540. බුදුබණ, කවිබණ හා විරිඳුබණ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධම්මචක්ක සූත්‍රය ඉතා ඉමිහිරි සංගීතයක් සමග සජ්ජායනය කරනව අසා තිබේ. එය සුදුසුද? (සංගීත / කවි / සිංදු / ගීත / ගීතිකා / පද්‍ය ...?)

A / R. “ටින් එකකට ලෑල්ලකට තට්ටු කිරීමේ පටන් සියලු ම වැයුම් කිරීමෙන් ද කරවීමෙන් ද අසන්නට යාමෙන් ද දුකුළා ඇවැත් වේ.”

A / R. {“න භික්ඛවෙ ආයතකෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො, යො ගායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
මහණෙනි, දික් වූ ගීතස්වරයෙන් ධර්මය ගායනය නො කළ යුතු ය. යමෙක් ගායනා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ශාසනයෙහි සූත්‍ර‍ධර්ම කීමේ ක්‍ර‍මයක් ද, ජාතක කථා කීමේ ක්‍ර‍මයක් ද, ගාථා කීමේ ක්‍ර‍මයක් ද ඇත්තේ ය. ඒවා විනය අටුවාවෙහි “වත්” යන නමින් දක්වා ඇත. ඒ වත් බිඳ වචනය නැසෙන ලෙස අකුර නැසෙන ලෙස පමණට වඩා දික් කොට කීමෙන් ඇවැත් වේ. පමණට වඩා දික් කොට කියන කල්හි සමහර විට වචනය මැදින් කැඩී තේරුම් ගත නො හැකි වෙයි. එය වචනය නැසීම ය. පමණට වඩා දික් කොට කියන කල්හි අකුර ද වීණාශබ්දාදියක් මෙන් වී තේරුම් ගත නො හැකි තත්ත්වයට පැමිණේ. එය අකුර විනාශ වීම ය. මේ සිකපදය පැන වූ පසු භික්ෂූන්ට හඬ නඟා ධර්මය කීමෙන් ද ඇවැත් වේ දෝයි සැක ඇති විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤං.” යනුවෙන් සරභඤ්ඤය අනුදැන වදාළ සේක.”}

["දුක්කට (නොනිසි සේ කරන ලද්ද)" | “සරභඤ්ඤ” යනු ශබ්ද නඟා හොඳින් කීම ය."]

A / R. {“මහණෙනි, යම් ගී කීමක් වේ නම්, ඒ ගී කීම ආර්‍ය්‍ය විනයෙහි හැඬීමකි.”}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll