70. තියෙන්නෙ කොහෙ ද? (I)

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ‘‘තිට්‌ඨන්‌තෙ නිබ්‌බුතෙ චාපි, සමෙ චිත්‌තෙ සමං ඵලං;
චෙතොපණිධිහෙතුහි, සත්‌තා ගච්‌ඡන්‌ති සුග්‌ගතිං(ති)”

"ඒ උතුම් ගුණ දරණ බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිය ද, නොසිටිය ද, උන් වහන්සේලාගේ උතුම් ගුණ සිහිකොට ජීවමාන වූ කලෙක ලෙසින් ම බලවත් ශ්‍රද්ධා පිහිටුවා වන්දනා මාන කරයි ද, උපස්ථානාදිය සිදු කරයි ද චිත්තප්‍රසාදය සමාන වන බැවින් ඒ තැනැත්තාට ඒ කුසලය හේතුවෙන් ලැබෙනා කුසල විපාකය ද සමාන වේ. උතුම් බුද්ධාදී උතුමන් කෙරෙහි සිත පහදවා ගැනීම හේතු කරගෙන සත්වයන් සුගතියට යන්නාහ යනු බුද්ධාවවාදයයි."

Aපීත විමාන කථාව.
(සුත්තපිටක » ඛුද්දකනිකාය » විමානවත්ථුපාළි » ඉත්ථිවිමානං.)
1. ධම්මපද අට්ඨකතා > 14. බුද්ධ වග්ග > 196
2. ජාතක අට්ඨකතා > සත්තක නිපාත > 143
3. විමාන වත්ථු අට්ඨකතා > ඉත්ථි විමාන > 806

[806. ‘‘තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි, සමෙ චිත්තෙ සමං ඵලං;
චෙතොපණිධිහෙතු හි, සත්තා ගච්ඡන්ති සුග්ගතිං.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll