Q. අවසරයි, බුදු රජාණන් වහන්සේගේ පිළිම වහන්සේලාගේ හොඳින් වැඩී උඩට බැඳ ඇති (මෞළිය සහිත) කේශ ධාතූන් නිතරම දක්වා තිබෙනවා. ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව එලෙසින් හිසකේ උඩට බැඳ තිබූ උතුමෙකු ද? ඇයි එසේ නම් ශ්‍රාවකයන් වහන්සේලාට හිසකේ බාන හැටියට කියා ඇත්තේ?
නැත්නම් එය පිළිම වහන්සේ නිර්මාණය කරන අයගේ වරදක් ද?
A / R / R. "න භික්ඛවෙ දීඝා කෙසා ධාරෙතබ්බා, යො ධාරෙය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ දුමාසිකං වා දුවංගුලං වා - මහණෙනි, දික් හිසකේ නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැඩුණු කල්හි හෝ හිසකේ කැපීම අනුදනිමි."
පහත අටුවා කොටස කියවන්න...
