873. පුර පසළොස්වක පෝය දවස බලවත් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සාමාන්‍ය දවසක කරන පිං/කුසල් කිරීම සහ පසොළොස්වක පෝය දවසට කිරීම අතර ආනිසංසමය වශයෙන් අඩුවැඩි වීමක් තියෙන බව ධර්මයේ සඳහන් වෙනවද? කියල දෙන්නකො.

A / T. 1. පුර (පසළොස්වක) සඳෙහි සිතට (ධනාත්මකව / සෘණාත්මකව) බලපෑම් කරන හැකියාවක් ඇත.

[පුර (පසළොස්වක) සඳෙහි මෙන් ම, ඇතැම් දිශාවන්හි ද ඇතැම් ස්ථානයන්හි ද ඇතැම් ශාකයන්හි (“බෝධීන්”හි) ද ඇතැම් පුද්ගලයන්ගේ ද ඇතැම් කාලවල ද ... සිතට (ධනාත්මකව / සෘණාත්මකව) බලපෑම් කරන හැකියාවක් ඇත.]

2. සියලු ම බුදුවරු උපදින්නේ ද බුදුවන්නේ ද පිරිනිවන් පාන්නේ ද පුර පසළොස්වක දිනක දී ය.

3. පුර පසළොස්වක දින දී සිදු වූ / සිදු වෙන බොහෝ සුවිශේෂී සිදුවීම් ඇත.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll