361. ශුෂ්ක විදර්ශක?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධර්මයේ ශූෂ්ක විදර්ශක නමින් රහතන් වහන්සේලා සදහන් වෙිද?

A / R. “ඇවැත් සුසීමය අපි වනාහි ප්‍රඥාවෙන් මිදුනෝ වෙමු. (ශුෂ්කවිදර්ශකයෝ වෙමු) මම මේ ආයුෂ්මතුන් විසින් කෙටියෙන් කියන ලද්දාහුගේ අදහස විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම මේ ආයුෂ්මතුන් කෙටියෙන් කියනලද කීමේ අදහස විස්තර වශයෙන් දැනගන්නෙම්ද එසේ මට ආයුෂ්මත්හු කියාදෙත්වා ඇවැත් සුසීමය නුඹ දැනගත්තෙහි හෝ වේවා. නුඹ දැන නොගත්තෙහි හෝ වේවා. එතකුදු වුවත් ප්‍රඥාවෙන් මිදුනෝ වෙමු (ශුෂ්කවිදර්ශකයෝ වෙමු)යි කීහ.”
https://pitaka.lk/?node=221079&coll=cs,aps

ශුෂ්කවිදර්ශකයෝ = ප්‍රඥාවෙන් මිදුනෝ? → “කවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමොක්ෂයන් (නාම) කයින් ස්පර්ශ කොට නො මැ වෙසෙයි. එතෙකුදු වත්, ප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.”
http://www.thripitakaya.org/tipitakaya/Index/1105?s=24070

අෂ්ටවිමොක්ෂයන්? ↓
https://pitaka.lk/?node=16116&coll=cs,aps
https://pitaka.lk/?node=16116&para=130&coll=cs,aps
https://pitaka.lk/?node=171910&para=339&coll=cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll