Q. උරුවෙල් කාශ්‍යප දමනය වූ කතා වස්තුව ඇතුලත් සූත්‍ර දේශනාව සඳහන් කරන්න පුලුවන්ද?
A / R. (භද්‍රවර්ගික වූ යහළුවන්ගේ කථාවස්තුව නිමි. දෙවන බණවර නිමි.)
“1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල්දනව්වට වැඩිසේක. ඒ කාලයෙහි උරුවෙලාවෙහි උරුවෙලකාශ්‍යප නදීකාශ්‍යප ගයාකාශ්‍යප යි ජටිලයෝ තිදෙනෙක් වාසය කරත්. ඔවුන් අතුරෙන් උරුවෙලකාශ්‍යපජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වේ. (තම ලබ්ධිය ගන්වන බැවින්) විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. නදීකාශ්‍යප ජටිල තෙමේ තුන්සියයක් ජටිලයන්ට නායක වේ. විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. ගයාකාශ්‍යප ජටිල තෙමේ දෙසියයක් ජටිලයන්ට නායක වේ. විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. ….”
"2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙලකාශ්‍යපජටිලයාගේ අසපුවට වැඩිසේක. වැඩ “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාළ සේක. “මහාශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙණ විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (උරුවෙලකාශ්‍යප තෙමේ කී ය). දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවෙලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නො වේ නම්, එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි වදාළ සේක. “මහා ශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙණ විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. හේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (කි ය). තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවෙලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඔබට කිසි බරක් නො වේ නම්, එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි වදාළසේක. “මහා ශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙණ විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. හේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (කී ය). “මා නො පෙළන්නේ නම් මැනවි. කාශ්‍යපය, ඔබ ගිනිහල්ගෙය අනුදතමැනැවැ” යි වදාළසේක. (එවිට කාශ්‍යප තෙමේ) “මහාශ්‍රමණය, සැප සේ වාසය කරව” යි කීයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුල් ව තණඇතිරිය පණවා පලඟ බැඳ කය කෙළින් තබා සිහිය එළවා වැඩ හුන්සේක. ..."
"3. එකල්හි ඒ නාගතෙමේ (ගිනිහල්ගෙට) ඇතුල් වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක නො සතුටු සිත් ඇත්තේ තදින් දුමා ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “මම මේ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සියතෙදින් ඔහුගේ තෙද නසන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ ඍද්ධියක් කොට තදින් දුමා ගියහ. එකල්හි ඒ නාග තෙමේ කොපය නො ඉවසන්නේ වැඩියක් ඇවිළ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ ද තෙජොධාතුවට සමවැද වැඩියක් ඇවිළ ගත්හ. දෙදෙනා ගිනිදැල් සහිත වූ කල්හි (ඇවිළ ගත්කල්හි) ගිනිහල්ගෙය ගින්නෙන් ඇවිළ ගත්තා සේ වෙයි. හාත්පසින් දිලිසුනේ වෙයි. ගිනිදැල් සහිත වෙයි. එකල්හි ඒ ජටිලයෝ ගිනිහල්ගෙය පිරිවරා “භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන් නාගයා විසින් වෙහෙසෙනුලැබේ ය” යි කීහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් ඒ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සිය තෙදින් ඔහුගේ තෙද අබිබවා පාත්‍රයෙහි බහා “කාශ්‍යපය, මේ තාගේ නාගතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් අභිභවනය කරණලදැ”යි උරුවෙලකාශ්‍යපජටිලයාහට දැක්වූහ. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලයාහට “යමෙක් චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙණ විස ඇති දරුණු විස ඇති නාරජුගේ තෙද සියතෙදින් නසන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි මේ අදහස වී ය." ...
http://www.thripitakaya.org/tipitakaya/Index/1057?s=24011
https://pitaka.lk/bjt/newbooks/4/VP04_Page_126.jpg