832. රහතන්වහන්සේලාට ශ්‍රද්ධාව නැත?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රහතන්වහන්සේලාට ශ්‍රද්ධාව නොමැති බව ධර්ම දේශනාවකින් ඇසුවා. මෙය සත්‍යක්ද?

A / R. රහතන්වහන්සේලාට ද ශ්‍රද්ධාව ඇත.

"අර්හත් ඵලස්ථයාගේ සිත් 44-

අහේතුක 18, මහා විපාක 8, මහා ක්‍රියා 8, මහග්ගත ක්‍රියා 9, අර්හත් ඵල සිත යන මේවා ය."

(ධ්‍යාන නො ලැබූ සාමාන්‍ය සත්ත්වයන් ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේ දී මහග්ගත සිත් හැර සිත් ගණන ගත යුතු ය.)"

R. "ශෝභන චෛතසිකයන් අතුරෙන් ශෝභන සාධාරණ චෛතසික දහනවය: කෙටි ක්‍ර‍මයෙන් පනස් නවයක් වූද, විස්තාර ක්‍ර‍මයෙන් අනූ එකක් වූ ද සියලු ම ශෝභන සිත්වල වෙනසක් නැති ව යෙදේ."

[R. "අකුශල සිත් (12) දොළොස ය, අහේතුක සිත් (18) අටළොස ය යන සිත් තිසට අශෝභන සිත් යයි කියනු ලැබේ. මතු කියනු ලබන එක් ක්‍ර‍මයකින් (59) එකුන් සැටක් වූ ද, තවත් ක්‍ර‍මයකින් (91) එක් අනූවක් වූ ද සිත්වලට සෝභන සිත් ය යි කියනු ලැබේ."]

{R. "ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍ර‍හය

අන්‍යසමාන දහතුන ය, අප්‍ර‍මාණ්‍ය හැර ශෝභන චෛතසික තෙවිස්ස ය යන මේවා ලෝකෝත්තර සිත් වල යෙදෙන චෛතසිකයෝ ය. එහි ද චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යානයන්ගේ වශයෙනි.

ලෝකෝත්තර ප්‍ර‍ථම ධ්‍යාන සිත් අටෙහි අන්‍ය සමාන තෙළෙස ය, අප්‍ර‍මාණ්‍ය හැර ශෝභන චෛතසික තෙවිස්ස ය යන චෛතසික තිස් හය යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් අටෙහි විතර්කය හැර ඉතිරි චෛතසික තිස් පහ යෙදේ. තෘතීය ධ්‍යාන සිත් අටෙහි විතර්ක, විචාර දෙක ම හැර චෛතසික තිස්හතරක් යෙදේ. චතුර්ථ ධ්‍යාන, පඤ්චම ධ්‍යාන සිත් දහසයෙහි විතර්ක, විචාර, ප්‍රීති හැර චෛතසික තෙතිසක් යෙදේ." T / R.}

R. "ශෝභන සාධාරණ චෛතසික එකුන්විස්ස

සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ චෛතසික එකුන්විස්ස ශෝභන සාධාරණ චෛතසිකයෝ ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll