523. සිත කලබල යි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කලබල සිතක් සන්සුන් කර ගැනිම සදහා සුදුසු භවනවක් කියන්න.

A / R. “ධර්ම - විනය දෙක උගෙන තිබෙන බව ය, කැප - අකැප බව පිළිබඳ ව ප්‍ර‍ශ්න කිරීම ය, විනයේ සැටි දැන ගෙන තිබීම ය, වෘඬයන් සේවනය කිරීම ය, විනයධර කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කිරීම ය, කැප අකැප බව පිළිබඳ කථා ය යන මේ කරුණු සය නිසා ද උඬච්චකුක්කුච්ච නීවරණයාගේ නූපදීම හා දුරු වීම සිදු වේ.

(සමාධිය හෙවත් සිතෙහි සන්සිඳීම පිළිබඳ ව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව හේතු කොට නූපන් උඬච්චකුක්කුච්ච නීවරණය නූපදනේ ය. උපන් උඬච්චකුක්කුච්චය දුරු වන්නේ ය.)”]
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/3-5-1-4.html
https://pitaka.lk/main?n=26110&p=19}

{‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං නුප්පජ්ජති උප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං පහීයති යථයිදං, භික්ඛවෙ, චෙතසො වූපසමො. වූපසන්තචිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං නුප්පජ්ජති උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං පහීයතී’’ති. නවමං.

උද්ධච්චකුක්කුච්චප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිතෙහි සංසිඳවීම නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය හෝ නූපදීද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණ කුදු මම නොම දකිමි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් විනාසයට යයි.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll