Q. සෘජු උඩු කයෙන් තොරව ආනාපාන සතිය කරන්න බැරිද? හුස්ම රැල්ල අත් දෑකීම අනුව නම් ඍජු උඩු කයකින් තොරවද අල්ලත ඈකි බවය. මට යමක් පැටලිලාද?
A / R. “උජුං කායං පණිධාය” යන්න භාග්‍යවතුන්වහන්සේගේ නිර්දේශයක් බැවින් එය සිදුකල යුතු ම ය (It’s a must).
එසේ සිදුකරන්නේ (බොහෝ වෙලා වාඩි වී සිටීම නිසා), 18ක් වූ කශේරුකාවෙහි අස්ථි ඍජුව තබාගැනීමෙන් සම්-මස්-නහර නැමීම් තෙරපීම් ආදිය වීමෙන් කලින් කල ඇතිවන වේදනා නූපදිමටත්, එමඟින් සමාධිය ඇතිවීමට බාධා නොවීම පිණිසත්, කමටහන වැඩීමට උපකාර පිණිසත් ය.
A / R. “උජුං කායං පණිධාය” යන්න භාග්‍යවතුන්වහන්සේගේ නිර්දේශයක් බැවින් එය සිදුකල යුතු ම ය (It’s a must).
එසේ සිදුකරන්නේ (බොහෝ වෙලා වාඩි වී සිටීම නිසා), 18ක් වූ කශේරුකාවෙහි අස්ථි ඍජුව තබාගැනීමෙන් සම්-මස්-නහර නැමීම් තෙරපීම් ආදිය වීමෙන් කලින් කල ඇතිවන වේදනා නූපදිමටත්, එමඟින් සමාධිය ඇතිවීමට බාධා නොවීම පිණිසත්, කමටහන වැඩීමට උපකාර පිණිසත් ය.
(“උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුකං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසනහාරූනි න පණමන්ති. අථස්ස යා තෙසං පණමනපච්චයා ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජෙය්යුං, තා න උප්පජ්ජන්ති. තාසු අනුප්පජ්ජමානාසු චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං න පරිපතති, වුද්ධිං ඵාතිං උපගච්‌ඡති.”)
[එහි ඇති (වෛද්‍ය) විද්‍යාත්මක උපයෝගීතාවය ඔබ ම දන්නා බව සිතමු.]
[එහි ඇති (වෛද්‍ය) විද්‍යාත්මක උපයෝගීතාවය ඔබ ම දන්නා බව සිතමු.]
එසේම වීර්යයක් හා සිහියක් නොමැතිව ඍජු උඩු කයක් පවත්වාගත ද නොහැක; එබැවින් එය සිහිය හා වීර්යය වර්ධනය වීමට ද බෙහෙවින් ම උපකාරී වේ.
සතර ඉරියව්වෙන් නිදාගැනීමේ ඉරියව්ව ථීනමිද්ධයට (නින්ද යාමට) හිත බැවින් ද එය අනාපාසතිය සඳහා නොගත යුතු ය.
T. "පච්ඡා භත්තං බතට පසුව, පිණ්ඩපාත පටික්කන්තො පිඬුසිඟා යාමෙන් වෙන්වූයේ, වැළකුනේ, පල්ලංකං ආභුජිත්‍වා ඌරු බද්ධාසනය බැඳ උජුං කායං පණිධාය ශරීරය කෙලින් තබා, දහඅටක් වූ කොඳුඇට කොනින් කොන පිහිටුවා, මෙසේ සිටින්නහුගේ සම්-මස්-නහර නො නැමී කෙළින් සිටී. එකල්හි ඔහුට වරින් වර වේදනා නූපදියි. වේදනා නූපදනා කල්හි සිත එකඟ වෙයි. කමටහන නො පෙරළෙයි. කමටහන් වැඩීමට තරවීමට පැමිණෙයි.
පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා කර්මස්ථානයට අභිමුඛව සිහිය පිහිටුවා, මුඛ සමීපයෙහි හෝ කොට යන අර්ථයි. විභංගයෙහි අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා, නාසිකග්ගෙවා මුඛ නිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යනුවෙන් කීහ. නොහොත් පරීති පරිග්ගහට්ඨො මුඛන්ති නීන්‍යානට්ඨො - සතීති උපට්ඨානට්ඨො තෙන වුචචති පරිමුඛං සතිං’ මෙසේ පටිසම්භිදා මාර්ගයෙහි කී නයින් ද මෙහි අර්ථ දතයුතු. ගන්නා ලද හා නික්මයාම ඇති සිහිය ඇතිව, යනු කෙටි අදහසයි."
"පච‍්ඡාභත‍්තන‍්ති භත‍්තස‍්ස පච‍්ඡතො. පිණ‍්ඩපාතපටික‍්කන‍්තොති පිණ‍්ඩපාතපරියෙසනතො පටික‍්කන‍්තො. පල‍්ලඞ‍්කන‍්ති සමන‍්තතො ඌරුබද‍්ධාසනං. ආභුජිත්‍වාති බන්‍ධිත්‍වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුකං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසනහාරූනි න පණමන්ති. අථස්ස යා තෙසං පණමනපච්චයා ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජෙය්යුං, තා න උප්පජ්ජන්ති. තාසු අනුප්පජ්ජමානාසු චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං න පරිපතති, වුද්ධිං ඵාතිං උපගච‍්ඡති.
පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති කම‍්මට‍්ඨානාභිමුඛං සතිං ඨපයිත්‍වා, මුඛසමීපෙ වා කත්‍වාති අත්‍ථො. තෙනෙව විභඞ‍්ගෙ වුත‍්තං – “අයං සති උපට්ඨිතා හොති සූපට‍්ඨිතා නාසිකග‍්ගෙ වා මුඛනිමිත‍්තෙ වා, තෙන වුච්චති පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා”ති (විභ· 537). අථ වා “පරීති පරිග්ගහට්ඨො, මුඛන‍්ති නිය්‍යානත්‍ථො, සතීති උපට‍්ඨානත්‍ථො, තෙන වුච්චති පරිමුඛං සති”න‍්ති (පටි· ම· 1.164) එවං පටිසම‍්භිදායං වුත‍්තනයෙනපෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. තත්‍රායං සඞ‍්ඛෙපො “පරිග‍්ගහිතනිය්‍යානසතිං කත්‍වා”ති."
T / S. "මේකේ දී සතිපට්ඨානයේ ආනාපාන පබ්බය ගන්න, ආනාපාන පබ්බයේ දී උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා කියලා පර්යංකය බැඳගෙන, කොන්ද ඍජුව තබාගන්න කියනවා. බුදුරජාණන්වහන්සේ මේ ඉරියව්ව දේශනා කරන්නේ අනිත් ඉරියව් වල බැරිකම හින්දා නෙවෙයි, අනිත් ඉරියව් ථීනමිද්ධයට, නිදිමත ගතියට හිත වැඩියි. මේ ඉරියව්ව තමයි නිදිමත ගතිය බොහෝ සෙයින්ම අඩුකරන ඉරියව්ව. වර්තමානයේ විද්‍යානුකූලවත් හොයාගෙන තියෙනවා මේ අපේ කොඳුඇටය පේළිය මැදින් තියෙන මේ සුෂුම්නාව තියෙන්නේ, පොඩි මොළය නැත්නම් මස්තිෂ්කය කියන තැන දක්වා. ඒ සුසුම්නාව කෙලින් තියෙන කොට මේ සිහිය අවදිවීමේ ප්‍රවණතාවය හරි වැඩියි කියනවා. හොඳට කොන්ද ඍජුව තියෙන කොට. ඉතින් ඒ වගේ බුදුරජාණන්වහන්සේ ඒකත් දකින්න ඇති."
(අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ.)