Q. 1. බුදු රජාණන්වහන්සේ ලා වීර්‍යාධික, ප්‍රඤාධික ආදී වශයෙන් සිටින බව අසා තිබෙනවා. ඊට අමතරව තවත් ආකාර තිබේද?
2. අසම සම ලෙස හැඳින්වෙන උන්වහන්සේලා එසේ වෙනස් වන්නේ කෙසේද?
A / R. 1. "තුන්තරා බෝධිය
නිවන් ලැබිය හැකි වනුයේ ආර්‍ය්‍ය මාර්ගඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීමෙනි. චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ලෝකෝත්තර මාර්ගඥානයට බෝධියයි කියනු ලැබේ. එය සම්‍යක්සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය ය, ශ්‍රාවකබෝධිය යයි තෙවැදෑරුම් වේ.
එයින් ලොවුතුරා බුදුවරයන් විසින් ලබන්නා වූ සර්වඥත්වාදි අනේක ගුණයන්ට ආධාර වූ ලෝකෝත්තර මාර්ග ඥානය සම්‍යක් සම්බෝධි නමි. පසේ බුදුවරයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍රත්‍යේක සම්බෝධි නමි. බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ශ්‍රාවක බෝධි නමි.
සම්බෝධියට පැමිණීම සඳහා පිළිවෙත් පුරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධි තුනක් වන බැවින් බෝධීන්ගේ වශයෙන් බෝධිසත්ත්වයෝ ද තිදෙනෙක් වෙති. ලොවුතුරා බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තේ මහා බෝධිසත්ත්ව නමි. පසේ බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තේ ප්‍රත්‍යේක බෝධිසත්ත්ව නමි. ශ්‍රාවක බෝධිය සඳහා පෙරුම් පුරන තැනැත්තේ ශ්‍රාවක බෝධිසත්ත්ව නමි.
බෝධිසත්හු වනාහි ප්‍රඥාධිකයෝ ය, ශ්‍රද්ධාධිකයෝ ය, වීර්‍ය්‍යාධිකයෝ ය යි තුන් කොටසක් වෙති. ඔවුන් අතුරෙන් ප්‍රඥාධික මහා බෝධිසත්ත්වයෝ සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. ශ්‍රද්ධාධික මහාබෝධි සත්ත්වයෝ අෂ්ටාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවෙති. වීර්‍ය්‍යාධික මහාබෝධි සත්ත්වයෝ සොළොස් අසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්බුද්ධත්වයට පැමිණෙති. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් අතුරෙන් ප්‍රඥාධිකයෝ ද්වයාසංඛ්‍යකල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. සෙස්සෝ ද්වයා සංඛ්‍ය කල්ප ලක්ෂයකට මඳක් වැඩි කාලයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ වනාහි අග්‍ර ශ්‍රාවකයෝ ය, මහා ශ්‍රාවකයෝ ය, ප්‍රකෘති ශ්‍රාවකයෝ ය යි තුන් කොටසකි. අග්‍රශ්‍රාවකත්වයට පැමිණෙන්නවුන් විසින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. මහා ශ්‍රාවකයන් විසින් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ පෙරුම් පිරීම පිළිබඳ කාල නියමක් නැත්තේ ය."
A / R. 1. "පාරමී සම්පාදන කාලය
එක් සමයෙක් හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොවුතුරා බුදුවරයන්ගේ ප්‍රාර්ථනය කෙතෙක් කල් කරන්නට වටනේ දැ"යි විචාළහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක් "බුද්ධානං ආනන්ද හෙට්ඨිම පරිච්ඡේදෙන චත්තාරි අසංබෙය්‍යානි කප්පසතසහස්සඤ්ච, මජ්ඣිම පරිච්ඡෙදෙන අට්ඨඅසංබෙය්‍යානි කප්පසතසහස්සඤ්ච් උපරිම පරිච්ඡෙදෙන සොළස අසංබෙය්‍යානි කප්පසතසහස්සඤ්ච" යනුවෙන් "ආනන්දය, බුදුවරුන්ගේ ප්‍රාර්ථනය යටත් පිරිසෙයින් අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අසංඛ්‍ය අටක් හා කල්ප ලක්ෂයක් ද, උඩත් පිරිසෙයින් අසංඛ්‍ය සොළසක් හා කල්ප ලක්ෂයක් ද කළ යුතු වන්නේ ය"යි වදාළ සේක.
මෙහි ප්‍රාර්ථනය වශයෙන් දක්වන ලදුයේ පැරුම් පුරමින් බුදු බව පැතිය යුතු කාලය ය. ප්‍රඥාව ය, ශ්‍රද්ධාව ය, වීර්‍ය්‍යය ය යන මෙ ධර්ම තුන බුදු බව ලැබීමෙහි බල පවත්වන්නා වූ බුදු බව ලැබීමට අතිශයින් උපකාරී වූ ධර්ම තුනෙකි. ඒ ධර්මයෝ බෝසතුන් කෙරෙහි සම ව නො පිහිටති. එබැවින් ප්‍රඥාධික ය. ශ්‍රද්ධාධිකය, වීර්‍ය්‍යාධිකය යි බෝසත්හු තිදෙනෙක් වෙති. ප්‍රඥාධික බෝසත්නට ශ්‍රද්ධාව මඳය. වීර්‍ය්‍යය මධ්‍යම ය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයනට ප්‍රඥාව මධ්‍යම ය. වීර්‍ය්‍යය මඳ ය. වීර්‍ය්‍යාධික බෝධිසත්ත්වයනට ප්‍රඥාව මඳය. ශ්‍රද්ධාව මධ්‍යම ය. ප්‍රඥාධික බෝධිසත්ත්වයෝ චතුරසංඛ්‍යය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයෝ අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති. වීර්‍ය්‍යාධික බෝධිසත්ත්වයෝ ෂෝඩාශාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති.
අන්තඃකල්පය ය, අසංඛ්‍ය කල්පය ය, මහා කල්ප යයි කල්ප තෙවැදෑරුම් වේ. පැරුම් පිරීමේ කාල ප්‍රමාණය ගනුයේ මහා කල්පවලිනි. එය අති දිර්ඝ කාලයෙකි. එහි ප්‍රමාණය උපමාවෙන් මිස වර්ෂ සංඛ්‍යා වලින් නො දැක්විය හැකි ය. දිග පුළුලින් හා ගැඹුරෙන් යොදුන බැගින් ඇති කොටුවක පිර වූ අබවලින් සිය වසකට එක අබ ඇටය බැගින් ගන්නා කල්හි ඒ කොටුවේ අබ හිස්වීමට ගතවන කාලය කෙටි බවත් කල්පය දිග බවත් බුදුන් වහන්සේ වදාළ සේක.
අසංඛ්‍ය යනු ගණන් අතුරෙන් වැඩි ම ගණන ය. ඒ මෙසේ දතු යුතු. ලක්‍ෂ සියය කෝටිය ය. කෝටි ලක්‍ෂ සියය ප්‍රකෝටිය. ප්‍රකෝටි ලක්‍ෂ සියය නහුතය ය. නහුත ලක්‍ෂ සියය නින්නහුත ය ය. නින්නහුත ලක්‍ෂ සියය අක්ෂෝභිණිය ය. අක්ෂෝභිණි ලක්‍ෂ සියය බින්දුව ය. බින්දු ලක්‍ෂ සියය අබ්බුදය ය. අබ්බුද ලක්‍ෂ සියය නිරබ්බුද ය ය. නිරබ්බුද ලක්‍ෂ සියය අහහය ය. අහහ ලක්‍ෂ සියය අබබය ය. අබබ ලක්‍ෂ සියය අටටය ය. අටට ලක්‍ෂ සියය සෝගන්ධිකය ය. සෝගන්ධික ලක්‍ෂ සියය උප්පලය ය. උප්පල ලක්‍ෂ සියය කුමුදය ය. කුමුද ලක්‍ෂ සියය පුණ්ඩරිකය ය. පුණ්ඩරික ලක්‍ෂ සියය පදුමය ය. පදුම ලක්‍ෂ සියය කථානය ය. කථාන ලක්‍ෂ සියය මහා කථානය ය. මහා කථාන ලක්‍ෂ සියය අසංබෙය්‍යය ය. මෙය සංඛ්‍යා ක්‍රමය පිළිබඳ එක් ආචාර්‍ය්‍ය මතයෙකි. තවත් ආචාර්‍ය්‍ය වරයන් විසින් මෙයට වෙනස් ලෙස ද සංඛ්‍යා ක්‍රමය දක්වා තිබේ.
චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂාදි වශයෙන් දැක්වෙන කාලයන් පිරිසිඳිනුයේ අභිනීහාරයේ පටන් ය."
A / R. 2. "අනුත්තරො
තථාගතයන් වහන්සේ ගුණයෙන් තමන්වහන්සේට වඩා විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.
ඒ එසේ මැ යි :- උන්වහන්සේ ශීල ගුණයෙන් ද, සමාධි ගුණයෙන් ද, ප්‍රඥා ගුණයෙන් ද, විමුක්ති ගුණයෙන් ද, විමුක්ති ඥානදර්‍ශන ගුණයෙන් ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ සිටින සේක. උන්වහන්සේ ඒ ශීලාදි ගුණයෙන් තමන් හා සමයක්හු නැති බැවින් අසම සේක. අසම වූ අතීත බුදුවරයන් හා සම බැවින් අසමසම සේක. තමන් රුව බඳු ප්‍රතිමා ද නො කට හැකි බැවින් අප්‍රතිම සේකත වදාළ “සතිපට්ඨානාදි ධර්‍ම එසේ නොවේය” යි පෙරලා ප්‍රතිපක්‍ෂ විය හැකි පුද්ගලයකු නැති බැවින් අප්‍රතිභාග සේක. “තෝ බුදු නොවෙයි මම බුදුමි”යි සිටිය හැකි ප්‍රතිපක්‍ෂ පුද්ගලයකු නැති බැවින් අප්‍රතිපුද්ගල සේක. (මෙහි ශීලාදි ගුණයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රයහ. විමුක්තිඥාන දර්‍ශනය වනාහි ලෞකික ම වේ. කාමාවචර ම වේ. එසේ කල්හි “සදෙවකං ලොකං අභිභවති” යනු කෙසේද යත්? අනුභාවයෙන් අසදෘශ බැවිනි. හෙතෙමේ විෂය හෙයින් ප්‍රවෘත්ති ආකාර හෙයින් උත්තරීතර වූයේ අනන්‍ය සාධාරණ වූයේ තථාගතයන් ගේ විමුක්ති ගුණය අරමුණු කොටැ පවත්ති. පවත්නේ ද ප්‍රතිපක්‍ෂයන් සුප්‍රහීණ බැවින් අතර්‍කාවචර වූ පරම ගම්භීර වූ සූක්‍ෂම විෂය මනාකොට ප්‍රකට ම කෙරෙමින් පවත්නේ ය. මනාකොටැ වසීතාවයට පැමිණ වූ බැවිනුදු භවාඞ්ග පරිවාසය අපරිත්‍යක්ත බැවිනුදු ලඝුවැ පවත්ති යනු සන්න යි.)
වදාළේ මැයි
“න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අත්තනා සීලසම්පන්තතරං”[1] යනාදීන්.
‘දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් - දෙවි - මිනිසුන් සහිත ප්‍රජායෙහි මට වඩා ශීල සම්පන්නතරයකු මම නොදක්නෙමි.’ යනු එහි අර්‍ථ යි. සමාධි - ප්‍රඥා විමුක්ති විමුක්ති ඥානදර්‍ශන පිළිබඳව ද මෙසේ මැ යි.
අග්ගප්පසාද සූත්‍රාදියෙනුදු මේ අර්‍ථය දැක්විය යුතු. “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්‍විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා තථාගතො තෙසං අග්ග මක්ඛායති අරහං සම්මා සම්බුද්ධො, යෙ භික්ඛවෙ බුද්ධෙ පසන්තා අග්ගෙ තෙ පසන්තා අග්ගෙ ඛොපන පසන්තානං අග්ගො විපාකො හොති” යනු “අග්ගප්පසාද”[2] සූත්‍ර යි. ‘මහණෙනි! අපාද වූ හෝ ද්විපාද වූ හෝ චතුෂ්පාද වූ හෝ බහුපාද වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤි වූ හෝ අසඤ්ඤී වූ හෝ නේවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්‍ව කෙනෙක් වෙද් ද තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ ඒ සියලු සත්ත්‍වනට අග්‍රයහීයි කියනු ලැබෙති. මහණෙනි! යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වුහු නම් ඔව්හු අග්‍රයෙහි පහන් වූවෝ ය.
“න මෙ ආවරියො අත්‍ථි - සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං - නත්‍ථි මෙ පටිපුග්ගලො”[3]
යන ගාථායෙනුදු මේ අර්‍ථය දැක්විය යුතු ය. “මට ආචාර්‍ය්‍යයෙක් නැත. මට සමානයෙක් ද නැත. දෙවියන් සහිත ලෝකයෙහි මට ප්‍රතිවිරුද්‍ධයෙක් ද නැත” යනු එහි අර්‍ථ යි."