් ඤයන්නක්. ඒක ද්විත්ව වෙනවා. ද්විත්ව වෙලා අර යන්සය තිබුණ අයන්න එකතු වුනාම පුඤ්ඤ කියල පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නෙ පිනවීම නෙවෙයි. පිරිසිදු වීම. යම්කිසි සිතක පිරිසිදුවීමක් තියෙනව නම් ඒක පුඤ්ඤ.

["පූ පවනෙ. පවනං සොධනං. පුනාති. පුඤ්ඤං, පුත්තො, දන්තපොණං.
එත්ථ ච පුඤ්ඤන්ති අත්තනො කාරකං පුනාති සොධෙතීති පුඤ්ඤං. අථ වා යත්ථ සයං උප්පන්නං තංසන්තානං පුනාති විසොධෙතීති පුඤ්ඤං. කින්තං? සුචරිතං කුසලකම්මං. සකම්මිකත්තා ධාතුස්ස කාරිතවසෙන අත්ථවිවරණං ලබ්භති. පුත්තොති අත්තනො කුලං පුනාති සොධෙතීති පුත්තො. එවඤ්ච සති හීනජච්චානං චණ්ඩාලාදීනං පුත්තො නාම න භවෙය්‍යාති න වත්තබ්බං සද්දානමත්ථකථනස්ස නානප්පකාරෙන පවත්තිතො, තස්මා අත්තනො පිතු හදයං පූරෙතීති පුත්තොති එවමාදිනාපි නිබ්බචනං ගහෙතබ්බමෙව. නානාධාතුවසෙනපි හි පදානි සිද්ධිං සමුපගච්ඡන්ති."


එතකොට කුසල කියන වචනයෙ කියවෙනවා. කෝසල්ල සම්භූතාර්ථය කියලා. කෝසල්ල කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් හටගන්නා දේට කියනවා කුසල කියලා. කෝසල්ල සම්භූතාර්ථය ඒක තවත් දුරට නිර්වචන වශයෙන් තෝරනවා මෙහෙම ටීකා වල.

කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දංසෙන්ති’ති කුසලා.

["වචනත්ථො ¶ පනෙත්ථ – කුච්ඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලා. කුච්ඡිතෙන වා ආකාරෙන සයන්තීති කුසා. තෙ අකුසලසඞ්ඛාතෙ කුසෙ ලුනන්ති ඡින්දන්තීති කුසලා. කුච්ඡිතානං වා සානතො තනුකරණතො ඔසානකරණතො ඤාණං කුසං නාම. තෙන කුසෙන ලාතබ්බාති කුසලා; ගහෙතබ්බා පවත්තෙතබ්බාති අත්ථො. යථා වා කුසා උභයභාගගතං හත්ථප්පදෙසං ලුනන්ති, එවමිමෙපි උප්පන්නානුප්පන්නභාවෙන උභයභාගගතං කිලෙසපක්ඛං ලුනන්ති. තස්මා කුසා විය ලුනන්තීතිපි කුසලා. අත්තනො පන සභාවං ධාරෙන්තීති ධම්මා. ධාරියන්ති ¶ වා පච්චයෙහි, ධාරීයන්ති වා යථාසභාවතොති ධම්මා. න කුසලා අකුසලා. මිත්තපටිපක්ඛා අමිත්තා විය, ලොභාදිපටිපක්ඛා අලොභාදයො විය ච, කුසලපටිපක්ඛාති අත්ථො. න බ්‍යාකතාති අබ්‍යාකතා, කුසලාකුසලභාවෙන අකථිතාති අත්ථො. තෙසු පන ¶ අනවජ්ජසුඛවිපාකලක්ඛණා කුසලා, සාවජ්ජදුක්ඛවිපාකලක්ඛණා අකුසලා, අවිපාකලක්ඛණා අබ්‍යාකතා."

https://tipitaka.app/?a=jp1-444-si]

පාප ධර්මයන්ට කියනවා කුස කියලා. ඒ මක් නිසාද?

කුච්චිතේන ආකාරේන සංතානේ සයංති’ති කුසා.

කුසා කියලා තණකොල වර්ගෙකුත් තියෙනවා කුසතණ කියලා. ඒක කොලයේ අග ඉඳලා මුලට එහෙම ඇද්දොත් දැලි පිහියෙන් වගේ අත කැපෙනවා. ඒ වගේ තමයි මේ කුස කියන අර්ථයෙන් කියවෙන අකුසල ධර්ම.

කුච්චිතේන ආකාරේන නින්දිත වූ පහත් වූ ආකාරයෙන් සිත තුළ හට ගන්නා දේට කියනවා කුසා කියලා. දැන් ලෝභය කියන්නෙ නින්දිත දෙයක්, ද්වේශය කියන්නෙ නින්දිත දෙයක්, මෝහය කියන්නෙ නින්දිත දෙයක්, මාන්නය කියන්නෙ නින්දිත දෙයක්. ඔය වාගේ අකුසල කියන ජාතිය බොහෝම නින්දිතයි, තුච්ඡුයි, ඒ වාගේම අපිරිසිදුයි, අඳුරුයි, ඒවා පාපකේ ධම්මේ සලයන්ති – ගොයම් කපන්නා වගේ හිතින් කපා දානවා, චලයන්ති – සොලවලා දානවා, කම්පෙන්ති – කම්පනය කරනවා, විද්දංසෙන්ති – විනාශ කරනවා. එහෙම ඒ කුස සංඛ්‍යාත ලෝභ දෝස මෝහ ආදී පාප ධර්මයන් සලනය, චලනය, කම්පනය, විද්දංසනය කරන්නේ යමක් ද, ඒකට කියනවා ‘කුසල’ කියලා. ඒ නිර්වචනෙ.

["එත්ථ ච කුච්ඡිතෙ පාපකෙ ධම්මෙ සලයතීති කුසලං, හෙතුකත්තුවසෙනිදං නිබ්බචනං දට්ඨබ්බං. තථා හි අට්ඨසාලිනියං “කුච්ඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලා”ති හෙතුකත්තුවසෙන අත්ථො කථිතො. ඉදං සලධාතුවසෙන කුසලසද්දස්ස නිබ්බචනං. අඤ්ඤෙසම්පි ධාතූනං වසෙන කුසලසද්දස්ස නිබ්බචනං භවති. තථා හි අට්ඨසාලිනියං අඤ්ඤානිපි නිබ්බචනානි දස්සිතානි. කථං? “කුච්ඡිතෙන වා ආකාරෙන සයන්තීති කුසා, තෙ අකුසලධම්මසඞ්ඛාතෙ කුසෙ ලුනන්ති ඡින්දන්තීති කුසලා. කුච්ඡිතානං වා සානතො තනුකරණතො ඤාණං කුසං නාම, තෙන කුසෙන ලාතබ්බාති කුසලා, ගහෙතබ්බා පවත්තෙතබ්බාති අත්ථො. යථා වා කුසා උභයභාගගතං හත්ථප්පදෙසං ලුනන්ති, එවමිමෙපි උප්පන්නානුප්පන්නභාවෙන උභයභාගගතං කිලෙසපක්ඛං ලුනන්ති, තස්මා කුසා විය ලුනන්තීතිපි කුසලා”ති. එවං අඤ්ඤානිපි නිබ්බචනානි දස්සිතානි. තත්‍ර “ධම්මා” ඉති පදාපෙක්ඛං කත්වා තදනුරූපලිඞ්ගවචනවසෙන “කුසලා”ති නිද්දෙසො කතො, ඉධ පන සාමඤ්ඤනිද්දෙසවසෙන “කුසල”න්ති නපුංසකෙකවචනනිද්දෙසො අම්හෙහි කතො. පුඤ්ඤවාචකො හි කුසලසද්දො ආරොග්‍යවාචකො ච එකන්තෙන නපුංසකලිඞ්ගො, ඉතරත්ථවාචකො පන තිලිඞ්ගිකො, යථා කුසලො ඵස්සො, කුසලා වෙදනා. කුසලං චිත්තන්ති. කුසලසද්දො ¶ ඉමස්මිං භූවාදිගණෙ ලාධාතුසලධාතුවසෙන නිප්ඵත්තිං ගතොති වෙදිතබ්බො. ඉති භූවාදිගණෙ සමොධානගතධාතුයො සමත්තා."

https://tipitaka.app/?a=ud1-608-si]

එතකොට දැන් තේරුම් කරගන්න පහසුයි කවර හෝ හිත පිරිසිදු කරන දෙයක් කරන වෙලාවක් නම් ඒ හිතේ පහළ වෙන්නෙ සෝභන චෛතසික ධර්මයන්. සෝභන චෛතසික ධර්මයන් හිතේ පහළ වෙනකොට සිතේ කෙළෙස් අඳුර දුරු වෙනවා, ඒ වගේම සෝභන ධර්මයන් පහළ වීමෙන් සිත ආලෝක වෙනවා. ඒ නිසා එකම සිතට කෙළෙස් අඳුර දුරුවන අර්ථයෙන් කුසල කියනවා. හිත ආලෝකමත් වන අර්ථයෙන් පින කියලා කියනවා. මේ දෙක වචන දෙකක් මිසක් ධර්මතා දෙකක් නොවෙයි.

දැන් නිදසුනක් වශයෙන් කියනව නම් ඔය පිනය, කුසලය කියන මේ වචනය පරමාර්ථ වචනයක්. සම්මුති වචන නොවේ. මේ පරමාර්ථ වචන යෙදෙන්නේ ඒ ඒ දෙයෙහි තියෙන ක්‍රියාකාරීත්වය අනුවයි. ක්‍රියාකාරීත්වය අනුව කියන්නේ හැම දේකටම තියෙනවා යම්කිසි ක්‍රියාකාරී බවක්. ඒ ක්‍රියාකාරී බව නිසා ඒ නමක් ලැබෙනවා.

අපි සිතා බලමු සිත ගැනම. සිතේ තියෙනවා ක්‍රියාකාරීකම් දහයක්. සිතේ ක්‍රියාකාරීකම් දහයක් නිසා සිතට නම් දහයක් තියෙනවා. මෙන්න මතක තියා ගන්න සිතේ නම් දහය.

චිත්තං, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, විඤ්ඤාණං, විඤ්ඤාණඃඛන්දෝ, මනෙන්ද්‍රියං, තජ්ඣා, මනෝ විඤ්ඤාණ ධාතු.

තේරුම් දහයක් තියෙනවා. ඒ දහය සිත් දහයක් නොවෙයි. එකම සිතට කියන්න පුලූවන් නම් දහයක්. එකම සිතට ඇයි මේ නම් දහයක් තියෙන්නේ? එකම සිතේ තියෙනවා ක්‍රියාකාරීකම් දහයක්. ඒවාට කියනවා යාථාව සරස ලක්ඛණ කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන ස්වකීය කෘත්‍ය ලක්ෂණය හැම දේකටම තියෙනවා.

දැන් අපි හිතමු ප්‍රඥාව. ප්‍රඥාවේ ක්‍රියාකාරීකම් තියෙනවා තිහක්. ඒ නිසා ප්‍රඥාවට නම් තිහක් තියෙනවා. එතකොට ඒ නම් වලින් වෙන වෙන ධර්මතා නොවෙයි, එකම ප්‍රඥාව හඳුන්වන්න නම් තිහක් තියෙනවා.

තෘෂ්ණාව ගැන, තෘෂ්ණාවේ ක්‍රියාකාරීකම් තියෙනවා සියයක්. එච්චර ක්‍රියාකරන දෙයක් වෙන ඇත්තේ නෑ. තෘෂ්ණාවේ ක්‍රියාකාරීකම් සියයක් නිසා නම් සියයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ධර්මතා සියයක් නොවෙයි එකම තෘෂ්ණාවට කියන නම් සියයක්. ඒ වාගේ එකම කුසල් සිතට, එකම පින් සිතට මේ නම් දෙක පාවිච්චි කරනවා. ඒ නිසා අර පහනක් දැල්වීමෙන් අඳුර නැසීමයි, ආලෝකය පැතිරීමයි දෙකම පෙර පසු නොවී සිදුවෙනවා වගේ කුසල ක්‍රියාවක යෙදෙන යෙදෙන වාරයක් ගානෙ හිතේ පහළ වෙනවා මේ අර්ථ දෙක. හිත පිරිසිදු කරන අර්ථයෙන් පින, හිතේ අකුසල අඳුර දුරු කරන අර්ථයෙන් කුසලය. මෙය පිනය, කුසලය කියලා අපේ බොහෝ දේශකයන් වහන්සේලා විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. ඒක නිකං නිෂ්ඵල විග්‍රහයක් බව අපට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා අපේ පින්වත් සෑම දෙනාම තේරුම් කරගනිමු අපි කරන සෑම යහපත් දේකදීම පිනයි කුසලයයි කියන අර්ථ දෙකම එකම කුසල් සිතේ සිද්ධ වෙන බව."

[අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ.]

A / S / S. (සමාන ලිපි 👇)

"පින සහ කුසලය ගැන ථෙරවාදයෙන් විග්‍රහයක්.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස සබ්බසතත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

භාග්‍යවත්‌ වූ අර්හත්‌ වූ සියලු ධර්මයන්ගි නොපැකිල ඥානචාර සහිත වූ දසබලධාරී වූ චතුර්‌ වෛශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්චර වූ ධර්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි !!!

කෙළලක්ෂයක්‌ සක්වලයන්හි සියලු ආර්ය උතුමන් වහන්සේලා ද සියලු සත්පුරුෂයෝ ද මාගේ නමස්කාරය පිළිගනිත්වා !!!

අනාදිමත් කාලයක් පුරා සපුරන ලද පාරමී සහිත වූ දස බලධාරී වූ, සර්‍වඥ වූ, මහා කාරුණික වූ අප මහා සම්බුදු පියාණන් වහන්සේ විසින් ශ්‍රද්ධා ධනයෙන් ආඪ්‍ය වූ සඨ නො වූ, මායා නො වූ, සෘජු ජාතික වූ, ප්‍රඥාභරණයෙන් ශෝභමාන වූ සාධු ජනයන්ගේ හිත සුව පිණිස දේශනා කරන ලද සව¢ාර්ථ සාධක වූ, විමුක්ති රසයෙන් අනූන වූ, නෛර්යාණික ශ්‍රී සද්ධර්ම සාගරය ඇතැමකුට ගැඹුර වැඩි නිසා දෝ, ඇතැමකුට තමන්ගේ නැණ දුබල කරන පෙර කළ පාපයෙහි විපාකය බලවත් වූ නිසා දෝ, ඇතැම් තැනෙක ගළපාගත නොහී අවුලෙන් අවුලට පත් ව, තම අවුලෙන් නො නැවතී අන්‍යයන් ද නො මඟට යොමු කිරීම හා භව්‍ය ජනයන්ගේ නිවනට පවා බාධා වන පමණට ඔඩු දිවීම, සංවේගයට කාරණය.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කල පවා ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුර දරා ගත නොහැකි, ශ්‍රද්ධා ප්‍රඥා ගුණයෙන් මද පිරිස සිටි බව, මජ්ඣිම නිකායෙහි බහුවේදනීය සූත්‍රයෙහි සඳහන් වන උදායි තෙරුන් හා පඤ්චංගික ථපති අතර සංවාදයෙන් පැහැදිලි වෙයි.

මම අවුල් සහගත තත්ත්ව අතර ‘පින’ සහ ‘කුසලය’ පිළිබඳ විවිධ මතිමතාන්තර ඉදිරිපත් කිරීම ද දක්නට ලැබිණ. ‘පින’ සහ ‘කුසලය’ අර්ථ වශයෙන් දෙකක් ය යන්න එක් මතයකි. ‘පින’ යනු, කුසලයෙහි ලෞකික කොටස බව, තව මතයකි. ‘පින’ සහ ‘කුසලය’ අර්ථ වශයෙන් සමාන බව ථෙරවාදය ඇසුරෙන් පැහැදිලි කර, පින් හෝ කුසල් හෝ රැස්කර නිර්වාණාධිගමනය කළ හැකි බව අවබෝධ කර, නිවනට බාධාවක් වන නිර්මල ශ්‍රී සද්ධර්මය පිළිබඳ ඇති සැක දුරු කිරීම, මෙහි මුඛ්‍ය පරමාර්ථය යි.

මහා කාරුණික වූ අප මහා සම්බුදුපියාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා ගෞරව ඇති කෙනකුට පින් කර නිවන ලද හැකි බව එතරම් වෙහෙසවීමකින් තොරව අවබෝධ වන බව, අපගේ අදහස යි. මහා සුගතයන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන ලද ධජග්ග සූත්‍රයෙහි, සංඝ ගුණ අතර, දක්වා ඇති ‘අනුත්තරං පුඤ්ඤ්ඛෙත්තං ලෝකස්ස’ (සංඝ රත්නය ලෝකයාට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රය ය) යන්නත්, සංඝ රත්නය උදෙසා පූජා කිරීමෙන් නිවන සාක්ෂාත් කළ හැකි බව අර්ථවත් කළ සේක. පින් කිරීමෙන් නිවන ලද නොහැකි නම්, සංඝ රත්නය උදෙසා කළ පූජා භවගාමී භාවයට පත්ව නිෂ්ඵල වනු ඇත. නමුත් එවැන්නක්, ථෙරවාදයෙහි කොතැනකවත් සඳහන් කර නැත.

යම්කිසි කුසලයක් හෝ පිනක් කිරීමෙන් පසුව ‘ඉදං මෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු’ (මේ පින කෙලෙස් නැති කිරීම පිණිස වේවා) යන ප්‍රාර්ථනාව ථෙරවාදයට අනකූ®ල බව, ‘ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු’ (මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා) යනුවෙන් සංයුත්ත නිකායයෙහි නිදානවග්ග ටීකාවෙහි පටිපදා සූත්‍ර වර්ණනාවෙහි සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. එම සූත්‍ර අටුවාවෙහි ‘කුසලය’ යනුවෙන් සඳහන් කර තිබීමෙන්, මේ පද දෙක ම සමාන යෙදුම් ඇති බව වැටහෙයි.

ලොවට පහනක් වූ මහා සුගතයන් වහන්සේගේ නොබෝ කලකින් සිදුවීමට නියමිත වියෝව දරාගත නොහැකි වූ ආනන්ද මහ තෙරුන්ගේ සිත් තැවුල සංසිඳවීමට දේශනා කරන ලද කරුණා සිසිලෙන් පරිපූර්ණ වූ දීඝ නිකායෙහි මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සංග්‍රහ වන ශ්‍රී බුද්ධ වචනයෙන් ප්‍රමාණයක් මෙහි ලා මතක් කළ යුතු ය. ‘කත පුඤ්ඤෝසි ත්වං ආනන්ද, පධානමනුයුඤ්ජ, ඛිප්පං හෝහිසි අනාසවෝ’ (ආනන්දය, තොප පින් කරන ලද්දෙහි, පධන් වීර්යය වඩනු, වහ වහා රහත් වන්නෙහි ය) නිවන ලැබීමට අපහසු වූ ආනන්ද මහ තෙරුන් මෙම ශ්‍රී මුඛ දේශනාව සිහි කිරීමෙන් කල් නො යවා ම අර්හත්වයට පත් වී, සියලු කෙළෙස් බරින් නිදහස් ව නිවී සැනසුණ සේක. මහා කාරුණිකයන් වහන්සේගේ වචනය ආශ්චර්ය ය, දෙව් මිනිසුන් කෙරෙහි අසහාය ශාස්තභාවය ද ආශ්චර්ය ය. ආනන්ද මහ තෙරුන්ට දේශනා කරන ලද කරුණාබර වදන්, ආනන්ද මහ තෙරුන්ගේ පමණක් නොව මෙම ශාසනය පවතින තෙක් සියලු දෙව් මිනිසුන්ගේ සියලු ගිනි නිවීමටත් වැඩි තරම් වෙයි. ශ්‍රී බුද්ධ වචනය වර්තමානයෙහි පවා සැදැහැතියන්ගේ මෝහ ගිනි නිවනු ඇත. අර්හත් සම්මා සම්බුදුන් දහසක් ඉපදුණ ද, දැඩි මතධාරීන් නම් සසර ගමන අත් නොහරිනු ඇත. එය සංසාර දෝෂය යි. නුවණැත්තෝ එපිළිබඳ මැදහත් සිත් ඇත්තෝ වෙත්වා!

දීඝ නිකායෙහි චක්කවත්ති සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වන්නේ ය. ‘කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඪති’ (කුසල් දහම් සමාදන් වීමෙන් භික්ෂුණී, මෙවැනි පින් වැඩෙයි) සතර සතිපට්ඨානය වැඩීමෙන් අර්හත් ඵලය දක්වා පුණ්‍යඵල ලැබෙන බව ද, අග්‍ර වූ පුණ්‍ය ඵලය මාර බලය මැඬපවත්වන ආසවක්ඛය ඤාණය බවද චක්කවත්ති සූත්‍රයෙන් පැහැදිලි වෙයි. කුසලය, ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙයාකාර බව, එම සූත්‍ර අටුවාවෙහි ‘තත්ථ දුවිධං කුසලං, වට්ටගාමී ච විවට්ටගාමීච ‘, යන පාඨයෙන් ද, සතර සතිපට්ඨානය වැඩීමෙන් සියලු ලෞකික සහ ලෝකෝත්තර පුණ්‍ය ඵල ලැබෙන බවද එවමිදං පුඤ්ඤන්ති, එවං ඉදං ලොකුත්තර පුඤ්ඤම්පි යාව ආසවක්ඛයා පවඩ්ඪතී යන පාඨයෙන් ද මැනවින් පැහැදිලි වෙයි.

ද්විපදෝත්තම වූ, අසදෘශ ප්‍රතිවේධ චක්‍රයෙන් ද අතුල්‍ය වූ, දේශනා චක්‍රයෙන් ද ප්‍රතිමණ්ඩිත වූ, මෝහ නමැති තිමිර පටල විධ්වංසනය කරන්නා වූ දසබලධාරීන් වහන්සේ ඇතුළු අග්‍ර ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක සහ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේ ධරමාන කාලයෙහි පවා ඇතැමකුට ‘පුණ්‍ය’ යට අනියත බියක් තිබූ නිසා දෝ ‘ මා භික්ඛවේ, පුඤ්ඤාණං භායිත්ථ’ (භික්ෂූනි, පිනට බිය නොවව්) යනුවෙන් සියලු සත්නට අමා මහ නිවන සාදාලන, භවය නොව නිවන ම වර්ණනා කරන්නා වූ සුගතයන් වහන්සේ විසින් අංගුත්තර සත්තක නිපාතයෙහි අඛ්‍යකතවග්ගයෙහි මා පුඤ්ඤාභායි (මෙත්ත) සූත්‍රයෙහි භික්ෂූනට පවා පින නිර්දේශ කිරීමෙන් පැහැදිලි වෙයි.

බොහෝ දෙව් මිනිසුනට මංගල කරුණු පිළිබඳ ඇති වූ ප්‍රශ්නයෙහිදී අමා මහ නිවන සාක්ෂාත් කිරීම පසුවට තබා, කල්‍යාණ මිත්‍ර සේවනය ද දෙවනුවට තබා තමහට හිතසුව කැමැත්තාහට ‘අසේවනා ච බාලානං’ යනුවෙන් පාප මිත්‍ර සේවනය මා පළමුව දුරු කළ යුතු ය යන්න අවධාරණය කරන සේක්, අනුපිළිවෙළින් මංගල කරුණු නිර්දේශ කරන්නා වූ තිලෝගුරු බුදුපියාණන් විසින් ‘පුබ්බේ ච කත පුඤ්ඤතා’ යනුවෙන් ප්‍රකාශිත මංගල කරුණ ථෙර සමය නොඉක්මවා ථෙරවාදයට අනුකූලව විස්තර කරන්නා වූ අතිශය ගෞරවාර්හ බුද්ධඝෝෂ මහ තෙරපාණන්, එම මංගල සූත්‍ර අටුවාවෙහි ‘පුබ්බේ කත පුඤ්ඤතා නාම, අතීතජාතියං බුද්ධ පච්චේක බුද්ධ ඛීණාසවේ ආරබ්භ උපචිත කුසලතා’ (පෙර කළ පින් ඇති බව යනු අතීත ජාතීන්හි බුදු පසේබුදු රහතන් වහන්සේ අරමුණු කරමින් රැස් කරගන්නා ලද කුසල්) ලෙස සඳහන් කරන සේක. ‘පින’ සහ ‘කුසලය’ එක ම අර්ථය දෙන, අවස්ථානුකූලව යොදන ලද සමානාර්ථ ඇති පද දෙකක් බව මෙයින් ද සනාථ වෙයි.

දීඝ නිකායෙහි ලක්ෂණ සූත්‍ර ටීකාවෙහි ‘මහාභිනීභාරතෝ පට්ඨාය හි මහාපුරිසෝ යං කිඤ්චි පුඤ්ඤං කරෝති සබ්බං තං සම්මා සම්බෝධිසමධිගමායේව පරිණාමේති’ (මහා අභිනීහාරයෙහි, ප්‍රථම නියත විවරණයෙහි පටන්, මහ පුරුෂයාණන් වහන්සේ යම්කිසි පුණ්‍ය කර්මයක් කරත් ද ඒ සියල්ලම සම්මා සම්බුද්ධත්වය පිණිස ම යොමු කරත්) යනුවෙන් ද අපදාන අට්ඨකථාවෙහි සීහාසනිය වග්ගයෙහි සීහාසනදායකතෙර අපදානයෙහි ‘මයා නිබ්බානාධිගමාය ඒකං පුඤ්ඤං කාතුං වට්ටති’ (ම විසින් නිර්වාණය අධිගමනය පිණිස එක පිනක් කළ යුතු ය) යනුවෙන් ද සඳහන් වීමෙන්, පෙර මහ බෝසතාණන් වහන්සේ ද, චූල බෝසතාණන් වහන්සේ ද පින් රැස්කළ බව දැනගත යුතු ය.

මෙවැනි උදාහරණ විශාල ප්‍රමාණයක් ත්‍රිපිටකයෙහි ඇති මුත්, සාධු ජනයන්ගේ හිත සුව පිණිස මෙපමණකුත් සෑහේ යැයි අපගේ හැඟීම ය. එනමුදු මෙකරුණ වැඩිදුර අධ්‍යයනයට උත්සුක වන සැදැහැතියනට අනුග්‍රහය පිණිස, පහත එන ප්‍රමාණය ද සඳහන් කරම්හ.

උදාන අට්ඨකථාවසානයෙහි බදරතිත්ථ විහාර වාසී ආචරිය ධම්මපාල තෙරුන් සහ අනෙකුත් බොහෝ අට්ඨකථාචාරීන් වහන්සේ විසින් කරන ලද ප්‍රාර්ථනා අනුව; අතිශය ගෞරවාර්භ බුද්ධඝෝෂ මහ තෙරපාණන්ගේ කාලයට පසු ව පවා - අටුවා ටීකාචාරීන් වහන්සේ ධර්ම දානය කිරීමෙන් පින් රැස් කළ බව ද, එම පින් නිවනට යොමු කළ බව ද සනාථ වෙයි.

අභිධර්ම පිටකයෙහි ඇති ‘චිත්ත’ යන පරමාර්ථය, 89 ක් වූ ‘විඤ්ඤාණ’ වශයෙන් විස්තර වෙයි. මෙහි ‘චිත්ත’ සහ ‘විඤ්ඤාණ’ යන පද සමාන අරුත් ඇති බව පැහැදිලි ය. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී සත්ත්වයනට ‘පින්’ කර ගැනීමට ද ‘කුසල්’ කර ගැනීමට ද අභිධර්මයෙහි ඇත්තේ කුසල් සිත් පමණකි.

සූත්‍ර පිටකයෙහි, භාවනා කර නිවන ලබා ගැනීමට ඇත්තේ ද ‘පින්’ පමණකි. ‘තීණිමානි, භික්ඛවේ, පුඤ්ඤකිරියවත්ථුනි, කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු සීලමයං පුඤ්ඤකිරියවත්ථු භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු (භික්ෂූනි, පුණ්‍යක්‍රියා වස්තූන් තුනකි. කවර තුනක් ද? දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව ය, සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව ය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව ය) යනුවෙන් දීඝ නිකායෙහි සඞ්ගීති සූත්‍රයෙහි ද, අංගුත්තර අට්ඨක නිපාතයෙහි දනවග්ගයෙහි පුඤ්ඤකිරියවත්ථු සූත්‍රයෙහි ද, භාවනා කිරීම පවා පුණ්‍ය ක්‍රියාවක් බව විස්තර වෙයි.

මහානිද්දේසපාළි අටුවාවෙහි සුද්ධට්ඨකසුත්තනිද්දේස වණ්ණනාවෙහි එතැන යෙදෙන ‘පුඤ්ඤං’ යන පදයට ‘තෙධාතුකං කුසලාභිසඞ්ඛාරන්ති, කාමධාතු රූපධාතු අරූපධාතුසු පටිසන්ධිදායක කෝසල්ලසම්භූතං පච්චයාභිසඞඛාරං’ (තෛ‍්‍රධාතුක කුසලාභිසංඛාර යනු කාම, රූප, අරූප ලෝකයන්හි ප්‍රතිසන්ධිය ගෙන දෙන කෞශල්‍ය සහිත ප්‍රත්‍යය අභිසංඛාරය) යන අටුවා පාඨය ඇතැමෙකුට මුලාවට පමණ වී ඇති බව, ඔවුනගේ ප්‍රකාශ වලින් ප්‍රසිද්ධව ඇත.

සූත්‍ර පිටකයෙහි බොහෝ තැන් පුද්ගලාධිෂ්ඨාන දේශනා බැවින් (ඒ ඒ පුද්ගලයාට ගෝචර වන පරිදි දේශනා කරන ලද ධර්මයන්හි) ඒ ඒ තැන්හි යෙදෙන පද පිළිබඳ සියලු අර්ථ එහිම බහාලීම, සුදුසු නොවනු ඇත. මෙතැන ද සියලු කුසල් හෝ සියලු පින් යන්න නොයෙදෙයි. පදයකට යෙදෙන සියලු අරුත් එකම තැනෙක සංග්‍රහ වන්නේ, අභිධර්මය පිටකයෙහි ය. සූත්‍ර පිටකයෙහි නොවෙයි. මෙම ගාථාවෙයි ‘පුණ්‍ය” පදයට භවගාමී පුණ්‍යය පමණක් යෙදෙයි."

උදාහරණයක් ලෙස විමානවත්ථුපාලියෙහි ඡත්තමාණවක ගාථාහි සංගෘහිත ගාථා ඛණ්ඩයක් වන “ධම්මමසඞ්ඛත මප්පටිකූලං” හි “ධම්ම” යන පදයට නව ලෝකෝත්තර ධර්මය හා පරියාප්තිය වශයෙන් දස ප්‍රභේදයක් වූ සියලු ධර්මය නො යෙදෙන බවත්, එතැන්හි දී නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් පරමාර්ථ ධර්ම වූ අසංඛත නිවන පමණක් යෙදෙන බවත්, එම අටුවාවෙහි සඳහන් වෙයි.

අතිශය ගෞරවාර්හ උපසේනාචාර්ය හිමිපාණන් විසින් ලිඛිත මහානිද්දේසපාළි අටුවා පාඨය ඇතැමකුට වැරැදි අදහස් ගෙන දුන්න ද, ථෙරවාදයට - අනුකූලව ථෙරවාදය දීපනය කරමින් - ලෝකයට හිත පිණිස තම අටුවා නිම කරමින් චූලනිද්දේසපාළි අටුවා අග තබන ලද ප්‍රාර්ථනාවෙහි පින සඳහා ‘කුසල’ සහ ‘පුඤ්ඤ’ යන දෙපදය භාවිත කිරීමෙන්ම අටුවාචාරීන් වහන්සේට ද මෙම ගැටලුව නොතිබූ බව, ධර්ම ගෞරව සහිතව පිළිගත යුතු ය.

අංගුත්තර තික නිපාතයෙහි චූළ වග්ගයෙහි සීලවන්ත සූත්‍ර අටුවාවෙහි “පුඤ්ඤං පනෙත්ථ ලොකිය ලොකුත් තර මිස්සකං” (පුණ්‍යය යනු, ලෞකික ලෝකෝත්තර මිශ්‍ර ) යනුවෙන් සඳහන් වන පාඨය පිළිබඳ එහි ටීකාවෙහි තවදුරටත් දැක්වෙන විස්තරයෙහි “භාවනාමයස්සපි පුඤ්ඤස්ස සඞ්ගණ්හනතො ලොකුත්තරස්සපි සම්භවො දට්ඨබ්බො” (භාවනාමය වශයෙන් පුණ්‍ය ය සංග්‍රහ වන විට, ලෝකෝත්තර සම්භවය දැකිය යුතු ය.) යනුවෙන් විස්තර වෙයි. අංගුත්තර තික නිපාතයෙහි ම බා වග්ගයෙහි ඛත සූත්‍ර අටුවාවෙහි ‘බහුඤ්ච පුඤ්ඤං පසවතීති ඵත්ථ ලොකිය ලොකුත්තරමිස්සක පුඤ්ඤං කථිතං’ (බොහෝ පින් ප්‍රසව කෙරේ යනුවෙන් එහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රක පුණ්‍යය පිළිබඳ කතා කරන ලදී )යනුවෙන් සඳහන් වේ. මෙය ද පුණ්‍ය ය ලෞකික වශයෙන් ද ලෝකෝත්තර වශයෙන් ද අවස්ථානුකූල ව යෙදෙන බව වටහා ගැනීමට උපකාරක ය.

“සබ්බං පනෙතං ලොකුත්තර භාවනා පුඤ්ඤචසප්පවත්තං මග්ගානුරූප ඵලප්පවත්තියා චත්තාරො අරිය පුග්ගලෙ අභිනිප්ඵාදෙති. එවං ලොකුත්තර කුසලං, වෙදිතබ්බං.” (එහි සියල්ල, ලෝකෝත්තර භාවනාවේ පුණ්‍ය වශයෙන් පැවැති මාර්ගානුරූප ව පැවැති ඵල වශයෙන් සතර ආර්ය පුද්ගලයෝ උපදිත්. එලෙස ලෝකෝත්තර කුසලය දැන ගත යුතු ය.) යනුවෙන් අභිධම්මාවතාරයෙහි චිත්ත නිද්දෙසයෙහි සඳහන් වීමෙන්, “පුණ්‍ය” පදය ද “කුසල” පදය ද අවස්ථානුකූලව ලෞකික සහ ලොකෝත්තර වශයෙන් භාවිතා කරන ලද බව සනාථ වෙයි.

අභිධම්මාවතාර පුරාණටීකාවෙහි ජට්ඨ ම පරිච්ඡේදයෙහි ආරම්මණ විභාග වර්ණනාවෙහි “සෙක්ඛානං ඤාණසම්පයුත්ත මහා කුසලස්ස, වොට්ඨබ්බනස්ස, පඤ්චමස්ස රූපකුසලස්ස ච තිවිධං ලොකුත්තරපුඤ්ඤං ආරම්මණං හොති. ඛීණාසවස්ස වොට්ඨබ්බනස්ස, ඤාණසම්පයුත්ත මහාකිරියස්ස, පඤ්චමස්ස රූපකිරියස්ස ච අරහත්තපුඤ්ඤං ආරම්මණං හොති.” (ශෛක්ෂයන්ගේ ඥානසම්ප්‍රයුක්ත මහා කුසලයට ද ව්‍යවස්ථාපනයට ද පස්වැනි රූප කුසලයට ද ත්‍රිවිධ වූ ලෝකෝත්තර පුණ්‍යය අරමුණු වේ. ක්ෂීණාස්‍රවයාගේ ව්‍යවස්ථාපනයට ද ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියාවටද පස්වැනි රූප ක්‍රියාවට ද අර්හත් පුණ්‍යය අරමුණු වේ.) යනුවෙන් සඳහන් කර තිබීම ධර්ම ගෞරව ඇති සත්පුරුෂයනට තම දෘෂ්ටිය මනාව සෘජු කරගැනීමට පමණ බව, අපගේ හැගීම ය.

දීඝ නිකායෙහි මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සංගෘහිත ය. “සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස, අතීතසත්ථකං පාවචනං, නත්ථි නො සත්ථා’ති. න ඛෝ පනෙතං, ආනන්ද, එවං දට්ඨබ්බං. යො වො ආනන්ද, මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සො වො මමච්චයෙන සත්ථා” (ආනන්දය, නුඹට මෙසේ සිතක් ඇති විය හැකි ය. පෙළ දහම දේශනා කරන ලද අපගේ ශාස්තෘහු නැත’ යැයි. ආනන්දය, එය එසේ නොදැක්ක යුතු ය. ආනන්දය, තොපට යම් ධර්මයක්, විනයක් ම විසින් දේශනා කරන ලද ද පනවන ලද ද, එම ධර්මය මගේ ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි.)

මෙම ශ්‍රී මුඛ දේශනාව අනුව ත්‍රිපිටක ධර්මය පිළිගන්නා සැදැහැති බෞද්ධයාට, තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ධර්ම රත්නය තුළ වර්තමානයෙහි ද වැඩ සිටින සේක. ශ්‍රද්ධාවන්ත බෞද්ධයා හට සැම කල්හි බුද්ධ රත්නයේ පිහිට ලැබෙනු ඇත. ධර්ම රත්නයේ පිහිට ලැබෙනු ඇත. සංඝ රත්නයේ පිහිට ලැබෙනු ඇත. ධර්මය නො පිළිගන්නා, සැම කල්හිම අනාථ ය .

ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨයෙහි නිධිකණ්ඩ සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වෙයි. “කයිරාථ ධීරා පුඤ්ඤානි, යො නිධි අනුගාමිකෝ” (යම් නිධානයක් තමන් පසු පස එන්නේ ද, නුවණත්තෝ එම පින් කරත්) “පටිසම්භිදා විමෝක්ඛා ච යා ච සාවක පාරමී, පච්චේකබෝධි බුද්ධභූමී, සබ්බමෙතෙන ලබ්භති, ඒවං මහත්ථිකා ඒසා යදිදං පුඤ්ඤසම්පදා, තස්මා ධීරා පසංසන්ති, පණ්ඩිතා කතපුඤ්ඤතා” (සිව් පිළිසිඹියාවන් ද විමෝක්ෂයන් ද, යම්තාක් ශ්‍රාවක පාරමිතාවන් ද, පසේ බුද්ධත්වය ද, සම්මා සම්බුද්ධත්වය ද මේ සියල්ල ම ලබා දෙයි. යම් පුණ්‍ය සම්පදාවක් ඇත් ද එය මේසා මහා අර්ථදායක ය, රැස් කර ගන්නා ලද පින් ඇති පිණ්ඩිතයෝ, නුණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලැබෙත්.) සැදැහැතියෝ අවදි වෙත්වා! අංගුත්තර පඤ්චක නිපාතයෙහි අනුග්ගහිත සූත්‍රයෙහි නිර්දේශිත පරිදි භාවනානුයෝගීහු කලින් කල තම මුල් පිරිසුදු කර ගැනීමෙන්, සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමෙන් උත්තම වූ විදර්ශනා ඥාන සාක්ෂාත් කර ගනිත්වා!" 

APDF

R. "පින සහ කුසලය යනු එකක් ද? දෙකක් ද?
නැතහොත් එකම ධර්මතාවයක් හඳුන්වන නම් දෙකක්ද?

(අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ සමග සිදුකරනු ලැබු ධර්ම සාකච්ඡාවක් ඇසුරින්...)

පින්වතුනි, මෑත භාගයේ, මගේ මතකයේ හැටියට 1988 ඉඳලා ඔය ප්‍රශ්නෙ තියෙනවා. ඔය ප්‍රශ්නෙ නැඟුනේ දකුණේ, ඔය ප්‍රශ්නයේ නිර්මාතෘවරයා මම හොඳට දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ මාතර සිරිමංගල පිරිවෙනෙහි දීර්ඝ කාලයක් පරිවේනාධිපති ධූරය දැරූ පොල්හේනේ සෝමවංශ ස්වාමින් වහන්සේ තමයි මේ ප්‍රශ්නය ඇති කළේ. බොහෝම උගත්, භාෂා හයක් පමණ පරතෙරට උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි දකින කාලේ වයෝවෘද්ධයි.

ඒ ස්වාමින් වහන්සේ වැඩඉන්න අහංගම මංගලාරාමයේ තිබුණා භාවනා පංතියක්. මාස්පතා එතැන භාවනා පංතියක් පැවැත්වෙනවා. ඒ භාවනා පංතිය පවත්වන්නේ මගෙන් උපදෙස් ලබාගත්ත උගත් මහත්මයෙක්. ඒ තමයි වැලිගම සිටිය චන්ද්‍රපාල ජයසිංහ මහත්මයා. වර්ෂයකට වරක් මාත් ඒ වගේ විශේෂ තැන්වලට වඩම්මාගෙන යනවා. ඒ වසරෙහි මැයි මාසේ 30 වෙනිදා ඒ භාවනා පංතියට මාව එක්කරගෙන ගියා. ඉතින් උදෑසන හයට සිල් පිහිටවපු පිරිස උදේ ආහාර අරගෙන අටට ඊළඟ වැඩසටහනට මාවත් සම්බන්ධ කරගත්තා.

ඒ මහත්මයා මට කල්ඇතිව දැනුම්දුන්නා ස්වාමින් වහන්ස මේ පණ්ඩිත ස්වාමින් වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා ලෞකික සැප පිණිස කරන යහපත් දේ පින, නිවන් සුව පිණිස කරන යහපත් දේ කුසලය. දැන් මේ භාවනා වැඩසටහනේ හවස හතරට තියෙනවා ධර්ම සාකච්ඡා පැයක් එතැනදි මේ ප‍්‍රශ්නය කවුරු හරි අහයි ස්වාමින් වහන්සේ ඒකට සුදුසු පිළිතුරක් දුන්නොත් හොඳයි. ඒකයි ඒ මහත්මයා මට දැනුම් දුන්නේ. ඇත්තෙන්ම හවස හතරට තිබුණා ධර්ම සාකච්ඡා පැය. ඒ ගරුතර ස්වාමින් වහන්සේත් ඇවිල්ලා දම් සභාවේ වාඩිවුනා. ඉතින් මම තමයි ප‍්‍රශ්නයට උත්තර දෙන්න ඉන්නේ. මං ආරාධනා කළා සිල්පිරිසට භාවනා ගැන, දහම් කරුණු ගැන ගැටළුතැන් සාකච්ඡා කරන්න මං අවසර දෙනවා කියලා. ඉතිං භාවනා ගැන සමහර කෙනෙක් ප‍්‍රශ්න ඇසුවා.

ඔය අතරට කෙනෙක් මේ ප්‍රශ්නෙත් නැඟුවා
‘‘ස්වාමින් වහන්ස මේ පිනය කුසලය කියන දෙක දෙකක් ද එකක් ද?’’
කියලා. ඉතිං මේක ඇත්තට කෙළින්ම විසඳන්න පුලූවන් ප‍්‍රශ්නයක්, නමුත් අර පූජනීය ලොකු ස්වාමින් වහන්සේත් මේ දම් සභා මණ්ඩපයේ නිසා උන්වහන්සේගේ හිත තැලෙන්නෙ නැතිවෙන්න කියන්නත් ඕනි. ඒ නිසා මම කියා හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳ සියල්ලම, සියලූ ආකාරයෙන්ම, සවිස්තරවම දේශනා කරලා තියෙන්නේ ධම්මසංගනී ප‍්‍රකරණයේ චිත්තෝත්පාද කාණ්ඩයේ. ලෝකයෙහි ලෞකික ලෝකෝත්තර සියලූම සිත් එතැන විස්තර කෙරෙනවා. ඒ සෑම තැනකදීම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන භූමි හතරටම අයිති යහපත් යහපත් කුසල ධර්ම ඔක්කෝටම කියන්නේ කුසලා ධම්මා, කුසලා ධම්මා කියලා. ඒ එක තැනකදිවත් පුඤ්ඤා ධම්මා පුඤ්ඤා ධම්මා කියලා කියන්නේ නෑ. එහෙත් අට්ඨකතාවල මේ පුඤ්ඤ කියන වචනය භාවිත කරනවා.
මම අහනවා ඒ ලෞකික/ලෝකෝත්තර කුසල ධර්ම ඔක්කෝම 21ක් තියෙනවා. ඒ කියන්නෙ දාන, ශීල, භාවනා, අපචායන, වෙයියාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්මසවන, ධම්මදේසන, දිට්ටුජුකම්ම කියලා මේ සියලූම ආකාරයෙන් කරන සෑම යහපත් දෙයක්ම පාසා ඇතිවන සිත් ඔක්කොම කුසලා ධම්මා කියනවා. දස පාරමී කිව්වත් දස කුසල කර්මපථ කිව්වත් සිව් බඹ විහරණ කිව්වත් සතර සංග‍්‍රහ වස්තු කිව්වත් කරණීය ධර්ම කිව්වත්, මහා මංගල ධර්ම කිව්වත්, බෝධිපාක්ෂික ධර්ම කිව්වත් ධ්‍යාන විපස්සනා ඔක්කොම කුසල.

‘‘එහෙම නම් යම්කිසි සිත් කොටසක් පුඤ්ඤා ධම්මා කියලා කියනවද?’’
කියලා මං ප‍්‍රශ්නයක් කෙරුවා. එතකොට ඒ පණ්ඩිත ස්වාමින් වහන්සේ හිස හොල්ලලා කියනවා

‘‘ඒක නේන්නම්’’
කියලා. තේරුම් ගත්තා උන්වහන්සේත් එහෙම සිත් කොටසක් වෙන් කරලා නෑ.

පස්සේ ඉතින් මේක පැහැදිලි වෙන්න මම නිදසුනක් ඉදිරිපත් කළා. අපි රාත‍්‍රී කාලයේ අඳුරු වෙලාවට පහනක් දල්වනවා. මේ පහන දැල්වීමේ දී ක‍්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. ඒ නිසා පහනට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. පහනින් සිදුවන ක‍්‍රියාකාරී දෙක පෙර පසු නොවී සිදුවෙනවා. එකක් එළිය පැතිරීම අඳුර නැතිවීම අනික. එළිය පැතිරෙන අර්ථයෙන් එකම පහනට කියනවා පහන කියලා. දීපෝ්, පදීපෝ, පජ්ජෝතෝ ඔය නම් පාලියෙන් කියවෙනවා. අපි සිංහලෙන් කියන්නෙ පහන. ඒ පහනටම අඳුර නසන අර්ථයෙන් කියනවා තමෝනොද, තමදස්සි කියලා. තම කියන්නේ අඳුර. තමෝනොද කියන්නේ අඳුර නසන. තමදස්සී කියන්නෙත් අඳුර නසන. එතකොට ඇයි මේ එකම පහනට නම් දෙකක් ඇතිවුනේ? එහි තිබෙන ක‍්‍රියාකාරී දෙක නිසයි. ඒ වාගේ අපි යම් කිසි කුසලයක් කරන වෙලාවේ ක‍්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. අපි හිතනවා මෙන්න මෙහෙම දැන් නමස්කාරෙ කිව්වා. මේ නමස්කාරෙ කියනකොට ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ මොනවද, හිත එළිය වීමයි හිතේ අඳුර නැතිවීමයි. පෙර පසු නොවී සිදුවෙනවා.

හිතේ එළිය වීම නම් නමස්කාර පාඨය වුනත් කියන වෙලාවේ හිතේ ඇතිවෙන්නේ ශ‍්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප‍්‍රඥාව කියන ඉන්ද්‍රියධර්ම. බල ධර්ම, බොජ්ඣංග ධර්ම. මාර්ගාංග ධර්ම, සතර සතිපට්ඨාන, සම්‍යක්ප‍්‍රධන, ඍධිපාද, මේවා පහල වෙන්නේ. කොටින් කියනව නම් සෝබන චිත්ත චෛතසික පහළ වෙන්නේ. හිත එළිය වෙනවා, ප‍්‍රසන්න වෙනවා, ඒ එක්කම මොකද සිද්ධ වෙන්නෙ සිතේ අඳුර නැති වෙනවා. අපේ සිත නිතරම වට කරගෙන එනවා ලෝභ දෝස මෝහ ආදී උපක්ලේෂ.
අර අඳුර තිබුණ වෙලාවේ පහන දැල්වුවාම අඳුර දුරුවෙනවා වගේ ඒ වෙලාවේ ඒ අකුසල සිතිවිලි කිසිවක් නෑ.

ඒක නිසා ඒ සිතට කියනවා පින කියලා. සිත පහන් කරන අර්ථයෙන් පින කියනවා. සිතේ අඳුර නැති කරන අර්ථයෙන් කුසල කියනවා.
ඒ නිසා එකම සිතට කියන නම් දෙකක් පාවිච්චි වෙනවා. එතකොට ඒ පූජනීය ස්වාමින් වහන්සේ කියනවා ලෞකික සැපක් පිණිස ඒ කියන්නෙ මනුලොව, දෙව්ලොව, බඹලොව සැප පිණිස කරන්නේ පිනයි කියලා. ඒවට කුසල් කියන්නෙ නෑ කියලා කියනවා. නමුත් ඒ දිව්‍ය බ‍්‍රහ්මාදී සම්පත් පිණිස කරනු ලබන හැම දෙයක්ම කුසල කියන්නත් පුලූවන් පින කියන්නත් පුලූවන්. ඒකට වෙන නාම සම්මුතියක් තියෙනවා.
ලෞකික සම්පත් පිණිස කරන පින හෝ කුසලය නමින් හඳුන්වන යහපත් දේ වට්ටගාමිණී කුසල්/ වට්ටගාමිණී පින කියනවා. ලෝකෝත්තර සම්පත් පිණිස සිදුවන දේවලට කියනවා
විවට්ටගාමිණී පින
විවට්ටගාමිණී කුසලය
කියලා. ඒ නිසා ඒකට වට්ටගාමිණී විවට්ටගාමිණී කියලා වෙන්කරන්න පුලූවන් මිසක් පින වෙනයි, කුසලය වෙනයි කියා කිව නොහැකි වෙනවා. අනිත් එක අපි සලකා බලන්න ඕනෑ පිනය කියන වචනයෙහි නිර්වචනාර්ථයක් තියෙනවා. නිර්වචනය කියන්නේ ඒකේ අක්ෂරයට අනුව යෙදෙන තේරුම.

පින කියන සිංහල වචනයේ පාලි වචනය තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදෙන් කියවෙන්නේ ඒකේ ධාතු ප‍්‍රකෘතිය පූපවනේ කියන ධාතුව පවනේ කියන්නෙ පිරිසිදු බව. පවිත‍්‍ර අර්ථය. පු කියන පවිත‍්‍රාර්ථ ධාතුවට යටින් ණ්‍ය කියල ප‍්‍රත්‍යයක් එනවා. මූර්ධජ ණයන්නට යන්සය එනවා. ඒකට ආදේශ වෙනවා අල් ඤයන්නක්. ඒක ද්විත්ව වෙනවා. ද්විත්ව වෙලා අර යන්සය තිබුණ අයන්න එකතු වුනාම පුඤ්ඤ කියල පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නෙ පිනවීම නෙවෙයි. පිරිසිදු වීම. යම්කිසි සිතක පිරිසිදුවීමක් තියෙනව නම් ඒක පුඤ්ඤ.

එතකොට කුසල කියන වචනයෙ කියවෙනවා. කෝසල්ල සම්භූතාර්ථය කියලා. කෝසල්ල කියන්නේ ප‍්‍රඥාව. ප‍්‍රඥාවෙන් හටගන්නා දේට කියනවා කුසල කියලා. කෝසල්ල සම්භූතාර්ථය ඒක තවත් දුරට නිර්වචන වශයෙන් තෝරනවා මෙහෙම ටීකා වල.
කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දංසෙන්ති’ති කුසලා.

පාප ධර්මයන්ට කියනවා කුස කියලා. ඒ මක් නිසාද?
කුච්චිතේන ආකාරේන සංතානේ සයංති’ති කුසා.
කුසා කියලා තණකොල වර්ගෙකුත් තියෙනවා කුසතණ කියලා. ඒක කොලයේ අග ඉඳලා මුලට එහෙම ඇද්දොත් දැලි පිහියෙන් වගේ අත කැපෙනවා. ඒ වගේ තමයි මේ කුස කියන අර්ථයෙන් කියවෙන අකුසල ධර්ම.

කුච්චිතේන ආකාරේන නින්දිත වූ පහත් වූ ආකාරයෙන් සිත තුළ හට ගන්නා දේට කියනවා කුසා කියලා. දැන් ලෝභය කියන්නෙ නින්දිත දෙයක්, ද්වේශය කියන්නෙ නින්දිත දෙයක්, මෝහය කියන්නෙ නින්දිත දෙයක්, මාන්නය කියන්නෙ නින්දිත දෙයක්. ඔය වාගේ අකුසල කියන ජාතිය බොහෝම නින්දිතයි, තුච්ඡුයි, ඒ වාගේම අපිරිසිදුයි, අඳුරුයි, ඒවා පාපකේ ධම්මේ සලයන්ති - ගොයම් කපන්නා වගේ හිතින් කපා දානවා, චලයන්ති - සොලවලා දානවා, කම්පෙන්ති - කම්පනය කරනවා, විද්දංසෙන්ති - විනාශ කරනවා. එහෙම ඒ කුස සංඛ්‍යාත ලෝභ දෝස මෝහ ආදී පාප ධර්මයන් සලනය, චලනය, කම්පනය, විද්දංසනය කරන්නේ යමක් ද, ඒකට කියනවා ‘කුසල’ කියලා. ඒ නිර්වචනෙ.

එතකොට දැන් තේරුම් කරගන්න පහසුයි කවර හෝ හිත පිරිසිදු කරන දෙයක් කරන වෙලාවක් නම් ඒ හිතේ පහළ වෙන්නෙ සෝභන චෛතසික ධර්මයන්. සෝභන චෛතසික ධර්මයන් හිතේ පහළ වෙනකොට සිතේ කෙළෙස් අඳුර දුරු වෙනවා, ඒ වගේම සෝභන ධර්මයන් පහළ වීමෙන් සිත ආලෝක වෙනවා. ඒ නිසා එකම සිතට කෙළෙස් අඳුර දුරුවන අර්ථයෙන් කුසල කියනවා. හිත ආලෝකමත් වන අර්ථයෙන් පින කියලා කියනවා. මේ දෙක වචන දෙකක් මිසක් ධර්මතා දෙකක් නොවෙයි.

දැන් නිදසුනක් වශයෙන් කියනව නම් ඔය පිනය, කුසලය කියන මේ වචනය පරමාර්ථ වචනයක්. සම්මුති වචන නොවේ. මේ පරමාර්ථ වචන යෙදෙන්නේ ඒ ඒ දෙයෙහි තියෙන ක‍්‍රියාකාරීත්වය අනුවයි. ක‍්‍රියාකාරීත්වය අනුව කියන්නේ හැම දේකටම තියෙනවා යම්කිසි ක‍්‍රියාකාරී බවක්. ඒ ක‍්‍රියාකාරී බව නිසා ඒ නමක් ලැබෙනවා.

අපි සිතා බලමු සිත ගැනම. සිතේ තියෙනවා ක‍්‍රියාකාරීකම් දහයක්. සිතේ ක‍්‍රියාකාරීකම් දහයක් නිසා සිතට නම් දහයක් තියෙනවා. මෙන්න මතක තියා ගන්න සිතේ නම් දහය.
චිත්තං, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, විඤ්ඤාණං, විඤ්ඤාණඃඛන්දෝ, මනෙන්ද්‍රියං, තජ්ඣා, මනෝ විඤ්ඤාණ ධාතු.
තේරුම් දහයක් තියෙනවා. ඒ දහය සිත් දහයක් නොවෙයි. එකම සිතට කියන්න පුලූවන් නම් දහයක්. එකම සිතට ඇයි මේ නම් දහයක් තියෙන්නේ? එකම සිතේ තියෙනවා ක‍්‍රියාකාරීකම් දහයක්. ඒවාට කියනවා යාථාව සරස ලක්ඛණ කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන ස්වකීය කෘත්‍ය ලක්ෂණය හැම දේකටම තියෙනවා.

දැන් අපි හිතමු ප‍්‍රඥාව. ප‍්‍රඥාවේ ක‍්‍රියාකාරීකම් තියෙනවා තිහක්. ඒ නිසා ප‍්‍රඥාවට නම් තිහක් තියෙනවා. එතකොට ඒ නම් වලින් වෙන වෙන ධර්මතා නොවෙයි, එකම ප‍්‍රඥාව හඳුන්වන්න නම් තිහක් තියෙනවා.

තෘෂ්ණාව ගැන, තෘෂ්ණාවේ ක‍්‍රියාකාරීකම් තියෙනවා සියයක්. එච්චර ක‍්‍රියාකරන දෙයක් වෙන ඇත්තේ නෑ. තෘෂ්ණාවේ ක‍්‍රියාකාරීකම් සියයක් නිසා නම් සියයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ධර්මතා සියයක් නොවෙයි එකම තෘෂ්ණාවට කියන නම් සියයක්. ඒ වාගේ එකම කුසල් සිතට, එකම පින් සිතට මේ නම් දෙක පාවිච්චි කරනවා.

ඒ නිසා අර පහනක් දැල්වීමෙන් අඳුර නැසීමයි, ආලෝකය පැතිරීමයි දෙකම පෙර පසු නොවී සිදුවෙනවා වගේ කුසල ක‍්‍රියාවක යෙදෙන යෙදෙන වාරයක් ගානෙ හිතේ පහළ වෙනවා මේ අර්ථ දෙක. හිත පිරිසිදු කරන අර්ථයෙන් පින, හිතේ අකුසල අඳුර දුරු කරන අර්ථයෙන් කුසලය. මෙය පිනය, කුසලය කියලා අපේ බොහෝ දේශකයන් වහන්සේලා විවිධාකාරයෙන් විග‍්‍රහ කරනවා. ඒක නිකං නිෂ්ඵල විග‍්‍රහයක් බව අපට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා අපේ පින්වත් සෑම දෙනාම තේරුම් කරගනිමු අපි කරන සෑම යහපත් දේකදීම පිනයි කුසලයයි කියන අර්ථ දෙකම එකම කුසල් සිතේ සිද්ධ වෙන බව."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll